IMG-LOGO

සූර්වී පොල් හොරුන්ගේ ගැටේට අහුවෙලා


මාවරල පී.එස්.මද්දුමගේ



පොල් වත්තක් මුරකරන්නට ගොස් තම ගිනි අවිය සහ විදුලි පන්දම අහිමි කරගත් අයෙකු ගැන කථාවක් දෙනියාය බටාදුර ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. කථාව මෙසේය.
හෙතෙම ගම් ප්‍රදේශයේ නම්බුකාර පෙළපතකින් පැවැත එන ගමේ කවුරුත් සලකන අයෙකි. වගා කරන ලද පොල් අක්කර දහයක හිමිකම මොහුට ලැබුණේ පිය උරුමයෙනි. පියා සතු ගිනි අවි බල පත්‍රය ද ඔහු සතුවිය.
මේ දිනවල පොල් මිල ඉහළ ගොස් ඇති නිසා තම වත්තේ පොල්, හොරු කඩාගෙන ගිය අවස්ථා කීපයක් සිදු වූ නිසා වත්ත මුර කිරීමට උපායක් කල්පනා කළ, මොහු, පිට අයෙකුට මුර වැඩේ බාරදුන්නහොත් හොරා සමඟ එකතු වී පොල් හොරා කඩා ගෙන යා හැකි බවට විශ්වාස කළ මොහු තමාම තම පොල් වත්ත මුර කිරීමට සිතා ගත්තේය. රාත්‍රී කාලයේ තම පොල් වත්ත මුර කිරීමට තමන් සතු ගිනි අවියද, අධි සැර විදුලි පන්දමද ගෙන පොල් වත්තේ හතර කොනේ ඇවිද යමින් වත්ත මුර කිරීම සිරිතක් කර ගත්තේය.
ගමේ සිටි මත්ලෝලී තරුණයෙකු මෙම පොල්වත්තේ පොල් සොරා කඩා ගැනීමට මාන බලමින් දහවල් සහ රාත්‍රී කාලයේ මොහුගේ පොල් ඉඩම අවට විපරම් කරමින් යාම්-ඊම් කළේය. වත්තේ හිමිකරු මුර කරන බැවින් සොරා පොල් කඩා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන බව තේරුම් ගත්, මත්ලෝලී තරුණයාට උපායක් කල්පනා විය. ඔහු තම මිත්‍රයෙකු පොල් වත්තේ හිමිකරු සමඟ යහළුකම් පැවැත්වීමට යොමු කළේ, උපායේ ප්‍රතිඵල මිතුරාට ද දෙන බව පවසමිනි.
දිනක් මත්ලෝලී තරුණයාගේ මිතුරා ඉහළ මිලක් සහිත විදේශ මත්පැන් බෝතලයක් රැගෙන ඉඩම් හිමියාගේ නිවසට එක් සැන්දෑවක ගොඩ වැදින.


කලාතුරකින් ලැබෙන විදේශ පත්පැන් පොදක් කටගෑමේ අවස්ථාව ගැන සතුටට පත් වූ පොල් ඉඩම් හිමියා අවශ්‍ය අඩුපාඩු එකලස් කර ගෙන, මිතුරා සමඟ මත්පැන් පානය කළේය. මේ අතර තුරේ බිරිඳ පැමිණ අද රාජකාරිය අමතක වෙලාද? මුරට යන්නේ නැද්දැයි විමසීය.
ඉක්මනින් මත්පැන් බෝතලය හිස් කළ ඉඩම් හිමියාට පදමට මත පැමිණ තිබුණි. යහළුවා පිටත් කර කඩිනමින් ගිනි අවියද, විදුලි පන්දමද ගෙන පොල්වත්තට ගියේය. පැයක පමණ කාලයක් ඇවිද යන විට ඔහුගේ හිස බමන තත්වයකට පත් වූ නිසා පොල් ගසක් මුලට ගොස් හිඳගත්තේය. මත් ගතිය නිසා ඔහුට නොදැනීම නින්ද ගොස් තිබිණ.
පොල් ඉඩමේ මුරකරු නිදාගෙන සිටි බව දන්නා මත්ලෝලී තරුණයා සහ ඔහුගේ මිතුරා පොල් වත්තේ මායිමේ කොනක ගස් කීපයක පොල් කඩාගෙන ගිනි අවියද, විදුලි පන්දමද සොරාගෙන ගියහ.
වත්තේ මුරට ගිය ස්වාමි පුරුෂයා එළිවෙලාවත් ගෙදර නොපැමිණීම ගැන විපරම් කිරීමට ගිය අවස්ථාවේ සිදුව ඇති වින්නැහිය බිරිඳ වටහා ගත්තා ය.

 



අදහස් (0)

සූර්වී පොල් හොරුන්ගේ ගැටේට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site