IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


සූරූපිනියගේ පහස පැතූ තරුණයාට ගුටි පූජාවක්


ලෝකයේ පැරණිම වෘත්තියේ පහස ලාභයට ගැනීමට දෙවැනි වතාවටත් සූදානම් වූ තරුණයකු සුරූපිනියකගේ උගුලට හසුවී බඩ කට පුරා ගුටි සංග‍්‍රහයක් ලැබීමේ අපූරු පුවතක් බස්නාහිරින් වාර්තා වේ.


20 හැවිරිදි ඇය සුරූපිනියක් කීවොත් නිවැරදිය. වරක් දුටුවකු දෙවරක් ඇය දෙස බලන්නට තරමට ඇය ඉටි රූපයක් මෙනි.
ඇයගේ වෘත්තිය ලෝකයේ පැරණිම වෘත්තිය වුවත් එය ඉතා ඉහළ මිලකට අලෙවි කරන්නට ඇය සැදී පැහැදී සිටියේ ගැනුම්කරුවන්ගෙන් කිසිදු අඩුවක් නැති නිසාය.


මේ අතර මීට මාසයකට පමණ ඉහතදී මහරගම නගරයේදී ධනවත් තරුණයකු මුණගැසුණේ අහම්බෙනි. ඔහු මඩපාත ප‍්‍රදේශයේය.
දෙදෙනොගේ නෙත් එකිනෙක ගැටුණු සැණින් තරුණයාට තරුණිය කවුද යන්නත්, තරුණියට තරුණයා සොයන්නේ මොනවාද යන්නත් වටහා ගැනීමට හැකි වූයේ වසර කිහිපයක සිට රැුකියාවෙන් ලද පන්නරය නිසාවෙනි.


තරුණියගේ මුවින් ප‍්‍රථමයෙන් පිට වුණේ අය කරන මුදලය. එය තඹයකටවත් ගණන් නොගත් තරුණයා හිස වනා එයට අවනත වූයේ ගණන් ප‍්‍රශ්නයක් නැතැයි යන්න තරුණියට ඒත්තු ගන්වමිනි. තරුණයාගේ ඇරියුම මත පිළියන්දල මඩපාත නිවෙසට තරුණියට ආරාධනා කළේ දුටු පළමු දිනයේදීමය.
තරුණිය සුපුරුදු ලෙසට තමන්ගේ ආරක්‍ෂකයා සමග ත‍්‍රිරෝද රථයෙන් තරුණයා පැවසූ නිවෙස සොයා ගියේ කිසිදු අපහසුවකින් තොරව යන ගමනේදී තරුණයාගේ ජංගම දුරකථන හරහා නිවසට පැමිණෙන මාර්ගය පැවසූ නිසාය. එදින අඳුර වැටෙත්ම තරුණිය නිවෙසට පැමිණීම ගැන තරුණයා ද පසු වූයේ දැඩි සතුටකිනි.


කෙමෙන් කෙමෙන් රැය පහන් වෙත්ම තරුණයාගේ නිවසින් තරුණිය පිටවූයේ පොරොන්දු වූ පරිදි ගතමනාව තරුණයා විසින් නොදීම පිළිබඳ සිතෙහි කහටක් තියාගෙනය. ත‍්‍රීරෝද රථයට ආ සුරූපී තරුණිය  ඕකා කවදා හරි මාව හොයාගෙන ආපු දවසට බලාගන්නම් යනුවෙන් මුමුනන්නට වූයේ ආරක්‍ෂකයාටද ඇසෙන නොඇසෙන ගණනටය.
කාලය දින සති මාස දෙකකට වඩා යාමට මත්තෙන් සුරූපිනියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේ මඩපාත තරුණයාගෙනි. ඒ පෙර පරිදිම නිවෙසට පැමිණෙන ඇරියුමද සමගිනි.


තරුණයාගෙන් පළිගැනීමට හොඳම වේලාව මෙය යැයි සිතූ සුරූපිනිය තම ආරක්‍ෂක ත‍්‍රීරෝද රථ රියදුරාට මේ බව පවසා තවත් අයකු සූදානම් කර ගන්නා ලෙස පැවසුවේ යන ගමනේ තිබෙන තොරතුරු දන්වමිනි.
කිසිදු අපහසුවකින් තොරවම තරුණිය තරුණයාගේ නිවෙස කරා ගියේ ටිකක් ? බෝවූ පසුවය.


තරුණිය නිවෙස තුළට පිවිස ටික වේලාවක් ගත වෙද්දී තරුණයා නාන කාමරයට පිවිසියේ ඇඟ පත සෝදා පිරිසුදු වන්නටය.
ඔහුට එයින් එළියට පිවිසීමටවත් ඉඩක් ලැබුණේ නැත. නාඳුනන තරුණයන් දෙදෙනකු පැමිණ පහර පිට පහර දෙන්නට වූයේ කිසිදු කතා බහක් නැතිවමය. හොඳ හැටි තරුණයාට පහරදුන් තරුණයන් සුරූපී තරුණියද කැටුව නිවසින් පිට වූයේ කිසිදු දෙයක් නොවූ ආකාරයටය.


මේ අතර රාත‍්‍රී 12 ට පමණ පිළියන්දල පොලිසියේ දුරකථනයට ආ පණිවුඩයකින් කියවුණේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් නිවසට පැමිණ පහරදී ලැප් ටොප් පරිගණකයක් අත්ඔරලෝසුවක් හා ජංගම දුරකථනයක් පැහැරගෙන ත‍්‍රීරෝද රථයෙන් පලාගිය බවත් පලාගිය ත‍්‍රීරෝද රථයේ කාන්තාවක් සිටි බවත්ය.
පැමිණිල්ල අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සෝමරත්න විජයමුනි මහතාගේ මගපෙන්වීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පහර කෑ තරුණයාගේ ජංගම දුරකථනයට එදින ලද දුරකථන ඇමතුම් සියල්ල පිළිබඳ එකින් එක අවධානයට ලක් කරමින් කළ පරීක්‍ෂාවලදී තරුණයාට පහරදීමට උපදෙස් දුන් සුරූපී තරුණියගේ ජංගම දුරකථන අංකය අනුව ඇය අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීමේදී පහරදීමට හේතුව හා පහරදීමට පැමිණි තරුණයන් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී යැයි පොලිසිය කියයි.


ඒ අනුව සැකකාර සුරූපී තරුණිය හා සැකකාර තරුණයන් දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කළ අතර සත්‍ය වසන් කර බොරු පැමිණිල්ලක් කළ තරුණයාට අවවාද කිරීමට පිළියන්දල පොලිසිය මගින් පියවර ගෙන තිබිණි.



අදහස් (0)

සූරූපිනියගේ පහස පැතූ තරුණයාට ගුටි පූජාවක්

කුමාරිහාමි Wednesday, 31 July 2013 01:55 PM

බමුණු මත දරන බමුණු රටේ ලෝකේ සිද්දවෙන දේවල් දන්නේ නැති නිසා දවසක ලොකු අමාරුවක වැටෙනවා. ඔයාට විතරක් නොවේ අපිටත් හිරිකිතයි. නමුත් හිරිකිත දේවල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනෑනේ දරුවෝ ඉන්න මවක් විදියට. මගේ දරුවන් ගේ ඇතුලේ දාගෙන හදන්නේ නෑ. එනිසා මම ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉන්නේ. රාජසිංහ රජතුමා හා රාහුල හිමියන් කඩුවක මලකඩ ඇරපු කතාව ඔබ අසා තිබේද? (ස)

:       0       0

කර්තේලිස් Sunday, 04 August 2013 11:03 PM

අපේ කුමාරිහාමිත් හොද අත්දැකීම් බහුල කෙනෙක් වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

හේරත් Thursday, 01 August 2013 06:28 AM

පොඩි උදව්වක් කරනවද? විස්තර දන්නවා නම් මටත් එස්.එම්. එස් එකක් එවනවද.... (නි)

:       0       0

ප්‍රවීන් Monday, 29 July 2013 01:20 PM

ලංකාවේ එහෙම වුනත් පිලිපිනේ එහෙම වෙන්නේ නැහැ... අයියෝ සල්ලි... (නි)

:       0       0

නිල්මිණී Monday, 29 July 2013 01:20 PM

එකට තමා, දෙන්න කතා කරගන්න ඕනේ, අරකට කීයද, මේකට කීයද, අරෙහෙම උනොත් කීයද,පැයටද, දවසටද, ආදි වශයෙන්.(ස)

:       0       0

රේණුක Tuesday, 30 July 2013 06:57 PM

කුමාරිහාමි ඔයාද ඔය කියන තරුණිය කියලා මට නම් ටිකක් සැකයි සැකයි වගේ.මොකද ඔයා බලාගෙන හිටියා වගේනේ කියන්නේ (නි)

:       0       0

මාලික Wednesday, 31 July 2013 07:37 PM

උපාලි,මම සද්ගුණවත් නැහැ. මම කියන්නේ බැන බැන ඒවම හොයන අය ගැන.අදුරේ පව් කර කර එළියේ සුදනෝ වෙන්න හදන ඔයාලා ගැන (නි)

:       0       0

සජිත් දිල්ශාන් Monday, 29 July 2013 05:36 PM

මෙහමත් පිස්සෙක්? සල්ලි තිබේ නම් වෙන වැඩ නැද්ද කරන්න. (නි)

:       0       0

සජිත් දිල්ශාන් Monday, 29 July 2013 05:40 PM

සැප වැඩි වෙනකොට සල්ලි වැඩියෙන් දෙන්න ඕනෑ තමයි. කුමාරිහාමි, නිල්මිණි ඔයාලත් දන්නවද මේවාල ගණන්? (නි)

:       0       0

කුමාරි Monday, 29 July 2013 01:43 PM

අනේ කාලේ වනේ වාසේ කීවලු. නියමයි මේ සිද්දියට මිනිස්සු අදහස් දක්වලා තියෙන විදිය. (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 29 July 2013 05:50 PM

කාටත් සාධාරණ විදියට මුදල් අයකරගන්නා ක්‍රමයක් හැදුවා නම් හරි (නි)

:       0       0

ලෝකා Monday, 29 July 2013 01:47 PM

නිල්මිණිට හොඳ පළපුරුද්දක් තියනවා වගෙයි. හොඳයි හොඳයි (නි)

:       0       0

ප්‍රිය Tuesday, 30 July 2013 09:07 AM

ඔන්න ලංකාවේ ආශ්චර්යය. ලංකාවේ මිනිස්සුන්ට අභිමානයෙන් ඉන්න සලස්වනවා කියලා නේද කිවුවේ? මෙන්න ලංකාවේ ස්ත්‍රියගේ අභිමානය. අනේ මෙහෙම ලැජ්ජා නැති රටකනේ අපි ඉන්නේ කියලා හිතෙනකොටත් දුකයි. (නි)

:       0       0

ආනන්ද Tuesday, 30 July 2013 09:29 AM

ඇයි! ධම්මික ඔයාට කතාව කියවාගෙනයනකොට එහෙම දැනුනද? (ස)

:       0       0

රකිත් Tuesday, 30 July 2013 09:44 AM

අයියෝ, ගිය පාර පොඩ්ඩක් මදි වුණා. ඒකටත් අල්ලලා මේ පාර බේරන්නයි හිටියේ. කොහෙද ඉතින්, පොල් ගහකින් ගෙඩි වැටුනා වගේ තඩි බෑවානේ. (නි)

:       0       0

කුමාරිහාමි Monday, 29 July 2013 02:15 PM

උපාලි, චන්දි, මේ නිල්මිණි වගේ රටේ ලෝකේ සිදුවන දේවල් ගැන අවබෝධයෙන් ඉන්න. නැත්නම් ඔබේ දරුවන් පවා ඔබේ කනෙන් රිංගා නොහොබිනා දේ වලට යොමු වේවි. ලෝකයේ හොඳ දේ වගේම නරක දේ ගැනත් අවබෝධයක් තියෙන්න ඕනෑ. දැන් කාලේ අම්මලා නවීන වෙලා තියෙන්නේ විලාසිතා වලින් විතරයි. දැනුම අවබෝධය ඉස්සර රෙදි හැට්ට ඇන්ද අම්මලාටත් වඩා පහළයි. (නි)

:       0       0

චන්දි Monday, 29 July 2013 10:03 AM

ඉතින් ඊට පස්සේ, පොලිසිය මේ සුරුපිනියට මොකද කළේ. (නි)

:       0       0

චන්දි Monday, 29 July 2013 10:07 AM

උපාලි!!!අර කියපු මහත්තය ඔයාමද කියල මට ටිකක් සැකයි සැකයි වගේ අනේ (දී)

:       0       0

විමල් Tuesday, 30 July 2013 09:58 AM

බුදුහාමුදුරුවෝ තුන් පාරක් වැඩිය දේශයේද මේවා වෙන්නේ? කෝ මේ බොදුබල සේනාව ? (නි)

:       0       0

කුමාරිහාමි Monday, 29 July 2013 10:32 AM

මොන ගනුදෙනුවකට වුවත් ඉල්ලුව සේවය ලැබුණානම් පොරොන්දු වූ මුදල ගෙවිය යුතුයි. නමුත් මම දන්නා තරමින් ගණිකාවන් පරිබෝගිකයාට අවශ්‍ය ආකාරයට සතුටු කරන්නේ නෑ. ඔවුන්ට ඕනෑ ඔවුන්ට පහසු විදියට ඉක්මනින් වැඩේ ඉවර කරලා තව පාරිබෝගිකයෙක් හොයාගන්න. නමුත් සලෙලෙක් ගණිකාවක් වෙත යන්නේ ඔහුට අවශ්‍ය දේ ලබාගැනීමට මිස ගණිකාවට අවශ්‍ය දේ ලබාගෙන සල්ලි දෙන්න නොවේ. මේ තරුණයා ගැහැණිය සමග ගනුදෙනු කතා කරද්දී ඔහුට අවශ්‍ය දේ හරියට කියන්න නැතුව ඇති. ඔහු මුළු මුදලම නොදෙන්න ඇත්තේ ඒකයි. (නි)

:       0       0

සමීර වී . Monday, 29 July 2013 06:30 PM

පාර අයිනේ පලතුරු කඩවල තියන ඇපල් පැපොල් වල වගේ මිල සදහන් කරලා තිබුනා නම් නියම මිල ලැබෙනවා සාප්පුවල තියන සපත්තු වලත් මිල සදහන් කරලා තියනවා. කැමති අයට සපත්තුව දාලා බලල කැමති නම් මිල ගෙවලා ගන්න පුළුවන්. කෙසේ නමුත් ගණිකාවට අපහාස නොකළ යුතුයි.ඇයද අනියමින් සමාජ සේවිකාවකි.ඇය නොසිටින්නට අපගේ සහෝදරියන්ට සහ දූ දරුවන්ට සල්ලාලයන්ගෙන් සිදුවන අපරාධ මීට වඩා ඉහළ යනු ඇත.ඇය සිතේ ගිනි නිවන හමුදා සෙබළියක් බදුය (නි)

:       0       0

චන්දි Monday, 29 July 2013 10:50 AM

කුමාරි හාමිත් දන්නා දේවල් ! (ස)

:       0       0

උපුලි Monday, 29 July 2013 02:44 PM

කුමාරිහාමි අහිතක් හිතන්න එපා ඔබේ දැනුම අවතක්සේරු කලා නෙමෙයි. ඔබට මේ කාරණා ගැන විශිෂ්ඨ දැනුමක් තියෙන බව පැහැදිලියි. කොටින්ම මේ විෂය ගැන උපකාරක පන්තියක් දැම්මොත් මාස දෙකෙන් පොහොසත් වෙන්න පුළුවන්. (දී)

:       0       0

අසේල Thursday, 22 August 2013 11:45 PM

මෙහෙමත් විකාර! (නි)

:       0       0

රොෂාන් Tuesday, 30 July 2013 10:04 PM

නිල්මිණි, සම්පුර්ණ ගණන කීයද කියලා මට කියනවද? (නි)

:       0       0

උපාලි Monday, 29 July 2013 10:54 AM

කුමාරිහාමි නංගි, ඔයා දන්නා දේවල් අනික් කට්ටිය දන්නේ නැති එකනේ පුදුමේ කියන්නේ. (ස)

:       0       0

බන්ටු Friday, 02 August 2013 02:11 AM

බමුණු වෙසින් ඉන්න අයගෙන් ප්‍රවේශම් වෙන්න (නි)

:       0       0

වරුණ Monday, 29 July 2013 10:54 AM

මේකට හොද උත්තරයක් තියනවා. ඒත් මේකට දාන්න බැහැ (නි)

:       0       0

සිරිබිරිස් Monday, 29 July 2013 03:01 PM

කුමාරිහාමි, නිල්මිණි...ඔයගොල්ලන්නම් මාරයි අප්පා...කොහොමද ඔය තරම් දේවල් දන්නේ..? මටනම් හිරිකිතේ බැහැ. (දී)

:       0       0

පිටිගල Monday, 29 July 2013 06:43 PM

මෙච්චර රටේ ප්‍රසන තියෙද්දී කතා කරන්න මොනවද මේ.කරන්නේ. අන්න ඔයාලා හැමෝම ලක්ස තුන ගානේ පිටරටට නයලු. (දී)

:       0       0

බණ්ඩාර Monday, 29 July 2013 03:00 PM

බැරි වැඩ නොකරන් කියන්නේ ඔන්න ඕකට (දී)

:       0       0

සෙනරත් Monday, 29 July 2013 03:04 PM

මම කියන්නේ මේ ක්‍රියාව නවත්තන්න බැහැ , ඒ නිසා නීති ගත කරන්න (දී)

:       0       0

උපාලි Monday, 29 July 2013 11:10 AM

චන්දි, අපි ඕකට ආයෙත් වාද කරන්න ඕනෑ නැහැ (නි)

:       0       0

සජිත් Monday, 29 July 2013 03:11 PM

සල්ලි තිබා කියලා මෙහෙම මෝඩ වැඩ කරනවද (දී)

:       0       0

චන්දා Friday, 02 August 2013 04:15 AM

නිල්මිණි දෑසින් මා අමතනවා, ලදුනේ.. ලදුනේ.. සුමුදු මාල නෙලන ලදුනේ.. (නි)

:       0       0

සුරාන් Tuesday, 30 July 2013 03:36 PM

සරත් මහත්තයා.. පැකේජ තියන තැනුත් තියනවා..කුමාරිහාමි ගෙන් හරි නිල්මිනිගෙන් අහන්න...(ස)

:       0       0

චන්දි Tuesday, 30 July 2013 01:15 AM

ෂෙරිෆ්, ඔයා දමපු අදහස විතරයි මගේ සිත ගත්තේ. සමහර අය නිකම් ඉස්සෝ වගේ.. ''''ඉස්සත් ඔහොමයිලු''''''' (නි)

:       0       0

ගාමිණි Monday, 29 July 2013 11:38 AM

අනවශ්‍ය වැඩ කරන්න යනවාට හොද වැඩේ (දී)

:       0       0

ගුණවර්ධන Wednesday, 31 July 2013 12:52 AM

මේක ලෝකේ පරණම රැකියාව නිසා නියම විදිහට රැකියාව ආරක්ෂා කරගන්න. මෙහෙමවත් මෙම රැකියාව තවම පවතින එක ගැන අවබෝධයක් අනෙක් අයටත් ලබා දෙන්න (නි)

:       0       0

ධම්මික Tuesday, 30 July 2013 01:35 AM

මේ කතාව ටික දුරක් කියවගෙන යද්දී දැනුනේ "වැඩිහිටියන්ට පමණයි" කතාවක් කියවනවා වගේ (නි)

:       0       0

බමුණු Wednesday, 31 July 2013 12:46 PM

"කුමාරිහාමි, නිල්මිණි.... කොහොමද ඔය තරම් දේවල් දන්නේ..? මටනම් හිරිකිතේ බැහැ." (ස)

:       0       0

ලකී Friday, 02 August 2013 04:52 PM

හොද වැඩේ

:       0       0

මොහාන් Monday, 29 July 2013 07:50 PM

බුදු අම්මෝ මට නම් මේවා තේරෙන්නේ නැහැ මම රජ කුමාරයෙක් නෙමෙයි මම ගමේ කොල්ලෙක් (දී)

:       0       0

උපාලි Thursday, 01 August 2013 01:03 AM

මලික, මම නම් කිසිම විටක කාටවත් බැනලා නැහැ. බනින්නෙත් නැහැ. මේ මුළු සිද්ධියමත් ඒ වගේම බොහොමයක් ප්‍රතිචාරත් මට නම් විනෝදයක්. මෙවැනි සිද්ධියක් "දෙයියෝ සාක්කි" තීරයට දාන්නේ අපි අර කියන "සීරියස්" පුවත් හැටියට නොවෙයි. පාඨක අපට හාස්‍යාත්මක වින්දනයක් ලබාදීම සඳහායි. ඔබට පේනවද පාඨකයෝ වැඩි දෙනෙක් ඒ බව වටහාගෙනයි ප්‍රතිචාර දාලා තිබෙන්නේ කියලා."දෙයියෝ සාක්කි " තීරයට එනවිට සැහැල්ලු මනසකින් එන්න සහෝදරයා. (නි)

:       0       0

ඵීටර් Thursday, 01 August 2013 10:28 AM

මම නම් හැබැයි හරියට ගෙවනවා. ඒ දුරකථන අංකය දෙන්නකෝ. (ස)

:       0       0

සරත් Monday, 29 July 2013 08:10 PM

මේ කාන්තාවනට තියෙන්නේ ඔවුන් සපයන සේවාවන් හා මිලගණන් සදහන් කරමින් පැකේජයන් කීපයක් හදා ගන්න එකයි! ගනුදෙනුකාරය දන්නවා අතේ ඇති මුදලට හරියන පැකේජයක් තෝරා ගන්න! ගනිකාතුමියත් දන්නවා අදාළ පැකේජයට තමන් සපයන සේවාවන්! නිල්මිණි හරියටම හරි! (අ)

:       0       0

මාලික Wednesday, 31 July 2013 06:43 AM

සද්ගුණවතුන් 11700 ක් බලලා මේ ප්‍රවෘත්තිය. බැණ බැණ ඒවාමයි බලන්නේ (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 29 July 2013 08:47 PM

කාමේ සුමිච්චා චාරා වේරමනී සික්කාපදන් සමාදියාමි. (අ)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 07:57 AM

මාලික, ඒ 11700 ට ඔබත් ඇතුලත්. ඔබ ජාඩි කාලා තිබෙනවද? (නි)

:       0       0

උපාලි Monday, 29 July 2013 05:40 AM

එක මැදිවියේ මහත්තයෙක් වාහනේ නවත්තලා සාප්පුව ඉදිරිපිට සිටි සුරුපිනියකගෙන් ඇහුවලු කීයද ගාන කියලා. පිළිතුර ලැබුන 'රුපියල් දාහයි'. මහත්තය අහනවා "ඒ ගාන නම් වැඩියි, මා අතේ තියෙන්නේ රුපියල් දෙසීයයි, මොකද කියන්නේ" කියලා. සුරුපිනිය කෝචොක් හිනාවක් දාලා අනික් පැත්ත බලාගත්තා. දවසක් මහත්තයා එයාගේ නෝනත් එක්ක ගමනක් යනකොට අර සුරුපිනිය ඉස්සහට හම්බවුනා. තරුණිය මහත්තයව පැත්තකට අඩගහගෙන ගිහින් කියනවා "මහත්තය කවුද ඒ ලදරම, පේනව නේද රුපියල් දෙසීයට හම්බවෙන්නෙ කොහොම අයද කියලා". මේ තරුණයත් අතේ තියන මුදලේ හැටියට කෙනෙක් හොයාගත්තා නම් ගුටි කන්න වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

අමල් Wednesday, 31 July 2013 01:42 PM

"වැඩිහිටියන්ට පමණයි" කතාවක් වගේ.(ස)

:       0       0

පද්මසිරි Thursday, 01 August 2013 04:12 AM

පොලිසියට ගියාට පස්සේ මොකද දන්නෙ නැහැ වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 612 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 752 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 652 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1240 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 719 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 774 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 632 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 162 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1186 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site