IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


සබන් කැට ගෙදරටම එන කප්රුකක් පහළවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)                        
කඨින පූජෝත්සවය නිමිත්තෙන් සිය විහාරස්ථානයේ ධර්මශාලාවේ සකස්කරන ලද කල්ප වෘක්ෂයේ එල්ලා තිබූ සබන් කැටවලින් කැට දහයක් පමණ ප්‍රධාන දායකයාගේ ගමන් මල්ලෙන් මතුවූ පුවතක් දකුණේ විහාරස්ථානයකින් වාර්තාවේ.


කඨින පූජෝත්සවයක් පැවැත්වෙන විහාරස්ථානවල දායක දායිකාවන් ගෙනෙන පූජා භාණ්ඩ එල්ලීමට ධර්මශාලාවේ තැන්පත් කොට ඇති ගසක අත්ත හඳුන්වනුයේ කල්ප වෘක්ෂය නමිනි. දායක දායිකාවෝ මේ වෘක්ෂයේ විවිධ පූජා භාණ්ඩ එල්ලති. සබන්, දත් බෙහෙත්, බෙහෙත් පැකට් වර්ග, බෙහෙත් තෙල් බෝතල්, කොපි පොත්, පෑන් යනාදිය ඒ අතර බහුලය.


මේ විහාරස්ථානයේ ද කල්ප වෘක්ෂයක් සාදා තිබුණේ කඨින පූජෝත්සවයටය. කඨිනය දා මේ කල්ප වෘක්ෂයේ ගැට ගසා තිබූ පූජා භාණ්ඩ අස්පස් කරන අතර, බොහෝවිට විහාරාධිපති හිමියන් එම කාර්යය පවරන්නේ තමන්ට විශ්වාස තැනැත්තකුටය. මේ විහාරස්ථානයේ කල්ප වෘක්ෂයේ ගැටගසා තිබූ පූජා භාණ්ඩ අස්කිරීමට විහාරාධිපති හිමියන් භාරදුන්නේ ප්‍රධාන දායක මහතාටය.


ඔහු කල්ප වෘක්ෂයෙන් පූජා භාණ්ඩ ඉවත් කරන අතරතුර එහි තිබූ සබන් කැට දහයක් පමණ සිය ගමන් මල්ලට ද දා ගැනීමට අමතක නොකළේය. එය ඉතා හොර රහසේ කළත් සිද්ධිය දුටු අයෙක් ඒ බව විහාරාධිපති හිමියන්ට සැල කළේය.


කලබල නොවූ විහාරාධිපති හිමියෝ ප්‍රධාන දායක මහතාගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස මෙය සත්‍යයක් දැයි දැන ගැනීමට උපායක් ද යෙදවූහ.


කල්ප වෘක්ෂයේ පූජා භාණ්ඩ අස්පස්කර අවසන් වූ පසු විහාරාධිපති හිමියෝ ප්‍රධාන දායක මහතා ඇමතූහ.


“දායක මහත්තයා කල්පවෘක්ෂයේ පූජා භාණ්ඩ අස්පස් කළා ද?” 


“ඔව් ලොකු හාමුදුරුවනේ මම ඒවා අසපස් කරල පොඩි හාමුදුරුවන්ට දුන්නා අරන් තියන්න කියලා”


“ඒක බොහෝම හොඳයි. ඒක නෙවෙයි දායක මත්තයෝ, දායක මහත්තයා හොරකමකට අල්ලන්න කවුරු හරි කෙනෙක් දායක මහත්තයාගේ මල්ලට කල්ප වෘක්ෂයේ තිබුණු සබන්කැට කිහිපයක් දාලයි කියලා මට ආරංචි වුණා. මේක ඇත්තද කියලා බලන්නකෝ” 


මෙයින් හීන් දාඩිය දැමූ ප්‍රධාන දායකයා සිය ගමන් මල්ලේ තිබූ සබන් කැට තොගය ගත්තේ “අනේ අපේ හාමුදුරුවනේ ඇත්තම නේනම් මේ අසමජ්ජාතියෝ මාව හොරෙක් කරන්න කරපු වැඩක්” කියමිනි. “මුන්ට නම් හොඳක් වෙන්න එපා” කියමින් දෙස් දෙවොල් තියමින් ඔහු සබන් කැට ටික ලොකු හාමුදුරුවන්ට භාරදුන්නේය.


ප්‍රධාන දායක මහත්තයා කෑම ටිකක් කාල එන්නකෝ කියමින් විහාරාධිපති හිමියෝ ආවාසය තුළට වැඩි අතර ඔහු කෑම තියා ඇල්වතුර ටිකක්වත් නොබී සිය නිවසට හනි හනිකට දිවගියේ තමන් පත්වූ අන්ත අසරණ තත්ත්වය හොඳින් මෙනෙහි කරමිනි. ඉන්පසුව වෙනදා හැමදාම පන්සලට එන ප්‍රධාන දායකයාගේ නොපැමිණීම සම්බන්ධයෙන් අනෙක් දායකකාරකාදීන් විමසිලිමත් වූවිට මේ කාරණේ බොහෝම සීරු මාරුවට පැතිරුණාලු.

 



අදහස් (0)

සබන් කැට ගෙදරටම එන කප්රුකක් පහළවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1628 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1394 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site