IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සරොංකාරයා එපා කී මනාලිට ‘කලිසං මනාලයෙක්’ මාරුකරලා

තමා බැලීමට සරොම් අඳින මනමාලයකු නම් කැටුව නොඑන ලෙස මනමාලියගෙන්   නියමිත දින උදේ  ලැබුණු නියෝගයකට සාර්ථක ⁣ලෙස මුහුණ දුන් මඟු‍ල් කපුවකු පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


 ඇය ප්‍රදේශයේ යමක් කමක් තිබුණු පවුලක තරුණියකි. මහා රුවැත්තියක නොවුණාට ප්‍රියමනාප රූ සපුවකින් යුක්ත වූවාය. එහෙත්  තමාට ජන්මයෙන් ලැබුණු රූ සපුවට වඩා දෙතුන් ගුණයකින්  තමන් රුවැත්තියෙකැයි සිතා මහත් උද්දාමයෙන් ඉහ වහා ගොස් සිටි ඇයට මවුපියන්  විසින් ගෙනෙන ලද බොහොමයක් මංගල යෝජනා ප්‍රතික්ෂේප කළේ මනාලයාගේ විවිධ අඩුපාඩු කියමිනි.


 ඇයගේ අසීමිත කොන්දේසි නිසා සහකරුවකු සොයා ගැනීම දිනෙන් දින කල් ගොස් විවාහයට නිසි කල වයසද ඉකුත් වෙමින් තිබිණි. කෙසේ වෙතත් මවුපියන්ගේ ඉල්ලීම අනුව  කපුවකු විසින්   සොයා ගනු ලැබූ පහළොස්වෙනි මනමාලයා ඇය බැලීමට පැමිණෙන දිනය උදා විය.


ඔහු හොඳ කඩවසම්  පුද්ගලයෙකි. එතරම් උගත්කමක් නොතිබුණද දෙමාපියන්ගෙන් උරුමවූ ගොඩමඩ ඉඩකඩම්  වගා දිගා කරගෙන වාසය කරන  අහිංසක ගොවි පුත්‍රයෙකි. මනාලියගේ නිවෙසට යාම සඳහා අලු‍ත්ම සරමකින් සහ කමිසයකින් සැරසුණු ඔහු උදෑසනම යෙදුණු  සුබ නැකතින්, නි⁣වසින් පිටත්වූයේ ගමනට පැයක් දෙකක් ගතවන බැවිනි. ඔහු සමඟ  කපු මහතාත් පවුලේ හිතවතෙකු වූ ගමේ පාසලේ ගුරු මහතෙක්  ගමනට එක් වූහ. තමා බැලීමට මෙවර පැමිණෙන මනමාලයා පිළිබඳව තම හිතවතියන් මාර්ගයෙන්  තොරතුරු සොයා  බැලු‍වද හරි  තොරතුරක් කලින් නොලැබුණද ඇයට එදින උදේ ලැබුණු දුරකතන ඇමතුමකින් කියවුණේ මනමාලයා සරොම් කාරයකු බවය.


එය දැන ගැනීමෙන් ඇය බලවත්සේ නොසන්සුන් වූවාය. වහාම කපුවාට දුරකථන ඇමතුමක් ගෙන දොස් කීවේ මනමාලයා සරම්කාරයකු බව තමාට වසං කළේ ඇයිදැයි අසමිනි. එපමණක් නොව සරම්කාරයෙකු නම් තමා බැලීමට කැඳවාගන නොඑන ලෙසද ඇය කපුවාට නියෝග කළාය.


සැණෙකින් කපුවාට ගණදෙවි නුවණ පහළ විය. “මේ මොනව කියනවද නෝනා, අපේ මහත්තයා  කලිසං අඳින්නෙ,  නෝනට කවුරු හරි බොරුවක් කියල”‍  යැයි කියමින් ඇය අස්වසා දුරකථනය විසන්ධි කළේය. උද්ගතව ඇති ප්‍රශ්නය පිළිබඳව මනාලයා සහ ගුරු මහතා සමඟ කතිකා කළ කපුවා මාර්ගය අයිනේ වූ නිවෙසක් අසල වාහනය නතර කරවාගෙන එම නිවැසියන්ගේ අවසරය ලබාගෙන තිදෙනා සමඟ ගොස් ඉස්කෝලෙ මහතාගේ කලිසම මනමාලයාට අන්දවා මනමාලයාගේ සරම ඉස්කෝලෙ මහත්මයාට ඇන්දවීය.


කලිසමේ ප්‍රමාණයේ සුළු සුළු  වෙනස්කම් තිබූ නිසාත් ඔහුට කලිසම නුහුරු නුපුරුදු නිසාත් යම්කිසි  අපහසුතාවක් ඇතිවුවද මනමාලියගේ නිවසේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳව කපු මහතාත් ගුරු මහතාත් යමින් ගමන් උපදෙස් ලබා දී  තිබූ  නිසා කවුරු කවුරුත් ජාමෙ බේරා ගත්තාලු‍

පොල්ගස්ඕවිට 
එස්. වික්‍රමආරච්චි



අදහස් (0)

සරොංකාරයා එපා කී මනාලිට ‘කලිසං මනාලයෙක්’ මාරුකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site