IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැමියාට පොත පෙරළන්න අමතකවී බිරියට යාළුවත් අහිමිවෙලා

(කැලණිය ලාල් එස්. කුමාර)
තම සැමියා අතේ යෙහෙළිය විසින් එවනු ලැබූ නවකතා පොත ඇතුළේ තිබී යෙහෙළිය සැමියාට ලියූ ආදර හසුනක් හමුවීමෙන් කාලයක පටන් තිබූ යහළුකමක් නැතිවීමේ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


මෙම කාන්තාවන් දෙදෙනා කාලයක පටන් ඇසුරු කළේ සහෝදරයන් මෙනි. දෙදෙනාටම දරුවන් සිටින අතර ඔවුනොවුන් අතර සුහදතාව දිනෙන් දින වැඩිවිය.


මෙම කාන්තාවන් දෙදෙනා නවකතා පොත් සහ මැහුම් ගෙතුම් මාරුකර ගැනීම් කටයුතු කළේ එක් කාන්තාවගේ සැමියා විසිනි.


මෙසේ නවකතා පොත් ගෙනයන විට ඔහු පොත පෙරළා මේ පොත හොඳයි ද?, රසවත් ද? යැයි සිරිතක් ලෙස ඇසූ අතර විහිළු තහළු කිරීමට ද අමතක නොකළේය.


මේ අතර වාරයේ දී එක් කාන්තාවගේ සැමියා කෙරෙහි අනෙක් කාන්තාවට ලෙන්ගතුකමක් ඇතිවූවාය. එය ආදරයක් බවට පත්වූ අතර ඒ සඳහා ඇය ඉඟිබිඟි පෑවත් ඔහු එය එතරම් ගණනකට නොගත්තේ තම බිරිඳගේ යෙහෙළිය වූ බැවිනි.


ටික දිනක් ගතවිය. ඇය මේ ආදර හැඟුම ඔහුට දැන්වීමට මගක් කල්පනා කළාය. ඒ අනුව ලිපියක් ලියා පොත තුළ දමා ඔහු අතට පත්කිරීමට ඇය සිතා ගත්තේ ඔහු තම බිරියට පොත් ගෙනයන විට එය පෙරළා බලන බැවිනි.


ඒ අනුව තම යෙහෙළියට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ අලුත් රසවත් පොතක් ලැබුණා යනුවෙනි. ඒ අනුව යෙහෙළියගෙන් නවකතා පොත ගෙනත් දෙන ලෙස සැමියාට පැවසුවාය.


යෙහෙළිය ආදරය ලිපිය ලියා පොත ඇතුළට දමා ඔහුට ද විහිළුවක් කරමින් පොත ඔහු අත තැබුවාය.


තිබූ හදිසිය නිසා වෙනදාමෙන් පොත පෙරළා කිසිවක් නොකියාම පොත බෑගයට දමා ගත්තේ හනික යතුරු පැදියට ගොඩවෙමිනි.


ඔහු ගොස් බෑගය ගෙදර තබා නැවත යතුරුපැදියෙන්ම රැකියාවේ කටයුත්තක් සඳහා ගියේය.


ඔහු රැකියාවට ගොස් තම බිරිඳට දුරකතන ඇමතුමක් දී යෙහෙළිය දුන් පොත බෑගය තුළ ඇති බවත් පැවසීය.


ඒ අනුව ඇය පොත ගෙන පෙරළන්නට වූ අතර එහි වූ ලිපිය ද කියවන්න වූවාය.


ලිපියේ තිබූ දෙයින් කලබලයට පත් ඇය දුරකතන ඇමතුමක් යෙහෙළියට දී හොඳ හැටි ඇයට දොස් තැබුවාය.


අනතුරුව තම සැමියාටද මේ බව පවසා සිටි අතර එදිනෙන් පසු කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය යහළුකමත් එතනින් නිමාවිය.

 



අදහස් (0)

සැමියාට පොත පෙරළන්න අමතකවී බිරියට යාළුවත් අහිමිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site