IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



මල් ශාලාවේ තැන්පත් කර තිබූ මෘත දේහයට ගරු බුහුමන් දැක්වීමට ගිය අයකුට ජීවිතයේ කවදාවත්ම මුහුණදීමට සිදු නොවූ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
හේ කන බොන අයෙකි. එදා මල් ශාලාවේ තැන්පත් කර තිබූ හිතවතකුගේ දේහයට ගරු බුහුමන් දැක්වීමට ගියේ රෑ හතට පමණය. එතනදී කට්ටිය සෙට්වුණේ අඩියක් පුඩියක් ගැසීමටය. ඒ සඳහා ඔවුහු අල්ලපු නිවසකට ගියහ. ඔහුද මේ සඳහා දායක වූවේය. කට්ටිය දෙකක් දාගන්නා විට ඔහු හතරක් දාගෙන අවසන්ය. දැන් ඔහුට වැඩිය. අවසානයේදී තීරණය වූයේ මෘත දේහය තැන්පත් කළ මල් ශාලාවට යාමටය.
ඔහු දේහය ළඟය. පුටුවක වාඩිවී සිටියේ සොටු සූරා හඬා වැලපෙමිනි. රෑ නවය දහය වන විට ඔහු දේහය ආසන්නයේ බිම නිදිය. ඒ හොඳ සිහියෙන් නම් නොවේ. හොඳටම නින්දේය. ගොරව ගොරවා නිදිය. මල් ශාලාව වැසීමට දැන් කාලය හරිය. ඔහුව කූද්දලා නිවසට ඇරලවන්න උත්සාහ කළත් එය නිශ්ඵල වූයේ ගඟට කැපූ ඉනි මෙන්ය. මල් ශාලාවේ සේවකයෝ ද ඔහු කුදලන්න උත්සාහ කළහ. ඔහුව නැගිටවන්න කිසිවකුටත් බැරි විය. ඔහු එළියට ඇද දමා යාමට ද නොහැකිය.


ඔහුගේ මිතුරන් කීවේ ඔහුට වැඩිවූ විට ඇහැරවීමට ශක්‍රයාටවත් බැරි බවය. ඔහු ආයෙමත් නැගිටින්නේ උදේට බවද සමහරු කීහ. ඒ නිසා අවසානයේදී තීරණය වූයේ ඔහුව නිදාගෙන ඉන්නා තැනම නිදාගෙන ඉඳීමට ඉඩ දී මල් ශාලාව වසා දමා යාමටය. ඒ අනුව මල් ශාලාව වසා දැමිණ. ඔහු දැන් මල් ශාලාව තුළ දේහය අසලය.
අඩි පුඩියේ තරම නිසාම ඔහුට ඇහැරුණේ මූත්‍ර බරටය. ඇහැරුණු ගමන් දැක්කේ මළ මිනියය. ඔහු සිතුවේ මෙය හීනයක් බවය. දෑස් පිහදා බැලු‍වේය. ඔහුට දෙවියන් බුදුන් සිහි විය. මිනී පෙට්ටියේ සිටි කෙනා එයින් නැගිට තමා දිහා බලා සිටින බවට මනසට පෙනුණේය. මහ හයියෙන් හිනා වන හඬ ද ඇසුණේය. හැදුණු මූත්‍ර බර කලිසමේම පහව ගියේය. මල් ශාලාවේ දොර ද වසා තිබුණේය. හොඳ වෙලාවට යතුර දොරේය. රෑ කණ පැලෙන්න බිව් ඔහුගේ වෙරි හිඳී ගියේය. මල් ශාලාවේ දොර ඇරගත් ඔහු නිවස බලා දුව ගොස් ඇත්තේ ඉතිපිසෝ ගාථාව මහ හයියෙන් කියමින්ලු‍.



අදහස් (0)

සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site