ගාල්ල දිස්ත්රික්කයේ කෙළවර පිහිටි තේ වත්තක වතු නිවාසයක පදිංචිවි සිටි ඇය 51හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා මේ දිනවල රාත්රි කාලයේ කෝවිලේ පූජාවකට යන නිසා නිවසේ සිටියේ දස හැවිරිදි දරුවා සහ ඇය පමණි.
මේ අතර ඉකුත් සිකුරාදා රාත්රියේ ද ඇයගේ සැමියා පූජාවට කෝවිලට ගියේය. ඇය නිවසටවි විදුලි පහන් නිවා දමා ඇඳට වැටුනාය. ටික වේලාවකදී කළුවරේම ඇයගේ ඇඳට පුද්ගලයකු ගොඩවුණේය. ඇය සිතුවේ සැමියා පූජාව අවසන්ව පැමිණ ඇති බවය.
වෙනදාට වඩා සැමියාගේ හැසිරීමේ වෙනසක් ඇයට දැනුනත් සැමියා නිසා ඇය ඒ සියල්ලම ඉවසාගෙන සිටියාය. ටික වේලාවකදී ඇය ඇඳෙන් බැස විදුලි පහන් දැල්වූයේ ඇඳට නැංගේ අවතාරයක්දැයි දැන ගැනීමටය. ඇයට දෙවියන් සිහි වුණේ එවිටය. ඇය සැමියා යයි සිතා මෙතෙක් වේලා සිට ඇත්තේ යාබද වතු නිවාසයක පදිංචි පුද්ගලයකු සමගය. ඒ සමගම එම පුද්ගලයා ද නිවසින් පිටව දිව ගියේය.
පසුදින උදෑසන ඇය මෙම සිද්ධිය අසල්වාසීන්ට කීවාය. ඒ අතර සැමියාද ආවේය. සියල්ලන්ගේම ඉල්ලීම පරිදි ඇය පොලිසියට ගියාය. පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. සැකකරු 50 හැවිරිදි යාබද වතු නිවසක පදිංචි තිදරු පියකු බවත් ඔහුගේ දරුවන් දෙදෙනකු විවාහවී ඇති බවත් බිරිඳ විදේශ ගතව සිටින බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
පොලිසිය නිවසට යනවිට ඔහු පලා ගොසිනි. මේ පිළිබඳව ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
උණවටුන ඩී.ජී. සුගතපාල
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමියා නැති රෑ ‘අවතාරයක්’ ඇඳට නැගලා