IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සැමියාට හොරෙන් ගත්ත ණය ඉල්ලන්න ආවාම පොලිසිය ගෙන්වලා

බුලත්සිංහල ලක්මි කුඩලිගම
ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


ගමකට පැමිණි කලිසම් හැඳගත් ටයිපටි පැළඳි පෙනුමෙන් වැදගත් යැයි සිතිය හැකි මැදිවියේ මහත්වරුන් පිරිසකි.


ණය දෙන සමිතියක් පිහිටනවා. කතාව පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. කාන්තාවෝ පිරිසක් රොක්වූහ. කතාව නම් හොඳයි. ඒක හොඳ සමිතියක්. අපේ මිනිහා මට දෙන සල්ලි මදි. මමත් මේකෙන් ණය ගන්නවා. මාසයට දෙන එකෙන් කීයක් හරි එකතු කරල වාරිකය ගෙවනවා.


බොහෝ පිරිසක් මේ සමිතියෙන් ණය මුදල් ගත්හ. කාලයක් ගතවිණ. සමහර කාන්තාවන් කියපු දිනට පොලිය සමග වාරික ගෙව්වත් මේ කියන කාන්තාවට නියමිත වෙලාවට ණය වාරිකය ගෙවීමට නොහැකි විය.
දිනක් හැන්දෑවේ ණය දෙන මහත්තයා නිවෙසට පැමිණියේය. ණය වාරිකේ ගෙව්වේ නැහැ නේද? ඒක අරන් යන්නයි ආවේ.


අනේ මහත්තයා අද නම් දෙන්න විදියක් නැහැ. මහත්තයා එන්න කලින් මෙහෙන් යන්න. පස්සේ මම ණය ගෙවන්නම්. නැත්නම් මම ඉවරයි කීවාය.


ඒවා මට වැඩක් නැහැ. ණය වාරිකය දෙනකම් මම යන්නේ නැහැ. ණය දෙන මහත්තයා කීය.


දැන් රාත්‍රියද උදාවී ඇත. සැමියාද නිවෙසට පැමිණෙන වෙලාවද කිට්ටුය.


කලබල වූ කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංශයේ පිහිට පැතුවාය. පොලිසිය නිවෙසට පැමිණෙන විට සැමියාද නිවෙසට පැමිණ සිටියේය. සියල්ලම පොලිසියට කැඳවා කාන්තාවක පමණක් සිටින නිවෙසකට වී සිටීම වරදක් බව ණය දෙන සමිතියේ මහත්තයාටත් තමාගේ බිරිඳ පිළිබඳව මීට වඩා අවධානයෙන් සිටින ලෙස සැමියාටත් තම සැමියාට හොර රහසේ මෙවැනි දේ නොකරන ලෙස කාන්තාවටත් තරයේ අවවාද කර මුදාහැර ඇතැයි පැවසේ.



අදහස් (0)

සැමියාට හොරෙන් ගත්ත ණය ඉල්ලන්න ආවාම පොලිසිය ගෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site