IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සූර්වුණ සැමියා නැගිටුවා ගන්න බිරිය රැයක් තිස්සේ කෙටල පඳුරක් ළඟ

ඔහු කොටපොළ ප‍්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. මධුවිත පානය කොාට නැටුමට, ගැයුමට ප‍්‍රියතාවක් දක්වයි. සුළු ප‍්‍රමාණයක් පානය කළද ඉක්මනින්ම වෙරි වෙයි. වෙරි වූ පසු ගෙදර වතුර කළය හිසට වත්කර ගැනීම හෝ දියට පැනීම ඔහුගේ පුරුද්දකි. ඒ ඔහුට තමාගේ ඇඟපත ගිනිගන්නා සේ හැෙඟන නිසා ය.
පසුගිය දිනෙක මිතුරන් කිහිප දෙනකු හා ඥාතීන් කිහිප දෙනකු සමග මධුවිත පානයට අසල්වැසි නිවෙසකින් ඔහුටද ඇරැුයුමක් ලැබුණි. ඇරැයුම පිළිගත් ඔහු රැකියාවට ද නොගොස් සන්ධ්‍යාවේ පැවැති සාදයට සහභාගි විය. මිතුරන් හා ඥාතීන් සමඟ එකතු වී මධුවිත පානය කළේය. මොහොතකින් සූර්වී සියලූ දෙනා නටන්නට ගයන්නට පටන් ගත්හ. මොහුද අන් අය සමඟ නටන්නට විය. හිටිහැටියේම නැටුම නවතා කිසිවකුටත් නොකියාම නිවස දෙසට ”සිග්සැග්” ගමනින් පිය ගන්නනට විය.

ඉන්පසු සාදයේ සිටි සියලූ දෙනා ඔහු නොමැති බව දැනගෙන හැම තැනම සොයන්නට විය. ”ගෙදර යන්න ඇති” එක් අයකු පැවැසීය. සියලූදෙනා ඔහුගේ නිවස දෙසට ගොස් ඔහු සෙවීමේ මෙහෙයුම ඇරැඹීය. බිරිඳත් දරුවනුත් කියා සිටියේ නිවසට නොපැමිණි බවයි. ඉන්පසු සියලූදෙනා ගියේ නිවස අසලින් ගලා බසින ගංගාව දෙසටය. ගං ඉවුරේ ඉහළටත් පහළටත් පිරික්සන්නට විය. හිටි හැටියේ එක් අයකු කෑ ගැසුවේ ”මේ ඉන්නේ කෙටල පඳුරක් ළඟ නිදාගෙන යස අපූරුවට” කියමින්ය. පාන්දර යාමයේ වෙරි හිඳී නින්දෙන් නැගිටින තෙක් ඔහු ළඟට වී බිරිය සිටියේ ඔහුට නොව තමාට සිදුවූ දේ ගැන දෙවියන්ට කියමින්ලූ.



අදහස් (0)

සූර්වුණ සැමියා නැගිටුවා ගන්න බිරිය රැයක් තිස්සේ කෙටල පඳුරක් ළඟ

ඉලක්ෂි Tuesday, 12 August 2014 02:39 AM

මේක තමා සත්‍ය ආදරය කියන්නේ. ආදරය කියන්නේ එක විදිහක පරිතයාගයක්. එ්කයි ඇත්ත. (නදී)

:       0       0

පද්මන් Tuesday, 12 August 2014 10:10 AM

මමත් ළඟදි දවසක දැක්කා උත්සවයකින් පස්සේ තාත්තා කෙනෙක් හොඳටම බීලා කෙලින් ඉන්නත් බැහැ. බිරිඳ අවුරුදු 3ක විතර දරුවෙකුත් වඩාගෙන තව අවුරුදු හත අටක දුවෙකුත් තියාගෙන බස් එකක් එනකන් ඉන්නවා.හරිම ශෝචනීය දර්ශනයක්.තමන්ගේ තරම දැනගෙන බොන්න ඕනෑ. (නි)

:       0       0

කුමාරි Monday, 11 August 2014 05:09 AM

සැමියා බිරිඳගේ දෙවියාය කියල මෙහෙම සලකන බිරින්දෑ වරුන්ට ලැබෙන්නෙම කරුම මිනිස්සු. ඇයි ඉතින් මේ සියලු දෙනා අතර මේ කරුමක්කාරයව උස්සන් ගිහින් ගෙදරින් දමන්න ඕන කියල හිතන්න තරම් මොලේ කලඳක් තියන එකෙක් හිටියේ නැද්ද? (නදී)

:       0       0

අජිත් Monday, 11 August 2014 12:28 PM

පරණ පිනක් තිබිලා හොද බිරිදක් ලැබිලා තියෙනවා. එ්කෙන් ප්‍රයෝජන ගනින් මිනිහෝ අපායට යන්න හදන්නේ නැතිව.(නදී)

:       0       0

රෙජී Tuesday, 12 August 2014 03:53 AM

ගඟෙන් වතුර බාල්දි දෙකක් ගෙනත් වත්කලා නම් ජීවිතේට ඔය වගේ වැඩ කරන්නේ නැහැ (නදී).

:       0       0

සරත් Monday, 11 August 2014 07:21 AM

හොද බිරිදක්. යහපතක්ම වේවි. (දිල්)

:       0       0

අජිත් Tuesday, 12 August 2014 01:19 PM

අනේ අැත්තමයි, මට ඉස්සෙල්ලම මතක් වුණේ පිටබැද්දර ජයාවමයි. බලන්නකෝ ඒකෙත් වැඩේ හැටි...(අ)

:       0       0

පතිරණ Monday, 11 August 2014 07:49 AM

මොකක්දෝ පරණ පිනක් තිබිලා හොද බිරිදක් ලැබිලා තියෙනවා. (දී)

:       0       0

නලින් Monday, 11 August 2014 08:01 AM

මොනවා උනත් වාසනාවන්ත මිනිහෙක් ඒ වගේ බිරිදක් ලබන්න තරම්. මම කවදක් කියන කතාවක් තියනවා ඔය වගේ බිරිදක් ලබන්න මිනිස්සු පින් කරලා තියෙන්නේ ඕනේ. (නදී)

:       0       0

සමන්ති Monday, 11 August 2014 07:18 PM

කෙටල කපලා ඇඟට දැම්මා නම් කස කසා ගෙදරම දුවයි. (නි)

:       0       0

ගාමිණි සිරිවර්ධන Monday, 11 August 2014 10:19 AM

ඒ නංගී වැදගත් භාර්යාවක් නිසා ඉවසීමෙන් කටයුතු කරලා.වදක භාර්යාවක් එහෙමනම් කරන්නේ කෙටල ටිකක් තලලා ඇඟේ අතුල්ලන එක .එලිවෙනනකන් කහකහ ඉන්න ! (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 August 2014 10:56 PM

හොඳ මිනිසුන්ට ලැබෙන්නෙම වාදක භාර්යාවන් වගේම මෙහෙම පිරිමින්ටත් හොඳ බිරිඳක් ලැබීම ගැන කට්ටියට මොකද හිතෙන්නේ? (නි)

:       0       0

ධම්ම Monday, 11 August 2014 11:17 AM

මෙහෙම අනු බල දෙන්න හොද නෑ බීමත් කමට (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site