IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සේනා දළඹුවා උගසට තියා බිරියගේ රන් මාලෙට විදලා

(වියලු_ව වාර්තාකරු)
කිරි වැදීමට ආසන්න වෙමින් පවතින ගොයමට සේනා දළඹු උවදුර වැළඳී ඇතැයි පවසා කුඹුරට කෘමිනාශකයක් ඉසීම සඳහා බිරියගේ කරබැඳි රන් මාලය උකස් කිරීමට ඉල්ලා ගෙන ගිය ගොවියකු කටගොන්නක් බී එම කුඹුරේම හතරගාතෙන් වැටී සිටි බව කියැවෙන පුවතක් වාර්තාවේ.


 සිද්ධිය මෙසේය.


 ඔහු අඳේට ලබාගත් කුඹුරු කිහිපයක් වගා කිරීමෙන් දරු පවුල් නඩත්තු කළ පුද්ගලයෙකි.


 මත්පැනට බෙහෙවින් ලොල්වූ පුද්ගලයකු වූ හෙතෙම ගොවිතැනින් මෙන්ම කුලී වැඩ කිරීමෙන් උපයාගත් මුදලින් වැඩි කොටසක් වැයකළේ මත්පැන් සඳහාය. 


 සැමියාගේ හැටි දන්නා ඔහුගේ බිරිය කුලී වැඩ කිරීමෙන් හා පන් කර්මාන්තය කිරීමෙන් උපයාගත් මුදලින් රන් මාලයක් මිලදී ගත්තේ හදිසියක දී හෝ පවුලේ කරදරේකදී හෝ එය උපකාර වනු ඇතැයි සිතීම නිසාය.
 බිරියගේ කරබැඳි මාලය දෙස ඇස ගසා ගෙන සිටි ඔහු එය උකස් කිරීමට මාන බලමින් සිටියේ කලෙක සිටය.


 පසුගිය දිනෙක සත පහක් අතේ නැතුව සිටි ඔහුට අපූරු අදහසක් හිසට නැගුණේය.


“කුඹූර කිරි වදින්නත් ළඟයි. ගොයමට සේනා දළඹු වසංගතය ඇවිල්ලා. කුඹුරට බෙහෙත් ටිකක් ගැහුවෙ නැත්තම් කුඹුරම විනාසයි.” ඔහු සිය බිරියට සේනා දළඹුවා ගැන මෙන්ම රෝගය ගැන ද දිගු විස්තරයක් කළේය.


 සැමියාගේ ගැටයට හසුවූ බිරිය “එහෙනම් මොනවා කරන්නද මේ මාලයවත් උකස් කරලා බෙහෙත් ටිකක් ගහන්න” කියමින් කරබැඳි රන් මාලය ඔහුගේ අත තැබුවේ සේනා දළඹුවාගෙන් කුඹුර බේරා ගන්නටය.


හවස් වන තුරුත් සැමියා ගෙදර නාවේ මන්දැයි සොයා බලද්දී හොඳ වර්ගයේ අරක්කු බෝතලයක්ද තුරුලු_ කරගෙන ඔහු කුඹුරේම ලියද්දක් මත වැතිර සිටිනු දුටු බිරිය “අනේ මගේ මාලය” යැයි කියමින් විලාප දුන්නේය. 


බිරියගේ විලාපය ඇසී එහි පැමිණි අවට කුඹුරුවල වැඩකරමින් සිටි කීප දෙනකු එක්වී ඔහු සිය නිවස වෙත ඔසවාගෙන ගියේ “අනේ මෙහෙමත් එකෙක්” යැයි කියමිනි.

 



අදහස් (0)

සේනා දළඹුවා උගසට තියා බිරියගේ රන් මාලෙට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site