වියලුව වාර්තාකරු
සහන සේවය සඳහා වෙනත් සේවා ස්ථානයක සේවයට වාර්තා කළ නිලධාරිනියක සිය දින තුනක සේවය නිමවා ආපසු නිවස බලා යද්දී සහන සේවයේ නිරතව සිටි ආයතනයේ අලංකාරය සඳහා වගා කර තිබූ මල් පෝච්චි දෙකක් ද තමන් පැමිණි වාහනයේ පටවාගෙන ගිය බව කියවෙන පුවතකි.

අදාළ ආයතනයේ ආරක්ෂක නිලධාරියකු පැවසූ අන්දමට හා එම ආයතනයේම නිලධාරීන් පිරිසක් තහවුරු කළ අන්දමට සිද්ධිය මෙසේය.
ඇය එක්තරා ආයතනයක වැදගත් රැකියාවක නිරත වන්නියකි. ඇය සේවය කරන ආයතනයට නුදුරු ආයතනයක සම මට්ටමේ නිලධාරිනියක හදිසි අවශ්‍යතාවක් සඳහා නිවාඩු ලබාගෙන තිබිණි. මේ හේතුවෙන් දින තුනක සහන සේවය සඳහා ඇයට එම ආයතනයේ සහන සේවයේ යෙදීමට සිදුවූයේ සිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු කළ දැනුම්දීමකට අනුවය.
නිසි පරිදි සේවයට වාර්තා කළ ඇය දින තුනක්ම එහි සේවයේ නිරත වූවාය. දින තුනක සේවය නිමා කළ ඇය එහි සේවක පිරිසට සමු දී ආපසු සිය නිවස බලා ගමන් ගත්තේ තමුන් පැමිණි වාහනයෙනි.
හිටි හැටියේම ආයතනයේ පිවිසුම් දොරටුව අසල සිය වාහනය නවතා එයින් බැසගත් ඇය ආයතනයේ අලංකාරය සඳහා අලංකාර ලෙස මල් වගා කර තිබූ විශාල ප්‍රමාණයේ මල් පෝච්චි දෙකක් තම වාහනයට පටවා ගත්තේ එහි සිටි ආරක්ෂක නිලධාරියා පවා තඹයකට මායිම් නොකරමිනි.
ඉහළ නිලධාරිනියක නිසා ආරක්ෂක නිලධාරියා ද කරබාගෙන සිද්ධිය දෙස බලා සිටියේ සිද්ධියට විරෝධය පෑමට ගියහොත් එය තමුන්ගේ රැකියාව අහිමිවීමට ද හේතුවක් විය හැකි යැයි සිතමිනි.
ආරක්ෂක නිලධාරියා එවේලේ විරෝධය නොපෑවද තම සේවා ස්ථානයේ කීපදෙනෙකුටම පසුව සිද්ධිය පවසා සිටියේ තමන්ගේ ගැලවීම වෙනුවෙනි. කනින් කොණින් පැතිරුණු ආරංචිය දිනක් දෙකක් යන්නටත් මත්තෙන් ආයතනයේ ඉහළම නිලධාරියාට ද දැනගන්නට ලැබුණු අතර මේ වනවිට ආරංචිය අදාළ නිලධාරිනිය ස්ථිර සේවයේ යෙදී සිටින ආයතනයේ සේවක පිරිසට පවා ආරංචි වී ඇති අතර, ඇය දැන් රාජකාරි සඳහා වාර්තා කරන්නේ ද සියල්ලට වසන් වෙමින් බව තතු දන්නෝ පවසති.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සහන සේවයට ගිය ලොක්කි ආයතනයේ මල් පෝච්චි පන්නලා