IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


’සැන්ටිපෝට්’ ට රැවටී හැංගු තෙල් බූලිය වතුර වෙලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
දිනපතා පෝලිමේ ගොස් ත්‍රිරෝද රථයට ලබා ගන්නා පැට්‍රල් ප්‍රමාණය කෑන් එකකට එකතු කර නිවසේ සඟවා තිබිය දී ඩෙංගු පරීක්ෂාවට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට බියවී පැට්‍රල් බූලිය ලඳු කැලෑවක සැඟ වූ පුද්ගලයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.


වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් හිමි යුවළක් සිටි අතර ඔවුන් දෙදෙනා දිනපතාම ඉන්ධන පෝලිමේ සිටියහ. වෑන් රථයට ඩීසල් සහ ත්‍රිරෝද රථයට පෙට්‍රල් ලබා ගන්නා ඔවුන් නිවසට පැමිණ ඒවා බූලිවලට දමා පසුදා නැවත පෝලිමට යාම සිරිතක් කරගත් අතර ඉන්ධන හිඟ අවස්ථාවල දී වැඩි මිලට අලෙවි කිරීම ද හොර රහසේ කරගෙන ගියහ. හදිසි අවස්ථාවකදිවත් ඉන්දන බිඳක්වත් ණයට නොදෙන අඹු සැමි යුවළ හොරෙන් තෙල් විකුණන බවට ගම පුරාම ප්‍රසිද්ධව සිටියහ.


අඹු සැමි යුවළ කුඹුරු යායක් සමීපයේ ජීවත් වූ අතර නිවස දෙසට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව දුරදීම හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. දෙදෙනා පදිංචි නිවස ආසන්නයේ පුද්ගලයකුට මී උණ රෝගය වැළ දී තිබුණු නිසා ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට පසුගිය දිනෙක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණියහ. 


යතුරු පැදියක නැගී නිවස දෙසට එමින් සිටි නිලධාරීන් දෙදෙනා දුටු බිරිඳ දිව ගොස් පොලීසියෙන් පැමිණෙන බව සැමියාට සැලකළාය. සැමියා නිවස තුළ තිබු තෙල් බූලිය ද රැගෙන ගොස් නිවස පිටුපස ඇති ලඳු කැලැවේ සැඟ වූයේය. එම අවස්ථාවේ දුරකථන ඇමතුමක් ලැබුණු නිසා යතුරු පැදිය අඹු සැමි යුවළගේ නිවස ඉදිරිපිට නතර කර දුරකතනයට ප්‍රතිචාර දැක්වූහ.


තෙල් බූලිය ලදු කැලැවේ සඟවා සැමියා නිවසට පැමිණි අතර නිලධාරින් දෙදෙනා අසල්වැසි නිවසට යන අයුරු දෙදෙනා  බලා සිටියහ. මේ අතර කුඹුරට ගොස් පැමිණෙමින් සිටි තරුණයකු තෙල් බූලිය දැක ඇති අතර ඔහු මිතුරන් දෙදෙනකුට කතාකර ඒ බව පැවසීමෙන් පසු කෑන් එකක් රැගෙන විත් බූලියේ තිබු පැට්‍රල් එයට දමා බූලියට වතුර පුරවා තබා පැට්‍රල් ද රැගෙන ඔවුහු පිටව ගියහ.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිටව ගිය පසු ලඳු කැලෑවට දිව ගිය සැමියා තෙල් බූලිය රැගෙවිත් නිවසේ සැඟ වූයේය. පැට්‍රල් බෝතලයක් රැගෙන යාමට පුද්ගලයකු එදින රාත්‍රියේ පැමිණි අතර බුලියේ තිබු තෙල් වලින් බෝතලයක් ඔහුට ලබාදෙනු ලැබීය. තෙල් බෝතලය රැගෙන ගිය පුද්ගලයා එය යතුරු පැදියට දමා පණගැන්වීමට උත්සාහ කළ ද එය නිෂ්පල විය. තෙල් ටැංකිය පරීක්ෂා කිරීමේ දී තෙල් වෙනුවට වතුර ලබා දී ඇති බව දුටු අතර පසු දින උදෑසනම ගොස් අඹු සැමි යුවළට බැණ වැදි පොලිසියට යන බවට ඔහු තර්ජනය කළේය. බියට පත් යුවළ වැඩිපුර මුදලක් ද ඔහුට ලබාදී සිද්ධිය සමතකයකට පත්කර ගත්හ.



අදහස් (0)

’සැන්ටිපෝට්’ ට රැවටී හැංගු තෙල් බූලිය වතුර වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 698 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17867 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site