(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බිරිය තිරිහන් කර ලස්සන කරන්නට අතේ අන්තිම සතේ දක්වාම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමි වූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.

ආරක්ෂක අංශයක සේවය කරන තරුණයෙකු වසර විස්සකට පමණ පෙර තරුණ වියේ වූ ඇය හා පෙමින් වෙලී පවුල් දිවිය ආරම්භ කළේ දෙපක්ෂයේ ඥාතීන් ඇතුළු පිරිසකගේ විරෝධය මැදය. දරු පවුල එකා දෙන්නා ලෙස වැඩිවී සවු දෙනෙක් දක්වා ඉහළ ගියේය.
මේ අතර සැමියාගේ මව අසනීප වූවාය. දිනක් ඇගේ දුක සැප බලන්න සැමියා සේවය කරන ආරක්ෂක ඒකකයේ ඉහළ නිලධාරියෙක් නිවසටවිත් මවගේ දුක් සැප බැලූ අතර ඔහුට බිරියගෙන්ද නිසි සැලකිලි ලැබුණි. ඇය සැමියාගේ ප්‍රධානියාට ඇහෙන්ද කතා කළේය.
ආපසු යන්නට සැරසුණු ප්‍රධානියා අර ඉන්නේ ඔබේ අක්කාද කියා බිරිය පෙන්වා විමසීය. ඒ වදන් සමඟ ඔහු වික්ෂිප්ත වූයේය. කිසිත් නොදෙඩූ ඔහු ප්‍රධානියාට සමු දුන්නේය. සවසම බිරිය සමඟ ගියේ රූපලාවන්‍යාගාරයකටය. බිරිය තිරිහන් කර ලස්සන කරන්නට ඇවැසි ප්‍රතිකාර කරන්නට අවශ්‍ය කරන සියලු මුදල් අත දිග හැර වියදම් කළේය.
ඔහු රැකියාවට ගියේ බිරියට නිසි පරිදි අවශ්‍ය සේවාවන් ලබාගන්නට උපදෙස් දීමෙන් පසුවය. මසකින් ආ සැමියාට බිරියගේ තරුණ පෙනුමක් දකින්නට ලැබිණි. ඔහු සතුටු වූයේය. තව තවත් එම ප්‍රතිකාර කරන්නට අවශ්‍ය මුදල් හදල් දුන්නේය.
මාස කිහිපයක් ගතවිය. බිරිය දැන් රූමතියක්සේය. ඇය ගැන විවිධ කතා සැමියාගේ කනට ද ගියත් ඔහු ඒවා බැහැර කළේ අලුයම ලූ කෙළ පිඩක් සේය. මේ අතර මව මියගියාය. මවගේ මරණයේ කටයුතු ඉහළ අන්දමින් කරනු ලැබූයේ සැමියා තම ප්‍රධානියාගෙන් ලත් සහාය ද ඇතිවය.
හත්දොහේ දානයෙන් පසු බිරිය අතුරුදන් වූවාය. සොයා ගන්නටද නැත. නිවසේ තිබූ සියලු වටිනා දේද අරගෙන ඇය පිටවගොස් ඇති බව හෙළිවිය. සැමියා දරුවන් සමඟ නිවසේය. ඔහුට රැකියාවට යන්නට අවස්ථාවද නැත. ගෑනි ලස්සන කරන්න ගිහින් මට වෙච්ච දෙයක් ඔහු කා සමගත් කියන්නට වූයේය.
මේ අතර ආරංචියක් ලැබිණි. බිරියත් තමන්ගේ ප්‍රධානියාත් පවුල්කමින් දිවිය ගත කරන බව එයින් කියැවිණි. සොයා බලද්දී ඒ බව සනාථ විය. තවදුරටත් කළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ බිරිය කලක් තිස්සේම සැමියාගේ ප්‍රධානියා සමඟ දුරකථන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ බවක් නොදැනෙන්නට නිවෙසට ආ අවස්ථාවේ ඇය අක්කාදැයි බොරුවට ප්‍රශ්න කර ඇති බවත්ය.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සන්තකේම දන්දී බිරිය හැඩ කළ සැමියාත් ලස්සනට ඇන්දිලා
nikam Thursday, 27 June 2019 05:24 AM
ඔහොම දේවල් ඔය ඕනතරම් ආරංචි වෙන්නේ මේකත් තව එකක්