(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට ගොස් බිරිඳකට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා විය.

විවාහකයකු වූ මුදලාලි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සහ සිල්ලර වෙළෙදාම සිය ජීවිකාව ලෙස කර ගෙන ගිය මැදිවිය ඉක්මවූ අයෙකි. බිරිඳ රජයේ රැකියාවක් කළ තැනැත්තියක්වූ අතර ඇයට දිවා කාලයේ නිෙවසේ රැඳීසිටීමට කාලයක් නැති තරම්ය. ඔවුන් සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේම නිවසක ජීවත්වූ අතර දූදරුවන් විවාහවී වෙනම ජීවත්වූහ. හැට විය ඉක්මවා ඇති මුදලාලි කාන්තා ඇසුර ප්‍රියකරන හා කාන්තාවන් සඳහා අත දිගහැර වියදම් කරන අයෙකි. සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට කාන්තාව දැඩි පරිශ්‍රමයක් දැරුවද එය නිෂ්ඵල කාර්යක් විය.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නිසා දිවා කාලයේ වෙළෙඳ සලේ ඉදිරිපස එක් දොරක් පමණක් විවෘතකර දිනපතා වෙළෙඳාම සිදුකරන අතර සන්ධ්‍යා කාලයේදී පසු පස දොර පමණක් ඇරගෙන වෙළෙඳාම් කටයුතුවල නිරත විය. කඩේට බඩු ගෙන යාමට එන අය කෙළින්ම කඩේ ඇතුළට පැමිණීම වැළක්වීම සඳහා කඩය පිටිපස ඇති ඉඩ ප්‍රමාණය ආවරණය වන පරිදි ලණු ඇද තැබීමට මුදලාලි කටයුතු කර තිබුණි.
දිනක් සැන්දෑවේ ගමෙහි වෙසෙන හැඩකාර කාන්තාවක් කඩයට එනු දුටු මුදලාලිගේ බිරිඳගේ සිතට සැකයක් ඇතිවී අඳුරේම කඩය දෙසට ගියේ සැමියාගේ නොහොබිනාකම අතටම අසුකර ගැනීමටය. කඩය තුළට යාමට ඇති හදිස්සිය නිසා ඉක්මන් ගමනින් ගිය බිරිඳ ඇද තිබූ ලණුවල පැටලී ඇද වැටී කකුල කැඩුණෝ කියමින් මරළතෝනි දෙන්නට වූවාය.
කලබලයට පත් මුදලාලි දිවවිත් බිරිඳ නැගිටුවා වාඩිකර වෙළෙඳ සැල වසා දමා බිරිඳ රෝහල්ගත කිරීමට ගියේය. බිරිඳගේ කකුල ඇස්වටය අසලින් බිඳීයාම නිසා ඇයට ඇවිදීමට නොහැකි වූ අතර මුදලාලි දිගටම කඩේ වසා දැමුවේය.
කඩේට පැමිණි කාන්තාව පසු දින වනවිට සිද්ධිය ගම පුරා ප්‍රචාරය කිරීම නිසා බිරිඳට සිදුවූ අලකලංචිය ගම්මුන්ගෙන් වසන් කිරීමට නොහැකිවී තිබුණි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියාගේ හොර අල්ලන්න ගිය බිරිඳ රෝහලේ