IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සීයාට බේත් විදලා මුණුපුරාට ලොතරැයියක් ඇදිලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර) 
දිනපතා මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටින තම සීයාගේ එම පුරුද්ද දින තුනකට නතර කිරීමට කටයුතු කර ඔහු දින තුනේ ඒ සඳහා වියදම් කරන රුපියල් 1500 ක මුදල ඔහුගෙන්ම ඉල්ලා ගත් මුණුබුරකු පිළිබඳ රසවත් පුවතකි මේ. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකි. 


ඔහු අවුරුදු 68 ක් වයසැති වෘත්තියෙන් පෙදරේරුවෙකි. ඔහු පදිංචිව සිටියේ සිටි බාල පුතාගේ නිවෙසේය. සෑම දිනකම දවසේ වැඩ නිමකර ආපසු නිවෙස බලා එන අතුරතුර ප්‍රදේශයේ මත්පැන් අලෙවි කරන ස්ථානය වෙත ගොස් බෝතල් භාගයක් පානය කිරීම ඔහුගේ පුරුද්දය. 


පොහොය දිනකදීවත් මෙම පුරුද්ද නතර කළේ ඔහු නොවේ. දරුවන් මුණුබුරු මිනිබිරියන් කොතෙක් කීවත් මෙම නරක පුරුද්ද අත්හරින ලෙස ඔහු එය ගාණකටවත් ගත්තේ නැත. ඔහු උපයන දෛනික වැටුප වූ රුපියල් 2000 න් දිනපතා 500 ක් වැය කළේ මත් පැන් වලටය. 


පසුගිය දිනක ඔහු ජීවත් වූ ප්‍රදේශයේ ග්‍රාමීය රෝහලේ වයස 60 ට වැඩි පුද්ගලයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම සිදු කෙරුණු අතර ඔහු ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන එන්නත ලබා ගැනීමට එහි ගියේ සිය මුණුබුරා ද සමගය. 


මුණුබුරා 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරමක කටකාර සිසුවෙකි. එන්නත ලබා ගෙන ආපසු එමින් සිටින අතරතුර මුණුබුර සීයාට පැවැසුවේ මෙවැන්නකි. 


සීයේ මේ එන්නත් අරගෙන පැය 72ක් ඒ කියන්නේ දින 03ක් අවසන් වෙනකම් මත්පැන් බොන්න හොඳ නෑ. එතන දැන්වීමකුත් සවි කරලා තිබුණේ ඒ බව දන්වලා. 


හොඳයි පුතේ එන්නත විද්දට පස්සේ මට ටිකක් හිසේ කැක්කුමක් තියෙනවා. මං දවස් තුනක් බොන්නේ නැතිව ඉන්නම් කෝ. බේත් එක විදපු නෝනත් මොකක්ද එපා කියලා කිවා. මට ඒක හරියට ඇහුණේ නෑ. මං හිතන්නේ බොන්න එපා කියලා කියන්න ඇති. 
නිවෙසට පැමිණි දරුවා සිය පියාට දන්වා සිටියේ දින 03 කට සීයාගේ මත් පැන් බීම නතර කරවන බවයි. 


අනේ පුතේ දින 03 කට නොවෙයි එක දවසකටවත් තාත්තා ඔය ජරාව කටේ ගාන එක නතර කළොත් ලොකු දෙයක්. මෙච්චර කාලෙකට අපිට ඒක කරන්න බැරි වුණා. දවස් තුනක් තාත්තා බීම නතර කළොත් මම ඔයාට රුපියල් 500ක් දෙනවා. 


 එන්නත ලබාගෙන පැමිණි දිනයේ නිවසින් පිටතට නොගොස් නිවෙසේ රැඳී සිටිමින් සැවොම සමග රාත්‍රී ආහාරය ගැනීමට එක්වීම නිවසේ සියල්ලන්ගේම සතුටට කරුණක් විය. 


ඉතිරි දින දෙකත් ගත වී ගියේ සෑම දෙනාම පුදුමයට පත් කරවමිනි. මත් පැනට ඇබ්බැහි වී සිටි ඔහු දින තුන අවසන් වන තෙක් මත්පැන් පානය කළේ නැත. 


සීයා අසලට ගිය මුණුබුරා ‘‘සියේ ඔයා මේ දවස් තුනේම බීවේ නෑනෙ. දවසට 500ක් වියදම් කරනවානේ. දවස් තුනට 1500ක් වැය වෙනවා. මට හොඳ ක්‍රිකට් බැට් එකක් ගන්න ඒ සල්ලි මට දෙන්න.’’ 


ඔහු සාක්කුවට අත දමා රුපියල් 500 නෝට්ටු තුනක් ගෙන මුණුබුරා අත තැබුවේ ඔහුගේ හිසද පිරිමදිමිනි. 


තව රුපියල් 500 ක් ඕනෑ. ඒක තාත්තාගෙන් ඉල්ලා ගන්නම්. එයා පොරොන්දු වුණා ඒ මුදල මට දෙන්න. සීයා දින 3 ක් බීම නතර කළානේ



අදහස් (0)

සීයාට බේත් විදලා මුණුපුරාට ලොතරැයියක් ඇදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site