IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සර්කස්කාර රියැදුරා මගීන්ටත් සර්කස් පෙන්නලා

දකුණු පළාතේ උප නගරයක වූ බස් නැවතුමකි. සෙනසුරාදා දිනයක් වූයෙන් වැඩි සෙනඟක් නොවූවත් උපකාරක පන්තිවලට යන සිසුහු කීප දෙනෙක් සිටියහ. බසයක් එනු දුටු එක් සිසුවෙක් ‘ඔන්න යකාගේ බස් එක එනවා. මම නං ඒකට නගින්නේ නෑ’ කීය. තවත් සිසුවකු කීවේ ‘යාමට වෙනත් බසයක් නාවොත් තමා ගෙදර යනවා මිස මෙහි නොයන බවයි’. 


බස් නැවතුමේ සිටි මාණ්ඩලික නිලධාරියකු ලෙස සිතිය හැකි කෙනකු බසයට නැග ගත් අතර බසය වේගයෙන් ඇදී ගියේ පාර පුරා කර කැවෙමිනි. මොහොතකට පසු බස්නැවතුම්පොළක් අසල දී තිරිංග තද කලෙන් හිට ගෙන සිටි මගීන් කීප දෙනෙකු එකා පිට එකා වැටුණේ බලාපොරොත්තු නැති අයුරින් තිරිංග තද කිරීම නිසාය. 


‘මේක මාර ගමනක් නේ’ නිලධාරියා අසල සිටි කිසිවකුට කී විට ඔහු කීවේ ‘බොහෝ දෙනා මේ බසය යකාගේ බස් එක ලෙස හඳුන්වන්නේ මේ අනනතුරුදායක ගමන නිසා’ බවයි. මේ රියැදුරා කලින් සර්කස් කණ්ඩායමක සේවය කර ඇති බවත් කොහොම ගියත් කවදාවත් රිය අනතුරක් වී නැති බවත්ය. පිටතින් අනතුරු නූනට මේ ඇතුළෙ වෙන හරිය හොඳටම ඇති කී නිලධාරියා ඊළඟ බස් නැවතුමෙන් බැස්සේ රියැදුරා දෙස රවා බලමින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)



අදහස් (1)

සර්කස්කාර රියැදුරා මගීන්ටත් සර්කස් පෙන්නලා

lanka Wednesday, 23 January 2019 10:01 AM

මේ බස් රථයේ අංකය පොලිසියට දන්වන්න. මෙවැනි අසංවර රියදුරන් නිසා තමා අද දවසකට මිනිසුන් 7-8 ක් රිය අනතුරුවලින් පාරේ මිය යන්නේ.

:       0       83

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site