(මීරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)
පාසලේ ආදි සිසුන්ගේ සුහද ක්‍රිකට් තරගයේදී ඇද වැටී අතක් බිඳී රෝගාතුරව සිටි පැරණි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සුවදුක් බැලීමට ඔහුගේ සිත්ගත් කතක් පැමිණීමෙන් පසු එම රෝගී තත්ත්වය ඉක්මනින්ම සුවවීමේ පුවතක් කොළඹට නුදුරු ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
අගනගරය ආසන්නයේ බොදු විදු බිමකි. ඉන්දියාවේ සුවිශල් විශ්වවිද්‍යාලයක නමින් හඳුන්වන මෙම විදුහලේ එකම වසරක ආදි සිසුන්ගේ සමාගමයකි.
ආදි සිසුන් මෙන්ම සිසුවියන්ද මෙහිදී එකට එක්වී කල් ගත කරන්නේ විනෝදයෙනි. ඇතැම් අවස්ථාවල ඔවුහු විනෝදයට ක්‍රිකට් ක්‍රීඩා තරගද පවත්වයි.
මේ සාමාජිකයන් අතර සංස්කෘතියට දේශීයත්වයට දැඩි ඇල්මෙන් කටයුතු කරන මහත්මයෙකි. ඔහු විවාහකයෙකි. සාර්ථක යුග ජීවිතයක් ගත කරන අප කතානායකයා පාසල් ආදි සිසුන් අතර පැවති ක්‍රිකට් තරගයක් අවස්ථාවේදී ඇදවැටී අතක් බිඳී ගියේය.
ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු වෛද්‍ය උපදෙස් අනුව නිවෙසට වී විවේකීව ගත කළේය.
ඔහු අසනීපයෙන් සිටින අතරේ තම පන්තියේ පැරැණි මිතුරු මිතුරියෝ එකා දෙන්නා පැමිණ ඔහුගේ දුක සැප සොයා බැලූහ. පැය ගණන් ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටියත් ඔහුගේ සිතේ එතරම් සතුටුදායක තත්ත්වයක් නොපෙණුනි.
තම සැමියාගේ මෙම තත්ත්වය ගැන බිරියට අවබෝධවන්නට වැඩි දිනක් ගත වූයේ නැත.
තම සැමියාගේ සිත්ගත් කත නොපැමිණීම ගැන ඔහු දැඩි කනස්සල්ලෙන් සිටින බව ඉවෙන් මෙන් තේරුම්ගත් බිරිය ඇය හමුවීමට ගියාය.
තම සැමියාගේ රෝගී තත්ත්වය පිළිබඳව එම කාන්තාව සොයා ගොස් විස්තර කළාය. ‘‘ඔයත් ඇවිත් බලන්නැයි’’ ඇයට ආරාධනයක් ද කළාය.
පසුවදාම ඇය තම හිතවතා කන්නට කැමති පළතුරු ඇතුළු රසකැවිලිද එහි රැගෙන ආවාය. තම සිත්ගත් කතගේ පැමිණීමත් සමග රෝගීව සිටි අප කතානායකයා මහත්සේ සතුටට පත්විය.
සිතේ තිබූ වේදනාව පහව ගිය අයුරු ඔහුගේ මුහුණු ඉරියව්වලින් දැක ගත් බිරිය සැමියාගේ සිත්ගත් කාන්තාවට හොඳින් ආගන්තුක සත්කාර කිරීමට අමතක නොකළාය.
කෙසේ හෝ ඇය ගියපසු සැමියාගේ අත බිඳීමෙන් වූ වේදනාව ද පහව ගිය බව බිරිය දැන ගත්තාය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියාෙග් අතේ ඇම්මට බිරියගෙන් අපූරු සාත්තුවක්
pakeer Monday, 20 September 2021 07:21 PM
බිරිඳ, හැගීම් තේරුම් ගත්ත හොඳ කාන්තාවක්
NaradaMonday, 20 September 2021 09:35 PM
මට මේ වගේ බිරිඳක් අවශ්‍යයි ...
bandara Wednesday, 22 September 2021 08:43 PM
මෙහෙම බිරින්දෑවරු ඉන්නවා නම් කුමටද මේ ලොව හැරයන්නේ...? ලබන ආත්මේදී වත් මෙවැනි බිරිඳක් පතමු...