IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සාස්තරයක් අසා ගේමක් දී එළිපිට වැඳ සමාව ගන්නත් වෙලා

(සිටිනාමළුව අනීෂ මානගේ)
සාස්තරකාරයකුගේ කීමට පොලිස් කූඩුවේ ඉන්නටත්, ප්‍රසිද්ධියේ පුද්ගලයකුට වැඳ සමාව ගන්නටත් වූ සිද්ධියක් ගිරුවාපත්තුවෙන් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


එකම පවුලේ කිහිපදෙනකු තමන්ගේ ප්‍රශ්නයකට දෙවියන්ගේ උදව් බලාපොරොත්තුවෙන් දේවාලයකට ගොස් ඇත. එහිදී සාස්තරයක් අසා පේනයක් බලා ඇති අතර එයින් කියවී ඇත්තේ ගමේ එක්තරා මනුස්සයකු සොහොනකින් පස් ගෙනැත් දෙහිත් එක්ක මතුරා නිවෙසේ හතර කොන වළ දමා ඇති බවයි. 


එම පුද්ගලයා කවුදැයි මහත් ඕනෑකමින් ඇසූ විට දේවාරූඪයෙන් සිටි කපු උන්නැහේ පැවැසූ ලක්ෂණවලට අනුව මතකයට නැගී ඇත්තේ තමන්ගේම ගමේ සිටින මේසන් බාස් කෙනෙකි. සියලු‍ යාතිකා අවසන්ව දේවාලයෙන් පිටවූ මෙම ඥාති පිරිස නිවෙසටවිත් කතිකා කරගෙන ඇත්තේ පේනයෙන් කියූ පුද්ගලයා උපක්‍රමශීලීව ගෙදරටම ගෙන්වාගෙන තඩිබාන්නටය. 


එක් ඥාතියකු බාසුන්නැහේ හොයාගෙන ගිහින් චාටු බස් කියා නිවෙසට කැඳවාගෙනවිත් ඇති අතර එහිදී තරුණියක වන දුවත් රජයේ නිලධාරියකු වන බාප්පාත් සීයාත් එකතු වී එක පොරේට තඩිබා මෙම පුද්ගලයා පිටත්කර යවා ඇත. පහරකෑ පුද්ගලයාට දවස් දෙකක් රෝහල්ගතව සිටීමටත් සිදුව ඇති අතර ඔහු කළ පැමිණිල්ලක් නිසා මෙම ඥාති පිරිසට සිදු වූයේ පොලිස් කූඩුවේ කූරු ගනින්නටය. 


සිද්ධිය සමථ කරන්නට සමථමූල මණ්ඩලයට බාර කෙරිණි. සමථ මණ්ඩල සභාපති ඉදිරියේ ඥාති පිරිස තමන් කළ වැරැද්ද පිළිගත් නිසා පැමිණිලිකරු පවසා ඇත්තේ ප්‍රසිද්ධ ස්ථානයකදී තමාට වැඳ සමාව ගන්නා ලෙසයි. එයට කැමැති වූ ඥාති පිරිස හිමිවරුන් දෙනමක ඉදිරියේ පැමිණිලිකරුට වැඳ සමාව ගෙන ඇත. 


 සාස්තරකාරයකුගේ කීම අසා වැඩ කළ ඥාති පිරිස එතැනින් පිටවී ගියේ තමන්ට අනාගතයට මතක හිටින පාඩමක් ඉතිරි කරගනිමිනි. 

 



අදහස් (0)

සාස්තරයක් අසා ගේමක් දී එළිපිට වැඳ සමාව ගන්නත් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site