IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සිසු පොළට ආ ප්‍රධාන ආරාධිතයා රුපියල් 10 කින් ඇඟ බේරාගෙන

පේරාදෙණිය – කුමාර රම්බොඩගෙදර
පාසල් දරු දැරියන් විසින් සංවිධානය කරනු ලැබූ සිඟිති පොළ විවෘත කිරීම සඳහා පාසල් තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙන ගරු ගාම්භීරව පොළ භූමියට කැඳවා ගෙන ගිය ප්‍රධාන ආරාධිතයා රුපියල් 10 ක් ලබා දී ගොටුකොළ මිටියක් පමණක් ලබාගත් පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවේ.


මහනුවර ප්‍රදේශයේ විදුහලක දරු දැරියන් විසින් සංවිධානය කරන ලද සිඟිති පොළ විවෘත කිරීම සඳහා නගරයේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු සඳහා ආරාධනා කර තිබිණි. ප්‍රධාන ආරාධිතයා පාසල් තූර්ය වාදක කණ්ඩායම පෙරටු කර ගෙන ගරු ගාම්භීරව පොළ භූමියට කැඳවාගෙන ගියේ මඟ දෙපස රැඳී සිටි මවුපියන්ගේ අත්පොළසන් මධ්‍යයේය.


පොළ භූමියේ සැරිසැරූ ප්‍රධාන ආරාධිතයා එක් වෙළෙඳ කුටියකින් රුපියල් 10 ක් ලබා දී ගොටුකොළ මිටියක් ලබාගෙන ඉවත්ව යාමට සැරසුණු අවස්ථාවේ පුදුමයෙන් ඒ දෙස බලා සිටි සංවිධායක කමිටුව ‘‘තව මොනව හරි ගන්නවා ද සර්’’ කියා ඇසූ විට ‘‘නැහැ මේ ඇති’’ යැයි කියා ඇත.


පසුව ආරාධිත අමුත්තා සංවිධායක කමිටුව විසින් පිළියෙළ කරන ලද තේ පැන් සංග්‍රහයක් ද බුක්ති විඳ මිලදී ගත් ගොටුකොළ මිටිය ද රැගෙන පිටත්ව ගියේ සංවිධාන කමිටුවට ද ස්තුති කරමිනි.



අදහස් (2)

සිසු පොළට ආ ප්‍රධාන ආරාධිතයා රුපියල් 10 කින් ඇඟ බේරාගෙන

mangala Tuesday, 22 November 2022 02:50 PM

හොඳම වැඩේ, හොඳම පාඩමක්. දැන්වත් ඔය ජරාව කන රජයේ නිළධාරින්ටයි දේශපාලුවන්ටයි උත්සව වලට ආරාධනා කරන එක නවත්තලා ගමට රටට වැඩක් කරපු කරන මිනිසුන්ට ආරාධනා කරන්න ඉගෙනගත්තා නම් හරි.

:       0       9

Senarath Wednesday, 23 November 2022 09:19 AM

ගොටුකොල විතරක් එක්ක බත් කන්න බැහැනේ කියලා ,තව මොනවා හරි දෙයකුත් දීලා යවන්න තිබුනේ .ලැජ්ජා නැති මිනිස්සු

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site