IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැමියාගේ මාටියා ගැහිල්ල ඇඳ අස්කරද්දී මාට්ටුවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නිවෙස්ගතව කොරෝනා රෝග ප්‍රතිකාර ලබන සිය මව, පියා ඇතුළු සහෝදර සහෝදරියන්ට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන යාමට සිය භාර්‍යාව ලබාදුන් මුදලින් කොටසක් මාටියා ගසා භාර්යාවගේ අතටම හසුවී අලිජංජාලයකට මුහුණ දීමට සිදුවූ අපූරූ බෑණා කෙනකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ.


භාර්යාවගේ වැටුපෙන් ජීවත් වීමට ඔහුට සිදු වූයේ කොරානා ව්‍යසනය මේ රට වෙලාගත්දා සිටමය. ඒ ඔහු සේවය කළ හෝටලය වැසීමත් සමගමය. ඒ එක්කම ඉදහිට අඩියක් පුඩියක් ගැසීමට අවශ්‍ය මුදල් ද ඉල්ලා ගැනීමට ඔහුට සිදුවූයේ ද භාර්යාවගෙනි.. කන බොන අයකු නිසා ඔහුට මත්පැන් පොදක්, දුම්වැටියක් තොලගා නොසිටීමට ද බැරිවී තිබිණ. ඒ නිසාම රැකියාව නැතිව සිටි ඔහු කාගේ හෝ මරාලයක් කඩාපාත් කොටගෙන සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට ද පුරුදුව සිටියේ ද කාලයක සිටය.. භාර්යාව ඒ ගැන දනිතත් ඇය එය නවතාලීමට නොගියේය. නැත්නම් ඒ සඳහා අවශ්‍ය මුදල් ද තමාටම දීමට සිදුවන නිසාය.


කොරෝනා වැළදී භාර්යාවගේ මව, පියා ඇතුළු පවුලේ කිහිපදෙනකුම නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණේ මේ අතරවාරයේදීය. මේ අයට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් ඔවුන්ගේ නිවෙසට ගෙනත් දීමට ඇය ඉදිරිපත් වූයේ ඔවුනගේ ආර්ථික මට්ටම දන්නා හෙයිනි.. මේ සඳහා ඇය බඩු තුණ්ඩුවක් සකසා කොරෝනා නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුකොට සිටින  තමාගේ මවට පියාට බඩු රැගෙන යෑමට ඇය සැමියා හට මුදල් ද දුන්නාය.


බෝනොවන ‍රෝගවලින් පෙළීම නිසාත් රට වසා තිබීම නිසාත් එමෙන්ම ජනතාව ගැවසෙන තැන්වලට යාමට ඇති අකමැත්ත නිසාත් ඇය මේ කාර්යය සිය සැමියාට පැවරුවේ ඊට වෙනත් විකල්පයක් නොවූ නිසාය.


 තමාට පැවරූ රාජකාරිය හරියටම ඉටු කළා යැයි කියමින් ඔහු භාර්යාවට කීවේ ඇයගේ හොඳ හිත දිනා ගැනීමටය. ඒ ගැන දුරකතන මාර්ගයෙන් විමසීමේදී ද ඇයට සිය මවගෙන් දැන ගන්නට ලැබුණේ සිය බෑණා නිවෙසට අවශ්‍ය කරන අඩුම කුඩුම ගෙනත් දුන් බවය. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇය සැනසිලි සුසුමක් හෙළමින් සිය ළය සැහැල්ලු‍ කර ගත්තාය. 


එදා දහවල මිදුලට හොඳට අව්ව වැටී තිබූ නිසාත් රට වැසීම නිසා නිවාඩුවක් ලැබී තිබූ නිසාත් ඇය සිය නිවෙසේ කාමරවල තිබූ ඇඳන්වල මෙට්ට. කොට්ට, ඇද, ඇතිරිලි අව්වේ වේලා දැමීමට පටන් ගත්තාය. සැමියාගේ ඇඳ අස්පස් කිරීමට යාමේ දී ඔහුගේ මෙට්ටය යටින් මත්පැන් බෝතලයක් හා දුම්වැටි පැකැට්ටුවක් එළියට ආවේ මේවා ගන්න ඇත්තේ කොහොම ද යන්න භාර්යාවට අවබෝධයට එමිනි.


ඒ සමගම මාරාවේශ වූ ඇය වෙනදා නැතත් එදා පමණක් මුඛ ආවරණය දමා තිබූ ඔහුගේ මුඛ ආවරණය ගලවා දැමූවේ මේවා ගන්නට සල්ලි කෙහෙන්දැයි අසමින් නිහඬව සිටින ඔහුට කතා කරන ලෙස ඉල්ලමිනි. ඒ සමගම තවත් හොරයක් අසුවුණේ ඔහුගේ මුවෙන් මත්පැන් ගදක් වහනයවීමත් සමගමය.


තමාගේම සැමියා මවට පියාට බඩු රැගෙන යාමට දුන් මුදලින් රුපියල් දෙතුන් දහසක් මාටියා ගසා ඇති බව ඇයට තේරුණේ ඔහු මුනිවත රැකීමත් සමගය. ඒ සමගම ඔහුගේ මේ අපූරු මාටියා ගැහිල්ල ගැන ඇය දෙස් දෙවොල් තැබූවේ අසල්වාසීන්ට දැනුම්වත් වෙන අයුරිණි. නැන්දම්මා සහ මාමණ්ඩියට ගෙන ගිය බඩුවලින් ගැසූ මාටියා පාරේ මුදල් සතියක් ඇතුළත කෙසේ හෝ දෙන්නේ යැයි පොරොන්දුව මත ඔහු භාර්‍යාවගෙන් බේරුණත් මෙය ඇසුණු අයගෙන් නම් තවමත් ඔහුට බේරීමක් නැතිලු‍.

 



අදහස් (0)

සැමියාගේ මාටියා ගැහිල්ල ඇඳ අස්කරද්දී මාට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site