IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිසුවාගේ පදේට ගුරුවරියත් හොල්මන්

(තිහගොඩ -  උපසේන ලියනගම)

අට වසරේ සිංහල උගන්වන ගුරුතුමිය විරුද්ධාර්ථ පද පිළිබඳ පාඩමක් කිරීමේදී එක් සිසුවකු දුන් පිළිතුරෙන් ගුරුවරිය අන්දමන්ද වූ පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි.

විරුද්ධාර්ථ පදවල ස්වරූපය කියා දුන් ගුරුතුමිය සිසුනට එබඳු වචන පහ බැගින් ලියන්නට කීවිට එක් සිසුවකු ලියූ පිළිතුරෙහි ”උඩ-යට, අහස-පොළව” යන්න සමඟ ”අම්මා-තාත්තා” ද විය. ගුරුතුමිය කීවේ ”අම්මා-තාත්තා” යනු ස්ත‍්‍රී පුරුෂ ලිංග පද මිස  විරුද්ධාර්ථ පද නොවන බවයි.

”විරුද්ධාර්ථ පද කියන්නෙ එකිනෙකට හාත්පසින් වෙනස් පද. නාම පද ලියන්න එපා” ගුරුතුමිය කීවත් ”නෑ මිස් අම්මා, තාත්තා නියම විරුද්ධාර්ථ පද. දෙන්නා එකිනෙකාට හොඳටම වෙනස්.  ඕන දේකට හැමතිස්සෙම ගහමරා ගන්න හදනවා. අද උදෙත් ඇරගත්තා” කීවේ පන්තියේ සියලූම සිසුන් හිනස්සමිණි.

ගුරු විවේකාගාරයේදී මේ රස කතාව සෙසු ගුරුවරුන්ට කියත්දී බුද්ධාගම ගුරුතුමිය ”අනේ ඒ ළමය හරි මෙයා. ඔයාට වැරදිලා” කීවේ තම අත්දැකීම් ද ප‍්‍රකාශ කරමින්ලූ.



අදහස් (6)

සිසුවාගේ පදේට ගුරුවරියත් හොල්මන්

Terrance Wednesday, 15 November 2017 07:02 PM

ඔව් පොඩි දරුවෝ බොරු කියන්නේ නැහෑ.

:       0       21

kamal Thursday, 16 November 2017 06:52 AM

එ්ක නම් මරු කතාවක් තමයි.

:       0       15

indika Thursday, 16 November 2017 07:31 AM

ටිකක් අපැහැදිලියි. මේ ගුරුවරිය කියන්නේ අම්මාගේ විරුද්ධ පදය තාත්තා නෙවේ කියලද? එහෙම නම් වෙන මොකක්ද? මගේ දැනුම ටිකක් අඩුයි මේ සම්බන්ධව. මට කියලා දෙන්න.

:       0       27

emerson Friday, 17 November 2017 04:07 AM

නාම පද ලියන්න එපාලු .අහස පොලොව නාම පද නෙමෙයිද ?

:       0       52

jaya Saturday, 18 November 2017 06:16 AM

අලුත් පත්වීම් ගත්ත ගුරුවරු, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ ව්‍යාකරණ හා පද භාවිතය පිළිබඳව හැදෑරුවොත් හොඳයි ..

:       0       0

Jayantha Jayaweera . halawatha. Saturday, 18 November 2017 04:19 PM

අනේ නෝනාවරුනි, මහත්වරුනි. ජනමාධ්‍යය පිළිබඳව ඉගෙනගෙන, ගුවන්විදුලිය සංස්ථාවේම පුහුණව ලබලා අපේ සහෝදර සහෝදරියෝ සිංහල ප්‍රවෘත්ති කියද්දී මොනවද කියන්නේ කියලා අහලා බලන්නකෝ. ඒ අතින් පොඩිදරුවෝ හොඳයි. ලස්සනම වැඩේ, මේ ප්‍රවෘත්ති කියන්න කලින් සංස්කරණ අයෙකුගේ නමකුත් කියනවා. ඒ මොන සංස්කරණද කියල කියන්නේ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site