තිහගොඩ උපසේන ලියනගම
ඌව පළාතේ ප්‍රධාන නගරයක පදික වේදිකාවේ අත්ල බලා ශාස්ත්‍ර කියූ තරුණියකගේ අත්ල බැලීමට ගිය ආයුර්වේද වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් ඉකුත් දා වාර්තා විය.
ආයුර්වේද වෛද්‍යවරයා වෙද හෙදකම්වලට අමතරව නක්ෂත්‍ර කටයුතු හා ශාස්ත්‍ර කීමේ හැකියාවක් ඇති ග්‍රාමීය ප්‍රදේශයක කාගේත් සිත් දිනාගත් අයෙකි.
ඔහුගේ ප්‍රධාන දුබලතාවක් වූයේ මත් වතුරට ගිජු බවයි. ඉකුත්දා සිය ඥාති දියණියකගේ මංගල්‍ය උත්සවයකට නගරයේ උත්සව ශාලාවකට ගිය ඔහු මත් වතුරෙන් සප්පායම් වී ආහාරය ද ගෙන නගරයේ පදික වේදිකාවේ පා ගමනින් ආවේ තරමක විඩාබරවයි.
ජාතික ඇඳුම ඇඳ දුක්බරව යන ඔහු දුටු පදික වේදිකාවේ ශාස්ත්‍රකාරියක ඔහුගේ අත ඉල්ලා ශාස්ත්‍රයක් කීමට සූදානම් වූ විට මද සිනාවක් නැගූ ඔහු ඇගේ අත ගෙන ‘‘මටත් සාත්තර කියන්න පුළුවන්’’ කියා අත්ල බැලුවේය.
ඉන්පසු ‘‘ඔය ළමයාගේ ධන රේඛාවේ හැටියට බොරු කියලා හරි හම්බ කරන කෙනෙක්’’ කී විට ඇය අත ගසා දමා ඉවතට ගියේ මේ දෙස බලා සිටි කීප දෙනකුගේ සිනා මැදලු.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාස්තරකාරියට සාස්තරයක් කියා මුහුණ රතුවෙලා