IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සායනයේදී දොස්තරගේ ගුණ ගැයූ සංවිධායකට අපූරු පිළිතුරක්

(තිහගොඩ උපසේන ලියනගම)
සබරගමුව පළාතේ උපනගරයක පසුගියදා පැවති සෞඛ්‍ය සායනයකි. එහි අවසානයේ සංවිධායකවරයා ඒ සඳහා සහභාගි වූ වෛද්‍යවරුන්ට තම ස්තුතිය පළ කරන අවස්ථාවේ ප‍්‍රධාන වෛද්‍යවරයා ගැන විශේෂ සඳහනක් කොට එතුමා කරන සේවයට අනාගතයේ දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත‍්‍රයෙක්ව ඉපදේවායි ප‍්‍රාර්ථනා කළේය.


ඉතාම නිහතමානී වූ එම වෛද්‍යවරයා තම අවසන් කතාවේදී කී දෙයින් සංවිධායකවරයාට තරු පෙනිණි.


අපේ සංවිධායකතුමා මීළඟ ආත්මයේ මම දිව්‍යලෝකයේ දේව පුත‍්‍රයෙක් වෙන්න පැතුවා. ඒත් එහේ ලෙඞ්ඩු නැහැ. ඒ නිසා එහේ ඉපදෙනවාට වඩා ඊළඟ ආත්මෙත් මේ රටේම වෛද්‍යවරයෙක් වෙන්න මම පතනවා.


ඔහුගේ ප‍්‍රකාශයෙන් බලවත් සතුටට පත් පිරිස සිනාසෙමින් අත්පොළසන් දුන්නේ වෛද්‍යවරයාගේ ප‍්‍රාර්ථනාවට එකඟතාව පළ කරමිනි.



අදහස් (0)

සායනයේදී දොස්තරගේ ගුණ ගැයූ සංවිධායකට අපූරු පිළිතුරක්

ගමගේ Friday, 13 February 2015 04:51 AM

දොස්තර මහත්තයා මේ ලෝකේදී හොඳට හම්බකරන පාටයි වගේ. නැත්නම් ඇයි දිව්‍යලෝකයේ දේව පුත‍්‍රයෙක් වෙන්න අකමැති වෙන්නේ? මම දන්නා හැටියට කිසිම මනුස්සයෙක් දිව්‍යලෝකයේ දේව පුත‍්‍රයෙක් වෙන්න අකමැති වෙන්නේ නැහැ. (නි)

:       0       0

කුමාරි Friday, 13 February 2015 04:52 AM

දුමින්ද,අද කාලා හෙට මැරුණත් සැපයි කියලා ජීවත්වෙන මිනිසුන්ට හොඳ,නරක,සැප දුක තේරෙන්නේ නැහැ.දැන් සසරට බැඳතබන දේ මිසක් සසරෙන් එතෙරවෙන මඟක් පන්සලක ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟවත් නැහැ.එහෙම තැනක් අමාරුවෙන් හරි ඇති කරන්න හැකි නම් ඒක නිවන් දකින්න පිනක්... (නි)

:       0       0

ජෙහාන් Friday, 13 February 2015 05:29 AM

සමහරවිට දොස්තරට හිතෙන්න ඇත්තේ, මේ මිනිස් ලොවේ එක දිව්‍යාංගනාවක් සමඟ ගෙවන පවුලේ ජීවිතය මෙච්චර දුෂ්කර නම්, බැරිවෙලාවත් දිව්‍ය ලෝකයේ අන්තඃපුරයටවත් පත්වීම ලැබුනොත් මාව මොන අමාරුවේ වැටේවිද කියලා වෙන්නත් පුලුවන් (නි)

:       0       0

ලංකාසිරි Friday, 13 February 2015 09:12 PM

දිව්‍යලෝකේ හුගක් කල් සැප විඳින එකත් මහ කට්ටක්. කොහොම හරි සංසාරේ කෙටි කර ගන්නයි බලන්න ඕනේ. (ස)

:       0       0

කුමාරී Saturday, 14 February 2015 03:00 AM

සංවිධායකතුමා එහෙම කීවේ දොස්තර මහත්තයාට තියෙන ගෞරවය හදවතින්ම ප්‍රකාශ කිරීමට නේද? (නදී) /

:       0       0

රුවන් Thursday, 12 February 2015 08:11 PM

මුදලට යටනොවන දොස්තරවරු තමා මිහිපිට දෙවියෝ! (නි)

:       0       0

සරත් Thursday, 12 February 2015 11:09 PM

හොඳ දොස්තර මහත්මයෙක්. (නි)

:       0       0

පහන් Friday, 13 February 2015 11:20 AM

හිපොක්‍රටීස්ගේ දරුවෙක්... (නි)

:       0       0

සෙනරත් Saturday, 14 February 2015 06:03 AM

සමහර දොස්තර මහත්වරු ඉන්නවා, දුප්පත් ලෙඩුන්ට තමන්ගේ මුදළින්ම බෙහෙත් ටිකත් අරන්දෙන. ඒ වගේම තව සමහර දොස්තරලා ඉන්නවා විනාඩි දෙකෙන් ලෙඩාව බලල රුපියල් දෙදාහක් විතර අයකරනවා. මේ දොස්තර මහත්තය පළමුව කියපු ගොඩට අයිතිවෙන කෙනෙක් වගෙයි මටනම් හිතෙන්නේ.

:       0       0

දුමින්ද Friday, 13 February 2015 01:53 AM

නැවත ආත්මයක් පැතීම බියකරු සසර ගැන නොදන්නා අය කරන දෙයකි (නි)

:       0       0

රුවන් Friday, 13 February 2015 02:19 AM

හොඳ වෙද මහත්මයෙක් වගෙයි. (නි)

:       0       0

හෂාන් Friday, 13 February 2015 03:05 AM

ඉතින් එයා ප්‍රාර්ථනා කළේ දිව්‍ය ලෝකේ දොස්තර කෙනෙක් වෙන්න නෙමෙයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site