IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සර්ට ලෝක ලෙඩක් වැටෙන්න ගිහින්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
හදිසියේ ක්ලාන්ත බවට පත්වූ උපකාරක පන්ති ගුරුවරයකු මහ මග අයිනේ තිබූ දන්නා හඳුනන අයකුගේ නිවෙසට නොදන්වාම ඇතුළු වී නිදාගෙන සිටීමෙන් සිදුවන්නට ගිය මහත් අලකලංචියක් අනූ නවයෙන් බේරුණු පුවතක් පුලතිසිපුරය පෙදෙසින්  පසුගියදා වාර්තා විය.


ඔහු කාගේත් සිත්ගත් උපකාරක පන්ති ගුරුවරයෙකි.


 කලක සිට සිරුරේ සීනි පාලනයට ප්‍රතිකාර ලබාගන්නා ඔහු නිවෙසක පැවති පන්තියක් අවසන් කර එමින් සිටියදී හදිසියේ ක්ලාන්ත බවට පත්වී ඇත්තේ එදින ඔහු මාත්‍රාව ඉක්මවා බෙහෙත් ලබාගෙන තිබීම හේතුවෙනි .


තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බව තේරුම්ගත් මේ ගුරුතුමා මහ මග අයිනේ වූ දන්නා හඳුනන අයකුගේ නිවෙසට ගමන් කර ඇත්තේ රැකවරණය පතා ය.  නිවෙසට ගියත් කිසිවකු පෙනෙන්නට නොසිටි හෙයින් ඔහු ඉදිරිපස කාමරයේ ඇඳට වැටුණේ තමන්ගේ දිවි ආරක්ෂා කරගැනීම පිණිසය.


හෝරාවක් පමණ ගත විය. ගුරුතුමන් තරමක් සුවය ලබා ඇත. ඔහු නැගිට දනි පනි ගාද්දී නිවැසි කාන්තාව ඒ හඬ බලන්නට ආවාය. තමන්ගේ නිවෙසේ ඉස්තෝප්පු කාමරයේ පිරිමියකු නිදා සිටිනු දුටු ඇය වික්ෂිප්ත වූවාය. 


‘අනේ නෝනා සමාවෙන්න. මට හදිසි අසනීප ගතියක් ඇති වුණා. මම ඇවිල්ලා නිදාගත්තා. කරදරයක් වුණා නම් සමාවෙන්න’යි ඔහු බැගෑපත්ව ඉල්ලා සිටියේ කාන්තාව පුදුමයට  මෙන්ම බියට පත්ව සිටින බව දැකීමෙන් පසුවය.


‘අනේ සර් ඒකට නං කමක් නැහැ. මේ අල්ල පනල්ලේ අපේ මහත්තයා ආවනං මොනවා හිතයිද කියලයි මං මේ කල්පනා කළේ’ ඇය කීවාය. 


‘මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙමෙයි’ පැවසූ ඔහු නිවෙසින් පිටත්ව යාමට සැරසුණේ කාන්තාවට දැඩි යටහත්පහත් කමක් පාමිනි.
‘මහත්තයා බේත් ගන්නකොට තරමට ගන්න, වැඩිය ගන්න එපා. ආයෙත් අසනීප වුණොත් හැමදාම මෙහෙම ආරක්ෂාව ලැබෙන එකක් නැතැ’යි ඇය කීවේ කට කොනකට ගත් සිනාවක් ඇතිවය. 

 



අදහස් (0)

සර්ට ලෝක ලෙඩක් වැටෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 18 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site