සපත්තු මහන්නාගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයාට සපත්තු මහන්නා ‘දොරේ’ කියා ආමන්ත්‍රණය කිරීමෙන් කෝපයට පත්ව ‘වැදගත් මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින්’ යැයි පවසා සපත්තු මහන්නාට පහර දීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් මහනුවර නගරයෙන් වාර්තා වේ.

හොඳට හැඳ පැළඳගත් වයස අවුරුදු 40ක් පමණ වයසැති අයෙකු මදුවිතෙන් පදම් වී තමා හැඳ සිටි සපත්තු ජෝඩුව පිළිසකර කර දෙන මෙන් නගරයේ වීදියක සපත්තු මසන පුද්ගලයෙකුගෙන් ඉල්ලීමක් කර ඇත.
සපත්තු මහන්නා ‘‘අනේ දොරේ අද දෙනවා කියා ගන්න බැහැ. වැඩ ගොඩයි. අද නම් දෙන්න විදියක් නැහැ තියලා යන්න දොරේ’’ කියා පැවසීමත් සමග ‘‘මම කවුද කියලා උඹ දන්නවාද? මට දොරේ කියන්න’’ යනුවෙන් පැවසූ සපත්තු හිමිකරු මසන්නාගේ බඩු මුට්ටුවලට පා පහර දීමට පටන් ගැනීම නිසා බියට පත් සපත්තු මසන්නාගේ කෑගැසීම නිසා අවට සිටි උදවිය සපත්තු මහන්නා ළඟට පැමිණ කරුණු විමසූ විට සපත්තු මහන්නා ‘‘මේ දොරේ මට ගහන්න හදනවා’’ යැයි පැවසීය. එවිට සපත්තු මැසීමට පැමිණි පුද්ගලයා ‘‘අන්න දැක්කද මේ මනුස්සයා වැදගත් මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ මට දොරේ කියල අපහාස කළා’’ යැයි පැවසීය.
මේ කතා බහ අසා රැස්ව සිටි පිරිස අතර සිටි තරුණයකු ‘‘අනේ මහත්තයා දොරේ කියන්නේ දෙමළ භාෂාවෙන් මහත්තයා කියන එකටයි. ඒක තේරෙන්නේ නැති මේ වගේ මහත්වරුන්ට සිංඤ දොරේ කියල කීවානම් ඉවරයි’’ යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රැස්ව සිටි පිරිසගේ සිනහව සමඟ සපත්තු මැසීමට පැමිණි පුද්ගලයා හෙමින් සීරුවේ මාරු වී ගියේ කිසිවක් නොවූ ගානටය.
පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සපත්තු මහන්නාගේ ‘දොරේ’ කතාවට මහත්තයට ජුවල්