IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


සුදු නංගිට ලයින් දාලා පොකැට්ටුවත් වාෂ්ප වෙලා

සිය යතුරුපැදියේ පිටුපස සුදු නංගී නංවාගෙන ගිය සුදු අයියා කෙනකුට කවදාවත්ම අමතක නොවන කළු වැඩක් පිළිබඳ ගාලු‍ දිසාවේ නගරබදින් අසන්නට ලැබේ.
සුදු නංගී සිටියේ මහ පාරේය. ඒ ග්‍රාමීය පෙදෙසක බස් උප නැවතුමක් ඉදිරිපිටය. දකින කෙනෙකුට පෙණුනේ ඇය නගරයට එන බස් රථයක් අපේක්ෂාවෙන් සිටින බවකි.
ඒ අතරදී දුර තියා යතුරුපැදියකින් එන සුදු අයියා කෙනෙකු දැක සුදු නංගියා අත දැමුවාය. ඒ සමගම යතුරුපැදියේ ආ සුදු අයියා යතුරුපැදිය නතර කළේය. අනේ සුදු අයියේ බස් එකක් තවම ආවේ නැහැ පුළුවන්නම් මාත් ටවුමට දාන්න කෝ තොදොල් බසින් ඇද පැද සුදු නංගී කළ ඉල්ලීම සුදු අයියා අහක නොදැමුවේය. ඕක මොකක්ද මම ඔයා ගිහින් දාන්නම් නංගින්න කෝ සුදු නංගී කියමින් සුදු අයියා ඇයගේ ඉල්ලීම හිස් මුදුනින්ම පිළිගත්තේය.


සුදු නංගිගේ සුදු වතින් එන සුගන්දයට සුදු අයියා වශී කෘත වූවේය. දැන් දෙන්නා ආගිය කතා බහේය. සුදු නංගී උප නගරයට පැමිණ සිටියේ යම් නිෂ්පාදනයක් උඩ තියන්නය. නැතිනම් ප්‍රමෝට් කරන්නය. සුදු අයියා නම් මීට දින කිහිපයකට උඩදී  ඊශ්‍රායලේ සිට පැමිණ සිටියෙකි. යන්නේ නිවසට ඉදිකිරීමක් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීමටය.
ගමනාන්තයට කිට්ටු වන්න කිට්ටුවන්න සුදු නංගිත් සුදු අයියත් දැන් දැන් කිට්ටුය. සුදු නංගි ගියේ සුදු අයියගේ කරේය. එක අතක් උරේය. ඒ වම් අතය. අනෙක් අත කොහේදැයි සොයා බැලීමට සුදු අයියාට උවමනාවක් නොතිබුණේය. සුදු අයියා හදිසියේම දෙයියෝ දුන් මේ වාසනාවට වශීවී සිටියේ දෙයියන්ට පින් දෙමිනි.
සුදු නංගී සුදු අයියට කිටිකිටියේ සිරවී සිටියාය. සුදු අයියාගේ හදවත ද ඇගේ ගැහෙන හදවතේ සිරවිය. දැන් මේ සුදු අයියත් සුදු නංගිත් ප්‍රධාන බස් පොළ ඉදිරිපිටය. සුදු අයියාගේ දෙවුරෙන්ම අල්ලා සුදු නංගී යතුරුපැදියෙන් බැස්සේ හුවමාරුකරගත් ජංගම දුරකතන අංක ඔස්සේ ළඟදීම නිදහස් තැනක දී හමුවෙන බලාපොරොත්තු ඇතුවය. සුදු අයියේ ටටා බායි කියමින් සුදු නංගී ගාල්ලට යන බස් රථයකට හනි හනිකට නැග්ගාය. ඇය බස් රථයට නගින තෙක්ම සුදු අයියා බලා සිටියේය. දෙන්නට දෙන්නා දෙඅත් ගැලවී යන තරමටම බසය නොපෙනී යනතුරුම දෙඅත් වැනූහ.
  සුදු නංගී දුන් ජංගම දුරකතනයට සුදු අයියා ඇමතුමක් ලබා දුන්නේ පරිස්සමින් යන්න කියන්නය. ඒ දුරකතන අංකය ක්‍රියාත්මක නැත. සුදු අයියා සිතුවේ ඇය එය අක්‍රිය කරන්න ඇතැයි සිතාය. ඒ සමගම තමන් ආ කාරණය සුදු අයියාට මතකයට ආවේය. ඒ සමගම ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලකට ගොඩවූවේය. අවශ්‍ය  ද්‍රව්‍ය ඇණවුම් කළේය. වෙළෙඳ සලෙන් බිල් පතක්ද නිකුත් කෙරිණ. බිලේ වූ මුදල ගෙවීමට සුදු අයියා සිය කලිසම් සාක්කුවට  අත යැව්වේය. ඒ මුදල් පසුම්බිය ඇදීමටය. දෙයියනේ තමාගේ මුදල් පසුම්බිය එහි නොවීය. සුදු නංගියා මාත් එක්ක හිනැහී ගොස් ඇත්තේ මුදල් පසුම්බිය සුද්ද කරගෙන බව සුදු අයියාට සිහියට ආවේ දෙයියන් දුන් සුදු නංගී පිළිබඳව එතෙක් දකිමින් සිටි සුදු පාට සිහින බොඳ කරමින්ලු‍.

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

සුදු නංගිට ලයින් දාලා පොකැට්ටුවත් වාෂ්ප වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 411 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 857 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site