IMG-LOGO

සෙල්ලම ලෙල්ලම වී මිතුරා පොලිස් කූඩුවේ

පාසල් මිතුරන් දෙදෙනාගේ හරක් සෙල්ලමෙන් එක් අයෙකු රෝහලටත් අනෙකා පොලිසියටත් ගිය අපූරු කතාවක් බද්දේගමෙන් වාර්තා වේ.

පාසල් මිතුරෝ දෙදෙනෙක් හරක් සෙල්ලම් කළහ. ඒ වයස අවුරුදු 15 හා වයස අවුරුදු 17 පාසල් වියේ පසුවන මිතුරන් දෙදෙනෙකි. 17 සිසුවා 15 සිසුවාගේ ගෙලට ලණුවක් දමා හරකකු ආකාරයෙන් දක්කමින් ක‍්‍රීඩා කළේය. හදිසියේම ලණුව 15 සිසුවාගේ ගෙල හිරවී තුවාල වූවද දෙදෙනා ක‍්‍රීඩාව දිගටම කරගෙන ගියේය. පසුව අධික ලෙස 15 සිසුවාගේ ගෙලෙන් රුධිරය වැගිරෙන්නට විය.

15 සිසුවා ගාල්ල උඩුගම රෝහලට ඇතුළත් කෙරිණි. දින තුනක් ප‍්‍රතිකාර ලැබීය. මේ සම්බන්ධයෙන් 15 සිසුවාගේ මව්පියන් බද්දේගම පොලිසියට කළ පැමිණිල්ලක් මත 17 සිසුවා බද්දේගම පොලිසිය අත්අඩංගුවට ගෙන ගාල්ල බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.



අදහස් (0)

සෙල්ලම ලෙල්ලම වී මිතුරා පොලිස් කූඩුවේ

චමින්ද Saturday, 26 July 2014 08:46 AM

සෙල්ලම කරපු දෙන්නම හරක් ද කොහෙද (නදී)

:       0       0

යුගාන්ත Tuesday, 29 July 2014 02:06 PM

දෙන්නම කැමැත්තෙන් කරපු සෙල්ලමක් නිසා පොලිසි ගිහින් බොරුවට කරදරේ පැටලෙනවා (අ)

:       0       0

එරංග Thursday, 24 July 2014 07:00 AM

මෙහෙමත් වැඩ! (නි)

:       0       0

දිමුතු Saturday, 26 July 2014 10:06 AM

රූපවාහිනි මැදිරි වල අංගම් පොර යනවා නම් අපි ගොන් ක්‍රීඩා කලාට මක් වෙනවාද කියල ළමයින්ට හිතෙන්න ඇති. (නදී)

:       0       0

කමල් Thursday, 24 July 2014 07:02 AM

දුම්මලසූරිය, ඔබ හරි (නි)

:       0       0

මාලක Thursday, 24 July 2014 07:07 AM

හරක් සෙල්ලම් කරන්න ඕනෑ නැහැනේ.... (නි)

:       0       0

හිෂාන් Sunday, 27 July 2014 07:06 AM

ඇයි ඔච්චර කළබල වෙන්නේ ඇත්තටම හරක් දෙන්නෙක් වෙන්න ඇති (නදී)

:       0       0

හසන්ත Thursday, 24 July 2014 07:24 AM

මදැයි කළා හරක‍් සෙල්ලම්! (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 24 July 2014 07:24 AM

සෙල්ලම ලෙල්ලම වෙනවාමයි! ඒකෙන් ඇස් රතු වෙනවාමයි!! (නි)

:       0       0

බුවනෙක Friday, 25 July 2014 07:49 AM

සමීර සාලින්ද දකුනේ ඉන්නේ ඔයා වගේ අය නම් ඔයත් ඒකට අයිකි වෙනවනේ. මොකද මමත් නැවතිලා හිටියේ ඔයාලගේ ගෙවල් ලග (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 26 July 2014 11:21 AM

උතුර දකුණ කියල වෙනසක් නැහැ අනේ ගොන් පාට් වලට ! පහුගිය දවස් වල මේ වගේම ගොන් පාට් එකක් නේද අලුත් ගම පැත්තෙත් දාල තිබුනේ ?(නදී)

:       0       0

උනම්බුව Saturday, 26 July 2014 11:38 AM

දුම්මලේ මට මගේ ළමා විය (5 - 12) සිහි උනා (නදී)

:       0       0

ජයත් Monday, 28 July 2014 06:58 AM

මේ සමහරු දකුණ ගැන මෙච්චර කෑ ගහන්නේ මොකටද? හරක් දකුණේත් ඉන්නවා උතුරේත් ඉන්නවා ඔයාලගේ ගම රටවල් වලත් ඉන්නවා බොරුවට දකුණට බැනල ගෝත්‍රික වෙලා ඔයාලත් හරක් ගේ ගණයට වැටෙන්න එපා ! (අ)

:       0       0

මාලා Tuesday, 29 July 2014 03:26 AM

එක්කෝ ලොකු ඒකා පොඩි එකාට රැග් කරලා. නැත්තන් වෙන සෙල්ලමක් කරලා තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලන්න. බෙල්ල විතරද තුවාල වෙලා තියෙන්නේ කියලා. (නදී)

:       0       0

පාලිත Thursday, 24 July 2014 09:19 PM

මේ ළමයිනුත් කරන වැඩ?? (නි)

:       0       0

දිල් Wednesday, 10 September 2014 06:27 AM

ඒ වයසෙ ළමයි දෙන්නෙක් මේ වගේ සෙල්ලමක් කළා කියන එක විශ්වාස කරන්න නම් ටිකක් අමාරුයි නේද? (ස)

:       0       0

පියුමාල් Saturday, 26 July 2014 03:48 PM

ඕකට ඔච්චර කෑගහන්න දෙයක් නැහැ. දෙන්නාගේම වයසේ හැටියට වඩාත් සුදුසු සෙල්ලම තෝරාගෙන තියෙනවා. (නදී)

:       0       0

හැරල් Sunday, 27 July 2014 04:07 PM

ඕක බොහොම ජනප්‍රිය සෙල්ලමක්. (නි)

:       0       0

මීනු Wednesday, 30 July 2014 02:42 AM

මේ ළමයාව පොඩි කාලේ ඇ‍ඳෙන් වැටිලාවද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

නාලක Thursday, 24 July 2014 10:29 AM

නහය විද්දා නම් ඕක වෙන්නේ නැහැ (නදී)

:       0       0

දුම්මලසූරිය Thursday, 24 July 2014 03:00 AM

අවුරුදු 15, 17 කියන්නේ තරුණ වයසක්. බුද්ධිමත්ව කටයුතු කල හැකි වයසක්. ඒ නිසාම මේ ප්‍රශ්නය පොලිසියට යාම ගැන පුදුම වියයුතු නැහැ. එහෙම නොවෙන්න නම් මේ ළමයි දෙදෙනාම නොමේරු දරුවන් වියයුතුයි. අහෝ බුද්ධිමතුන් බිහිවුවායයි කියන දකුණට ගිය කලක්. (නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 24 July 2014 10:34 AM

දකුණේ ඉන්නේ කොහොමත් ඔය වගේ අය (නදී)

:       0       0

වික්‍රම Thursday, 24 July 2014 04:30 AM

අවුරුදු 5 හා 7 වයස්වල දරුවන් දෙදෙනෙක් මේ සෙල්ලම කළා කිවා නම් පිළිගන්න තිබුණා. (නදී)

:       0       0

අජන්තා Thursday, 24 July 2014 04:53 AM

මේ දෙන්නා මන්ද බුද්ධික ළමයි දෙන්නෙක් ද ? (නදී)

:       0       0

පුන්‍යා Thursday, 24 July 2014 05:13 AM

ඒ වයසේ හැටියට ඔහොම කලා නම් , එයාල ගැලෙපෙන සෙල්ලම තමයි තෝරාගෙන තියින්නේ නේද මෙයා (නදී)

:       0       0

ගයාන් Thursday, 24 July 2014 05:16 AM

ළමයි දෙන්න කරලා තියෙන්නේ අනුවන ක්‍රියාවක්. ඕකට දකුණට බැනල වැඩක් නැහැ. ලංකාවේ හැම පළාතකම බුධිමතුන් වගේම බුද්ධිය අඩු අයත් ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site