IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැමියා හතර අතේ යනවාට බිරිය අලුත් නවාතැනක් සොයා දීලා

(හසලක සුනිල් ඒකනායක)
සැමියාගේ සමාජ සේවා කටයුතු නිසා සියදරුවන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වේයැයි කියා බියක් දැක් වූ තරුණ බිරිඳක සැමියාට නිවෙසට ඇතුළුවීම තහනම් කරමින් නිවෙසේ ඉදිරි දොරේ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ පුවතක් කුණ්ඩසාල ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.


තිස් හතර හැවිරිදි ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. කුඩා දරුවන් දෙදෙනකුගේ පියෙකු වන මොහු සිය වෘත්තිය කටයුතු නිවසට යාබදව ඉදිකර ගත් වඩුමඩුවේ පවත්වාගෙන ගියේය. සිය මෙවලම් හා වෙනත් ආරක්ෂිත දෑ සුරක්ෂිතව තැබීම සඳහා මෙම මඩුවේම කොටසක කුඩා කාමරයක් ඉදිකරගෙන තිබිණි.


මොහු රැකියාවට අමතරව ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති කිපයක සාමාජිකත්වය දරන අතර එම සංවිධානවලින් කරන විවිධ සමාජ සේවා කටයුතුවලට රැකියා වෙන් විවේක ලද සෑම අවස්ථාවකම නිරතවීමට නිවසින් බැහැරට යෑම පුරුද්දක් කරගෙන සිටියේය.


මේ වෙනවිට රටම වෙලාගෙන සිටින මාරාන්තික වසංගත තත්ත්වය හේතුවෙන් එම සමාජ සේවා කටයුතුවලට නිවසින් පිට නොයන ලෙසත් මිනිසුන් ගැවසෙන ස්ථානවලට නොයන ලෙසත් බිරිය දැන්වූවාය. එවැනි ස්ථානවලට ගොස් රෝගය බෝකරගෙන නිවසට පැමිණ එය දරුවන්ටද බෝවීමට ඉඩ ඇති හෙයින් එසේ නිවෙසින් පිට නොයන ලෙස  තරුණ බිරිඳ ඔහුට කීප විටක්ම නැවත නැවත පැවසුවේ අවවාදාත්මක ලෙසිනි.


එම උපදෙසට, ඉල්ලීමට ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. සිය සමාජ සේවා කටයුතු පෙරපරිදිම කරගෙන ගියේය. මෙය කෙසේ හෝ නැවැත්විය යුතු යැයි සිතා ගත් ඇය මෙදින සැමියා නිවෙසින් පිටතට ගිය අවස්ථාවේ ඔහුගේ නිදන ඇඳ ඇතුළු ඔහු පරිහරණය කරනු ලැබූ සියලුම දෑ වඩු මඩුවේ ඇති කාමරයට දැමූ අතර සිය නිවෙසේ ඉදිරි දොර වසා දැන්වීමක් අලවා තිබිණි.


එහි මෙසේ විය.


ඔබ සමාජසේවා කටයුතුවලට නිවෙසින් පිටයෑම නතර කරන තුරු අද දින සිට ඔබට නිවසට ඇතුළු වීම සහ දරුවන් සමග ඇසුරු කිරීම තහනම්ය. අද සිට ඔබගේ නවාතැන වඩුමඩුවේ කාමරයයි. කාමරය සකස් කර ඇත. එතැනට අවශ්‍ය කෑම බීම ගෙනැවිත් තබන්නම්. මෙය මගේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා ගත් පියවරකි. අමනාප නොවන්න.


සමාජ සේවා කටයුතු නිමාකර මෙදින පෙර පරිදි නිවසට පැමිණෙන විට බිරිඳගේ එම දැන්වීමෙන් පසු කරකියා ගත කිසිවක් නොවීය. එබැවින් ඔහු බිරිදට පොරොන්දු වූයේ කෝවිඩ් වසංගතය පහව යනතුරු නැවත සමාජ සේවා කටයුතුවලට නිවෙසින් පිටතට නොයන බවය. 

 



අදහස් (1)

සැමියා හතර අතේ යනවාට බිරිය අලුත් නවාතැනක් සොයා දීලා

danyal Friday, 20 August 2021 02:28 PM

බල්ලාව ගෙට අරගෙන මිනිහව බලු කූඩුවට දාලා වහනවා .අන්න ඒක තමයි මගේ නෝනා කෙරුවේ

:       4       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site