IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සැමියාගේ කන්තෝරු බෑගයෙන් බිරිඳට රන් පෙන්ඩනයක් අසුවී වලියක් ඇරැඹිලා

සැමියා කාර්යාලයට ගෙන යන බෑගයෙන් හිස්කෑම පෙට්ටිය එළියට ගැනීමට ගිය බිරිඳට ඉංග්‍රීසි අකුරු කෙටූ පෙන්ඩනයක් හමු වී මහා ජංජාලයක් ඇතිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ.


 එද‌ා ඔහු සිය කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් දමාගෙන පැමිණියේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන හිතවතකු බැලීමටය. ගෙටවත් නොවැදුණු ඔහු සිය භාර්යාවට කන්තෝරු බෑගය දී යතුරුපැදියෙන් රෝහල වෙත ගියේ ඒ වන විටත් රෝගීන් බැලීමට වෙන්කර තිබූ කාලය ඉක්ම යමින් තිබූ නිසාය.


භාර්යාවට මේ වගක් නොකී ඔහු ගියේ හදිසි ගමනක් යනවා යයි පවසමිනි. දනිපනි ගා රෝහලේ වාට්ටුව තුළට ඔහු ඇතුළු වූයේ සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කරගෙනය. ඒ රෝහලේ නීති පද්ධතිය අනුවය.


මේ අල්ලපනල්ලේ ඔහුගේ භාර්යාව සැමියා කන්තෝරු රැගෙන යන බෑගය ඇවිස්සුවේ හිස් කෑම පෙට්ටිය එළියට ගැනීමටය. ඇයගේ නෙත ගැටුණේ රන් ආභරණ අලෙවි සලකින් මිලදී ගනු ලැබූ පෙට්ටියක් වෙතය. එහි වූයේ රන් පෙන්ඩනයකි. ඉංග්‍රීසි අකුරු දෙකක් ද කොටා තිබිණි. එයින් එක අකුරක් සිය සැමියාගේ නමේ මුල් අකුරවීමත් සමගම ඇයට උන්හිටිතැන් අමතක වූවාය.


සැමියා කාර්යාලයේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන ඇතැයි එද‌ා සිටම සැක කළ ඇය මෙය ඒ කාන්තාවට දීමට ගෙන ආ එකක් වීමට ඉඩ ඇතැයි සිතුවාය. ඒ මානසිකත්වයෙන් ඒ මොහොතේ සිට ඉවක්බවක් නොමැතිව කටයුතු කළ ඇය මේ සම්බන්ධයෙන් විමසීමට ඔහුට ඇමතුම් ගත්තද දුරකතනය ද විසන්ධිව තිබුණෙන් ඇයගේ සැකය තවත් වැඩි විය.


 ඇය සිය දරුවන් දෙදෙනාද සමග ඇඳුම් පැළඳුම් ද රැගෙන ත්‍රිරෝද රථයකින් මහගෙදර ගියේ ආයෙත් නම් මේ වගේ සැමියකු එපා යයි කියමින් අසල්වාසීන්ද ඒ පිළිබඳව දැනුම්වත් කරමිනි. හැඬූ කඳුලින් මහගෙදර ගිය ඇය මේ සම්බන්ධයෙන් සිය සනුහරේම දැනුම්වත් කළේ සිය සැමියාගේ රෙදි ගලවමිනි.


 අවේලාවේ දොර ජනෙල් වසා දමා නිවසේ කිසිවකු නොසිටි බැවින් ඔහු සිය භාර්යාවට ඇමතුමක් ගත්තේය. තමුසේ වගේ නොහොබිනා මිනිහෙක් එක්ක මම ආයෙත් දීග කන්න එන්නේ නැහැ. කාටද ඕයි අර මාල පෙත්ත දෙන්න හංගගෙන හිටියේ. අද මට තමුසෙගේ හොරේ අහුවුණා. තමුසෙට  පේන්නේ නැහැ මම වැරහැලි ඇඳගෙන ඉන්න හැටි.’ සිදුවී ඇති දේ ඔහුට තේරුම් ගියේ ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැනීමට දැන් බැරි යයි සිතමිනි. 


භාර්යාවට ඇති තරම් ආඩපාලි කියන්න ඉඩ දුන් ඔහු භාර්යාව අමතා කීවේ හෙට අපේ කන්තෝරුවේ නෝනා කෙනකුගේ උපන් දිනයක්. ඇය හෙට අපිට දවල් කෑම වේලක් දෙනවා. ඒකට හිලව් වෙන්න කාර්යාලයේ අය සල්ලි එකතු කරලා මාල පෙත්තක් ගත්තා හෙට දෙන්න. මම අනිවාර්යයෙන්ම හෙට වැඩට යන නිසාත් කාර්යාලයට ළඟ නිසාත් මට ඒක ගෙදර ගෙනියන්න දුන්නා’ යැයි සැමියා කී විට සිදුව ඇති දේ ඇය තේරුම් ගත්තාය.

 

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

සැමියාගේ කන්තෝරු බෑගයෙන් බිරිඳට රන් පෙන්ඩනයක් අසුවී වලියක් ඇරැඹිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site