IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සුවඳ දුම් යැයි අන්දා ලී කුඩු පැකට් විකුණලා

තම නිවසේ කොටසක වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි. කුඩාවට පටන් ගත් වෙළෙඳසල සුළු කාලයක දී ශීඝ‍්‍ර දියුණුවක් ලැබීය.

දිනක් ත‍්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකි. අයකුගේ අතේ ආගමික ස්ථානවල සහ නිවෙස්වල පාවිච්චියට ගන්නා සුවඳ දුම් පැකට් බණ්ඩලයක් විය.

”මුදලාලි හොඳ කොලිටියේ සුවඳ දුම් පැකට් තියෙනවා” යැයි පැවසූ අනෙකා පැකට්ටුවක් කඩා එහි ඇති කුඩු මුදලාලිගේ නාසයට ළං කළේය. ඒවා ඉස්තරම්ම සුවඳ ධූප වර්ගයක් බව සුවඳින්ම මුදලාලිට වැටහී ගියේය. පැකට්ටුව අලංකාර දවටනයකින් ආවරණය වී තිබිණි. ලියාපදිංචි අංකය සහ මිල ද එහි සටහන් වී තිබිණි.

”කොහොමද දාන්නේ” මුදලාලි විමසීය. ”

එකක් විකුණන්නේ රුපියල් 30යි. පැකට් සියයක් ගන්නවනම් එකක් පහළොව ගානේ දෙන්න පුළුවන්. සියයට අඩුවෙන් ගන්නවා නම් එකක් රුපියල් විස්සයි”

මුදලාලිගේ පලපුරුද්ද අනුව පැකට් සියයක් ගැනීම විශාල ලාභයක් බව ඔහුට වැටහිනි. හෙතෙම රුපියල් එක්දාස් පන්සීයක් ගෙවා පැකට් සියයක් ගෙන වෙළෙඳසලේ එල්ලා තැබීය. සවස දුම් ඇල්ලීම සඳහා කඩන ලද පැකට්ටුවේ කුඩුවලින් දුම් ඇල්ලූ විට සුවඳ දුම් කඩයේ පමණක් නොව පාර පුරා ද විහිදෙන්නට විය. අසල නිවැසියෙක් පැකට්ටුවක් මිලදී ගත්තේ ”ෂා පුදුම සුවඳක්නේ” කියමිනි. සුළු වේලාවකින් ඔහු ”මුදලාලි මේකේ තියෙන්නේ ලී කුඩුනේ” යැයි පැවසීය. පසුව පරීක්ෂා කළ විට දක්නට ලැබුණේ සෑම පැකට්ටුවකම ඇත්තේ ලී කුඩු බවය.



අදහස් (0)

සුවඳ දුම් යැයි අන්දා ලී කුඩු පැකට් විකුණලා

චින්තක Wednesday, 17 September 2014 03:31 AM

මේ දවස් දෙකේදීම තිබුනේ වංචා සහගත දේවල්. මුලු රටෙන් භාගයක්ම ජීවත් වෙන්නේ වංචාවෙන් සහ බොරුවෙන් (නදී)

:       0       0

දුෂාන්ත Thursday, 18 September 2014 12:26 PM

ලි කුඩු දාලා ඕකව ගිනිතියන්න තිබ්බේ (අ)

:       0       0

තිලක් Wednesday, 17 September 2014 05:18 AM

සමන්ති ගොම පුච්චපු අළු නොවෙයි ඉතා හොඳින් වියලන ලද සිහින්ව අඹරා ගත් ගොම කුඩු. සිහින්ව අඹරා ගත් ඕමී හෙවත් උලිලු පොතු තලපයක් සමග මිශ්‍ර කරලා උන ලී වලින් ගලවා ගත් සිහින් පතුරක තවරලා වේලා ගත්තම හඳුන් කූරුහරි. ඊට පස්සේ කැමති සුවඳ දියරයක් තවරලා යලිත් පවනේ වේලා ගත්තම විකුනන්න පුළුවන්. ඔන්න සමන්ති කැමති නම් ගෙදර ඉඳන් කරන්න රස්සාවක් කියල දුන්නා. (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 17 September 2014 06:18 AM

මොනවා උනත් මොකද සුවඳ එනවා නම් (නදී)

:       0       0

රුවන් Wednesday, 17 September 2014 06:19 AM

අපෝ රුපියල් 1500 ක ගනුදෙනුවක්නේ වෙලා තියෙන්නේ. ත්‍රීවිල් එකට පෙට්ට්‍රල් හා කුඩු පැකට් එකේ කවරය සාදන්නත් මුදලක් ගිහින් තියනවා. මෙම වංචාව කරපු අයට ආහාර වේලක්වත් ගන්න මුදල් මදීනේ අපි වගේ. (නදී)

:       0       0

පහන්දී Tuesday, 16 September 2014 07:52 PM

ලංකාවට ගිය කලක්! (නි)

:       0       0

ශාන්ති Tuesday, 16 September 2014 08:39 PM

කොතන බැලුවත් හොරකම, බොරුව සහ වංචාව රජ වී ඇති හැටි! (නි)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Thursday, 18 September 2014 05:08 AM

මම දන්නා කෙනෙක් ඔය වගේ ,ඉන්දියන් නම දාල හදුන්කුරු හදලා විකුනනවා , මම එයාලට පැහැදිලි කරා වැඩේ වැරදි බව , නමුත් එයාල ගණන් ගන්නේ නැහැ , ඕක මම අල්ලා දුන්නොත් මාත් එක්ක දිගටම තරහ වෙනවා , එයාලගේ දියුණුවට ඉරිසියා කරනවා කියලා , මොකක්ද හොඳ මට හිතාගන්න බැහැ. (ස)

:       0       0

සමන්ති Tuesday, 16 September 2014 10:15 PM

කොහොමටත් හඳුන් කූරුවල තියෙන්නේ ගොම පිච්චූ අළුනේ. සුවඳ තවරන්න අමතක වෙන්න ඇති (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 September 2014 01:38 AM

මොකටද කඩවලින් කුඩු පැකට් ගන්නේ? සිංහල බෙහෙත් කඩේකින් හොඳ සාම්බ්‍රානි කැට ටිකක් අරන් කොටලා කුඩු කරලා තියාගෙන පාවිච්චි කරන්නකෝ. හොඳ වැඩේ කම්මැලිකමට ඔය ලී කුඩු, දහයියා කුඩු කලවම් කරපුවා ගන්නවාට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 619 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site