වසර 7ක් ජීවත් වූ 26 හැවිරිදි තම සැමියා හා සිව් හැවිරිදි දියණිය හැර දමා මුහුණ ුපොතෙන් හඳුනා ගත් 45 හැවිරිදි විවාහකයෙකු සමගින් දිවිගෙවීමට ගිය 25 හැවිරිදි එක්දරු මවක පිළිබඳව කිරිඳිවැල පොලිසියෙන් වාර්තා විය.

කලක් පැවති පෙම් සබඳතාවකින් පසුව විවාහ වී වසර හතක කාලයක් සැමියා හා දියණිය සමඟ කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්ව සිටි මෙකී එක්දරු මව ජංගම දුරකතනය ඔස්සේ මුහුණු පොතට අබ්බැහිවීම මෙයට ප්‍රධාන හේතුව බව ඇයගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.
අවස්ථා කිහිපයකදීම හොඳින් මේ ගැන අවවාද කළත් එය නොපිළිගත් ඇය හිටිහැටියේම පැපිලියවල ප්‍රදේශයට පැමිණියේ තම 45 හැවිරිදි මුහුණු පොතේ මිතුරා සොයාගෙනය. දින සති ගණන් ගතවුවත් තම බිරිඳ නොපැමිණි නිසා තම දියණිය මව ගැන නිතර නිතර විමසීමත් නිසා තම බිරිඳ ගැන තොරතුරු සොයා අවසානයේදී සැමියා කිරිඳිවැල පොලිසියට පැමිණිලි කළේය.
පසුව පොලිසිය දෙපාර්ශවය ගෙන්වා ළමා හා කාන්තා කාර්ය්‍යංශයේදී පැමිණිල්ල විභාග කළේය. තම 45 හැවිරිදි අනියම් සැමියා අත්හල නොහැකි බව කාන්තාව කියා සිටීම නිසා මුල් සැමියා දරුවාද සමගින් කුරුණෑගල බලා කලකිරුණු සිතින් යුත්ව යන්නට ගියේය.
(කිරිදිවැල - උපාලි රණවීර)
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1421
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියාත් දුවත් එපා කියා බිරිය 45 විවාහකයා එක්ක ගිහින්
කමල් Thursday, 14 March 2019 12:14 PM
මේ කාන්තාව එතකොට වන්දි ගෙවන්නේ නැද්ද? ඔය දේම පිරිමියෙක් එහෙම කරා නම් කාන්තා සංවිධාන එකතුවෙලා ලොකු වන්දියක් මේ ගෑණු කෙනාට අරගෙන දෙනවා.