IMG-LOGO

සරා ගොයියා මොඞ්වෙලා ගෑස් සිලින්ඩරයක් අරන් දුවලා

(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනී)

ගෙවල්වල වැඩ කරමින් කීයක් හරි මුදලක් හොයාගෙන ජීවත්වන මෝඩපහේ පුද්ගලයකුගීතයක කොටසක් මුල්කරගෙන කළ ප්‍රකාශයකට පොලිස නිලධාරීන් දෙදෙනකු අන්දුන් කුන්දුන් වූ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.

ඔහු අවුරුදු 45ක් පමණ වයසැති අයෙකි. කාත් කවුරුත් නැති හෙතෙම තනිවම සිටිමින් ජීවත් වන්නේ එදිනෙදා ගෙවල්වල වැඩ කරමින්ය. බොහෝ නිවෙස් හිමියන් ඔහුට ආදරය කරන්නේ කවදාවත් හොරකම් නොකරමින් ඔහු ජීවත් වන නිසාය. ගෙදර දොරේ මෙන්ම කඩපිල්වලට ගොස් බඩු මුට්ටු ගෙනෙන්නේ ද ඔහුය. ඔහු නිවෙස් හිමියන්ගේ විශ්වාසය ද දිනාගෙන ඇත්තේය. දිනක් එක් නිවෙස් හිමියකු ඔහුට මුදල් දුන්නේ හන්දියේ කඬේට ගොස් ගෑස් සිලින්ඩරයක් ගෙන එන්නටය.

ඒ හැන්දෑ වෙලාවක් වූ අතර හතර වටින් කළුවර වී තිබුණේ මහා වැස්සක් ඒමේ සූදානමකින්ය. වැස්ස එන්නට පෙර ඔහු හැකි ඉක්මණින් ගෑස් සිලින්ඩරයක් ගෙන එන්නට කඬේට ගියේය. හන්දියේ කඬේට යා යුත්තේ දෙපසින් කැලෑව වැවුණු අතුරු පාරකිනි. කඬේට ගොස් ගෑස් සිලින්ඩරය රැගෙන ඔහු ආවේ සරම කැසපොට ගසාගෙන දුවන විලාශයෙන්ය. වැහි වලාකුළු බරවී වැස්සක් අත ළඟමය. ඒ වෙලාවේ මාර්ගයේ සංචාරය කරන පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ද ඔහු පසුපසින් පැමිණියහ.

ඒ බව නොදත් මෙම පුද්ගලයා ගෑස් සිලින්ඩරයත් කරේ තබාගෙන අඩියට දෙකට වේගයෙන් දිවයන්නට විය. පසුපසින් ආ පොලිස් නිලධාරීහු ඔහු ගැන ඇති වූ සැකයක් මත ඔහු අල්ලා ගැනීම සඳහා වේගයෙන් දිව ගියහ. පොලිස් නිලධාරීන් කෙසේ හෝ වේගයෙන් දිව ගොස් ඉදිරියෙන් යන පුද්ගලයාට ළංවී කොහේද මේ හැන්දෑවේ සිලින්ඩරයක් කරේ තියාගෙන දුවන්නේ යැයි ඇසීය. මේක කාගෙන් හරි හොරකම් කළා ද කියා පොලිස් නිලධාරීහු නැවතත් ඔහුගෙන් ඇසූහ. ‘අනේ මහත්තයෝ මම ජීවත්වන්නේ ගෙවල්වල වැඩ කරලයි. මම හොරකම් කරන කෙනෙක් නෙමෙයි’ කියා ඔහු පැවසීය. මම දුවන්නේ වැස්සක් එන නිසයි.

මම කරපු හොරකමක් නැහැ යැයි ඔහු කියූවිට ‘ඇයි දිව්වේ’ කියමින් පොලිස් නිලධාරීහු ඔහුට තර්ජනය කළහ. ඔහුට එක පාරටම සරා ගොයියා හරි මිනිහා සින්දුව මතක් වී ‘අනේ මහත්තයෝ දුවන්නත් ලයිසන් ගන්න ඕනෑද’ කියා ඇසීය. ඒ ප්‍රශ්නයෙන් පොලිස් නිලධාරීන්ට කිසිවක් කියාගත නොහැකි විය. එවිටම වැස්සක් කඩා වැටුණි. පොලිස් නිලධාරීහු ද වැස්සේ තෙමි තෙමී යන්නට වූහ.



අදහස් (0)

සරා ගොයියා මොඞ්වෙලා ගෑස් සිලින්ඩරයක් අරන් දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site