IMG-LOGO

සේවකයා සිහිසුන් වුණාම හොරා කෑමක් එළිවෙලා

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
හෝටලයේ උත්සව අවස්ථාවලදී සාදන ප්‍රනීත ආහාරපාන සිය දරුවන්ට ගෙන යනවා යැයි කියමින් හොර අඹුවට ගෙන යමින් සිටියදී රිය අනතුරකට ලක්වී අතට අසු වූ පුවතක් වාර්තා වේ.


 නගරයේ හෝටලයක සේවකයෙකි. උත්සව අවස්ථාවලදී හෝටලයේ සාදා ඉතිරි වන කෑම බීම ඔහු ගෙන ගියේ සිය දරුවන්ට යයි කියමින්ය. ඒ සඳහා හෝටලයේ හිමිකරුගෙන් ද ඔහුට අවසර ලැබී තිබුණේය.


 එදා පැවැති උත්සවයෙන් අනතුරුවත් ඔහු සිය හෝටලයේ ඉතිරි වූ රසවත් ආහාර පාන ගෙන ගියේ සිය දරු දෙදෙනාට කියමින්ය. එසේ හෝටලයෙන් පිටව ගිය ඔහු රිය අනතුරකට ලක්වන්නේය. සිහිසුන්ව සිටින ඔහු පිළිබඳව දැනුම්දීමට එතැනට රැස්වී සිටි පිරිස පියවර ගත්තෝය. ඒ ඔහුගේ සාක්කුවේ තිබූ රැකියා ස්ථානයේ හැඳුනුම්පත අනුවය. ඒ අනුව ඔවුහු දුරකතන ඇමතුමකින් ඔහුගේ සේවා ස්ථානයට දැනුම් දුන්හ.


 එම හෝටලයේ සේවකයෝ කිහිපදෙනෙක්ම දුරකතනයෙන් දැනුම්දුන් පරිදි ඔහු රිය අනතුරට ලක්වූ ප්‍රදේශය සොයාගෙන පැමිණියහ. මේ ඔහු නිවසට යන මාර්ගය නොවීම සේවකයන්ට මහත් ප්‍රශ්නයක් වී තිබිණ. සහෝදර සේවකයා රෝහල්ගත කර ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔවුන්ට දැන ගන්නට ලැබී ඇත්තේ ඔහු ඉඳහිට අනියම් සම්බන්ධයක් පවත්වන කාන්තාවකගේ නිවෙසට රිංගන බවය. 


ඔහු එම නිවෙසට නිකම්ම නොව සිය හෝටලයේ රසවත් ආහාරපාන ද රැගෙන යන බව එහිදී තවදුරටත් ඔවුනට අනාවරණය වූවේය.


එදායින් පසු දරුවන්ට කියා කිසිම ආහාරපාන වර්ගයක් සිය හෝටලයෙන් ගෙන යාම සම්පූර්ණයෙන්ම ඔහුට තහනම් කිරීමට එම හෝටලයේ හිමිකරු පියවර ගත්තේ අනේ මෙහෙමත් මිනිස්සු යයි කියමිනි.



අදහස් (0)

සේවකයා සිහිසුන් වුණාම හොරා කෑමක් එළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site