බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ
අවසන් කටයුතු සඳහා මළ බෙර ගසන කණ්ඩායමක් මත්පැන් තොල ගෑමෙන් පසු මළ බෙර ගසනු වෙනුවට ගීතවල කොටස් වයමින් සිටියදී සිදුවූ ඇබැද්දියක් සබරගමුව පළාතෙන් වාර්තාවිය.
එම ප්‍රදේශයේ ආසන්න ගමක මළ බෙර ගසන පිරිසක් සිටියහ. දන්න කියන පුද්ගලයෙක් බුලත් අතක් දී එම බෙර කණ්ඩායමේ නායකයාට ආරාධනා කළේය.
කණ්ඩායමේ සිවු දෙනෙක් සිටියහ.
ඒ අනුව පසුදා සවස එම කණ්ඩායම මළ ගෙදරට පැමිණියේය. දවුල් දෙකක්, හොරණෑවක් සහ තම්මැට්ටමක් ඔවුන් අතර විය. දේහයේ අවසන් කටයුතු සිදු කරන්නට පෙර තුන් වතාවක් මළ බෙරය ගැසිය යුතුය.
ඒ අනුව එකිනෙකාට ආචාර කරගනිමින් සුදු ඇඳුමින් සැරසී, සුදු රෙදි කඩකින් හිස ආවරණය කර ගෙන පළමු මළ බෙරය ගැසූහ.
එම කණ්ඩායමට ආරාධනා කළ පුද්ගලයා පළමු මළ බෙරය ගැසීමෙන් පසුව කණ්ඩායම් නායකයාට කුස්සිය පැත්තට කතා කොට මත්පැන් බෝතලයක් දුන්නේ ය. එය ගම්වල කෙරෙන සාමාන්‍ය කටයුත්තකි.
දැන් දෙවැනි මළ බෙරය ගැසිය යුතුය. ඒ වන විට කණ්ඩායම ටිකක් පදම් වෙලාය.
කෙසේ හෝ දෙවැනි මළ බෙරය ගැසූහ.
තුන් වැනි මළ බෙරය ගැසිය යුත්තේ දේහය සුසාන භූමිය කරා ගෙන යන විටදීය.
පදමට වෙරිවී සිටි ඔවුන්ට මළ බෙරයේ පද අමතක වී ගොසිනි කණ්ඩායම් නායකයා වෙනත් පදයක් ගැසුවේය.
තම්මැට්ටම්කරු වෙනස් ආකාරයකට තම්මැට්ටම ගැසුවේය.
හොරණෑකරු ගීතයක පදයක් වාදනය කළේය.
මෙම කණ්ඩායමට ආරාධනා කළ පුද්ගලයාට කේන්ති ගියේය. කණ්ඩායම් නායකයාගේ බෙල්ලෙන් අල්ලා වැරෙන් කණට පහරක් එල්ල කළේය.
මොනවද මේ තොපි කරන්නේ ඕක දුන්නේ ගෙදර ගිහින් බොන්න නේ. කියා බැන්නේ ය.
කෙසේ හෝ මළ බෙර කණ්ඩායම තුන් වැනි මළ බෙරය ගසා නිවෙස්වලට ගියේ දෙවියන්ට පිං දෙමින් ය.
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සූර්පිට මළ බෙරෙන් බජව් වයලා