IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැපක් ගන්න කතා කළ ආච්චිගෙන් මුණුබුරාට කොහුමිටි සංග්‍රහයක්

(රත්ගම විශේෂ. - ධර්මදාස සිරිවර්ධන)
හදිසියේ ලැබුණු වාසියකින් යුතුකම් ඉටුකිරීමට ගොස් අමාරුවේ වැටුණු පුද්ගලයකු ගැන දකුණේ පිටිසරබද ගමකින් අසන්නට ලැබුණි. හදා වඩාගත් තම ආච්චිට සැපක් ගැනීමට කතා කළ මුණුබුරෙකු විසින් වචන පටලවා ගැනීමෙන් සිදුවන්නට ගිය විපතක් අනූනවයෙන් බේරී ගොස් ඇත්තේ තම මවගේ කුනු බැනුම් මධ්‍යයේය. වාර්තා වන  අන්දමට සිද්ධිය මෙසේය. 


වයස අවුරුදු  23ක් පමණ වන සුළු රැකියාවක් කළ ඔහු හැඩකාර පෙනුමක් ඇති අවිවාහක තරුණයෙකි. 


ඔහු තමා හදා වඩා ගත් ආච්චිට මවටත් වඩා  ආදරය කළේය. ඇය වැඩිහිටි සමිතියේ ද කැපීපෙනෙන චරිතයක් විය. එයට හේතුවක් වූයේ වයස නොපෙනෙන, තරමක් උගත් මෙන්ම මහත් සේ  විනෝදකාමී චරිතයක් ඇති කාන්තාවක වූවාය. එමෙන්ම හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් යුත් කාන්තාවකි. කෙසේ වුවද මේ වන විට ඇය තරමක් දුර්වල තත්ත්වයේ පසු වූවාය. එහෙත් ඇයගේ  හිතේ හය්ය නම් අඩුවක් නොවීය.


මෙම  සිද්ධියට අදාළ මුනුපුරාට පසුගිය දිනෙක අහම්බෙන් මෙන් රේස් කොළ කෑල්ලක් වැඩ කළේය. ඒ ගැන ඔහු මහත්සේ සතුටු වූ අතර මේ මුදලින් අලු‍ත් දෙයක් කිරීමට සිතුවේය.


දිනක් මුණුබුරා කල්පනා කළේ  වාහනයක් රැගෙන විත් තම ආච්චි    හොඳ හෝටලයකට කැඳවාගෙන ගොස් හොඳින් කෑම බීම ලබාදී  සංග්‍රහ කර චිත්‍රපටයක් ද පෙන්වා ආපසු නිවසට කැන්දාගෙන ඒමටය.  සිද්ධිය සිත්හි තබාගත් ඔහු බාර් එකට ගොස් සප්පායම් වී  නිවෙසට අවශ්‍ය බඩු ද රැගෙන නිවෙසට පැමිණියේය.


 මඳ පමණින් සප්පායම් වූ ඔහු නිවසට පැමිණෙන විට ආච්චි සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය. බඩු මුට්ටු සාලයේ තැබූ ඔහු සාලයට පැමිණ  ආච්චියේ අද අපි හොඳ හෝටලයකට ගිහින් හොඳට කාලා චිත්‍රපටියකුත් බලලා සැපක් ගනිමු’යි කීවේ බමන ගතියෙනි.


  ආච්චි කිසිත් නොකියා තම කාමරයට ගොස් ඔහුට කතා කළේය. බමන මතින්  කාමරයට ගිය ඔහුට ආච්චි දිගට හරහට කොස්සෙන් තඩි බෑවාය.


පසුව ඔහු මෙම අලකලංචිය තම මවට කීවාය. ඉන් පසුව  කාමරයට ගිය ඔහුගේ මව තම මෑණියන් වූ ඇයට කරුණු පැහැදිලි කළාය. 


ආච්චිට මහත් දුකක් ඇතිවිය. සිදුවූ දෙයට සමාව ගැනීමට ඇය ඔහු  සොයන විට ඔහු  නිවසින් පිටව ගොසිනි.


  සිද්ධිය පිළිබඳ එහි සිටි මිතුරකුට පැවසීම නිසා මේ සිද්ධිය ගැන ගමේ මෙන්ම සේවය කරන ස්ථානයේ මිතුරන්ටද සැල වූ අතර ඒ ගැන අසන විටම ඔහුට කේන්ති ආවද ඒ බවක් නොපෙන්වා   ”‍ඕව බීමේ විපාක බං”‍ යනුවෙන්   සිනාමුසු මුහුණින් පවසා මාරුවන්නේ කේන්ති ගියහොත්  මේ ගැන විමසීම් දෙගුණ තෙගුණ වන බව ඔහු අත්දැකීමෙන්  දන්නා නිසාලු‍.

 



අදහස් (1)

සැපක් ගන්න කතා කළ ආච්චිගෙන් මුණුබුරාට කොහුමිටි සංග්‍රහයක්

beau Monday, 18 January 2021 11:12 PM

අනේ පව්..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site