(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අම්මාගේ උපදෙස් මත එකම පුත්‍රයා පළමු බිරිය ඉවත් කර ගෙදරට ගෙනා දෙවැනි බිරිය ඉඟුරු දී මිරිස් ගත් කතාවට සමාන වීමේ පුවතක් වැව් බැඳි පෙදෙසේ එච් 4 කලාපය අයත් මහවැලි ගම්මානයකින් අසන්නට ලැබුණි.
පවුලේ අය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
ඇය විශ්‍රාමික ගුරුවරියකි. එකම පුත්‍රයා ඉගෙනගෙන ඇතත් රජයේ රැකියාවක් නොකරන නමුත් ඔහු පෞද්ගලික පංති පවත්වාගෙන යන ඉංග්‍රීසි ගුරුවරයෙකි. මව හා පුතා ඔවුන් සතු මුල් නිවසේ වාසය කරති.
ඔහු තරුණ වියේ දි විවාහ වූයේය. ඔහුගේ සහකාරිය වූයේ රාජ්‍ය සේවාවේ නියැලෙන ගුරුවරියකි. දෙදෙනා සතුටින් වාසය කරන අතරවාරයේ දරු සුරතල් බැලීමේ භාග්‍යය උදා විය. මේ අතරවාරයේ ඇයගේ මව තම දියණියගේ වැඩකර ගැනීමේ පහසුව සඳහා එහි පැමිණියාය. ඇයගේ දරුවා තම මව බලා ගන්නා අතරවාරයේ ඇය ගුරු සේවයට ගියාය. දරුවා බලා ගැනීමට නැන්දම්මා හා අම්මාද කැපකිරීම් කරති.
ඇය ලබන වැටුපෙන් මාසිකව රුපියල් 4000 ක් තම අම්මාට දුන්නාය. ඒ නිවසේ අඩුපාඩු සපුරා ගැනීම සඳහාය. සැමියාගේ අම්මා විශ්‍රාම වැටුපක් ලබන නිසා නැන්දම්මාට මුදල් ගෙවීමක් ඇය සිදු නොකළා ය.
සැමියා හා සැමියාගේ මව ඊට එරෙහි වූහ. ගැටුම දුර දිග ගියේය. අවසානයේ ඇය ඔහුගෙන් වෙන්ව තම සිඟිත්තිය ද රැගෙන අම්මා කැටුව තම නිවසට ගියාය. එලෙස ගිය ඇය සැමියාගේ නිවහන කරා යළි පැමිණියේ නැත. ඇය එහි සිට සේවයට පැමිණියාය. පසු කලෙක ඇය ඔහුගෙන් දික්කසාද වූවාය.
මේ අතර නිවසේ තනි වූ පුතා යළි විවාහයක් කර ගත්තේය. ඇය කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන තැනැත්තියකි. ඇයටද දරුවකු ලැබුණි.
ඇය දරු ප්‍රසුතියෙන් පසුව දරුවා රැගෙන තම මහගෙදරට ගියාය. ඇය තමා ලබාගන්නා වැටුප සම්පූර්ණයෙන්ම තම මවට දුන්නාය. ඒ ඇයට තවත් සහෝදරියන් දෙදෙනෙකු සිටින නිසා ඔවුනගේ අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට වෙනත් කිසිවකු නැති නිසාය. ඇයගේ වැටුප සැමියාට කිසිම දිනක නොලැබෙන නිසා එම දීගයත් දෙදරා යන මංපෙත් විවර වෙමින් තිබෙන බව කියති.
පළමු බිරිය තම වැටුපෙන් කොටසක් ගත් නිසා ගෙදරින් පන්නා දැමූ බවත්, දෙවැනි බිරියගේ මුලු වැටුප ම නැතිව යන එන මං නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පවසමින් පළමු බිරිය ගෙදරින් යවන්නට මුල් වූ වැදූ මවට දැන් පුතා දොස් නගමින් සිටිනවාලු.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
සැමියාගේ බිරියන් මාරුව ඉඟුරු දී මිරිස් ගැනීමක් වෙලා