පොලිසියෙන් සූදුපොළ වටලද්දී පළා ගිය සූදුකරුවකු තමා දිනා සිටි රුපියල් ලක්ෂ තුන හමාර පඳුරක් යට සඟවා පසුව පඳුර අමතක වීමෙන් අලි අමාරුවක වැටීමේ සිද්ධියක් ඇහැටුවැව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබෙයි.

ඇහැටුවැව ප්‍රදේශයේ ගමක පවත්වාගෙන යන සූදු පොළක සූදු කෙළින්න මේ පුද්ගලයා ද ගොස් තිබේ. ඒ තම හිතවතෙකුගෙන් රුපියල් 50000 ක මුදලක් ද අතමාරුවට ඉල්ලා ගෙනය. එදින සූදු පොළේ විශාල ලෙස මුදල් සංසරණය වී තිබේ.
මේ පුද්ගලයාට එය ජයග්‍රාහී රාත්‍රියක් විය. තබන තබන ඔට්ටුව ඔහුට ජය ගෙනෙන්නට විය. ඒ වන විට ඔහු රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් දිනා තිබුණි.
සූදු පොළට පොලිසිය කඩා පැන ඇත්තේ එවැනි අවස්ථාවකය. සූදු කරුවෝ සී සී කඩ පැන දිවූහ. ඔහු ද එලෙස පැන ගොස් දිනා සිටි මුදල් කුඩා වන ලැහැබක පඳුරක් යට සඟවා ඇත්තේ පොලිසියට කොටු වුවත්, මුදල් ඉතිරිවේ යන අදහසිනි. මුදල් සඟවා ඔහු ලැහැබේ ඇතුළට ගොස් සැඟවී ඇත.
පොලිසිය පිටව ගොස් ඇති බව දැන ගත් ඔහු කැලෑවෙන් එළියට පැමිණ මුදල් සඟවා තැබූ පඳුර සොයන්නට විය. පැය ගණනක් සෙව්වද පඳුර සොයා ගැනීමට ඔහුට නොහැකි වී තිබේ. තරමක් මත්පැනින් පදම්ව සිටි බැවින් අමතක වන්නට ඇතැයි සිතා ඔහු නිවසට ගොස් තිබේ.
පසු දින උදේ ද පැමිණ මුදල් සැඟවූ පඳුර සෙව්වද ඒ උත්සාහයද අසාර්ථක විය. ඔහු පේන කියන අයෙකුගේ සහාය පැතීමට ගොස් ඇත්තේ තවත් මුදල් ප්‍රමාණයක් ද වියදම් කරමිනි.
පේනකරු අඳුනෙන් මුදල් සැඟ වූ පඳුර සොයා ගත්තේය. දෙදෙනාම ඒ ස්ථානය සොයා ගියහ. එහෙත් පඳුර මිස සූදුවේ දිනුම සොයා ගැනීමට ඔහුට නොහැකි විය.
ගල්ගමුව නිහාල් ජයවීර
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සූදුවේ ‘දිනුම’ හොයාගන්න අංජනමක් ඇරලා