IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සාදයේදී ‘බයිට්’ වෙනුවට බුලත් හපය ඉල්ලන් කාලා

සිංහල අවුරුදු සමයේ විධායක ශ්‍රේණියේ රැුකියාවක් කරන තරුණයන් කිහිප දෙනෙකුගේ මත්පැන් සාදයකදී එක් තරුණයෙක් හපමින් සිටි බුලත් විටක් තවත් තරුණයකුට කටගැස්ම කියා දුන් පුවතක් අලව්ව ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම තරුණයක් පිරිසේ එක් තරුණයකුගේ නිවසේ ගරාජයේ මත්පැන් සාදයකි. කටගැස්ම සඳහා මුලින්ම කොත්තු රොටී සහ චිකන් ඩෙවල් ආවේය. තමුන් මෙම පිරිසේ බොහෝදෙනා මත්පැන්වලට වඩා කටගැස්මට ලොල් වූවෝය. අවසානයේදී මත්පැන් ඉතිරිවී ඇති අතර කටගැස්ම නොමැති විය. ඉන්පසු මෙම පිරිස අසල පිහිටි කඩයකින් උම්බලකඩ සම්බෝල පැකට් කිහිපයක් ගෙන ආහ. ඒවාද වහා අවසන් විය. මේ අතර එක් තරුණයකු මත්පැන් බීම අවසන් කර තිබුණේ ඔහු පදමට ගසා තුබූ නිසාය.

නමුත් නිවෙසට යන විට තමා ළඟින් මත්පැන් ගඳ ඒවියැයි සිතා ඔහු බුලත් විටක් හපන්නට විය. සෙස්සෝ දිගටම බෝතල හිස් කරන්නට වූහ.

මේ අතර එක් තරුණයකු මත්පැන් බීම අවසන් කළ තරුණයාගෙන් ‘‘බයිට් නැද්ද මචං’’ කියා ඇසීය  මත්පැන් බීම අවසන් කළ ‘‘ආ තියෙනවා මචං ෆිට් එකනේ අතටම දෙන්නම් කො’’ කියා අනෙක් තරුණයාට නොපෙනෙන ලෙස හපමින් සිටි බුලත් හපය ගෙන ඔහුගේ අතේ තැබීය. ඔහුද එය සැණින් කටට ඔබාගෙන ඇත්තේ ඔහුගේ පදම ද ඉක්මවා ගොස් තිබූ නිසාය. පසුදා සන්ධ්‍යාවේ වෙරි මතටවත් වමනේ නොගිය තරුණයාට වමනේ යන්නට විය. වෛද්‍යවරයකුගේ ප‍්‍රතිකාර ද ගත්තේය. ඔහුට පටබැඳී ඇත්තේ වඳවී යන මාළුවකුගේ නමක්ය.
 



අදහස් (0)

සාදයේදී ‘බයිට්’ වෙනුවට බුලත් හපය ඉල්ලන් කාලා

කෝසල Saturday, 10 May 2014 06:19 AM

ඔය වෙලාවට සිහියක් කියලා එකක් තියෙන එකක්යෑ? (නි)

:       0       0

මධුෂානි හෙවදේව Saturday, 10 May 2014 08:24 AM

මිනිස්සුට බිවුවහම කිසිම සිහියක් නැහැනේ. ඒක තමා ඔක්කොටම මුල (නි)

:       0       0

ගයාන් Friday, 09 May 2014 04:57 PM

බුලත් හපයද? (ස)

:       0       0

ගන්දර සයිමොන් Saturday, 10 May 2014 12:35 AM

සමහරුන්ට බිලා ඉන්න වෙලාවට බයිට් එකට බලු කෑමත් දීල කාල තියෙනවා , මම මගේම ඇස් දෙකින් දුටුවා වරක් . මමත් කන්න ගොස් යන්තම් බේරුනා . (දී)

:       0       0

කලීල් Sunday, 11 May 2014 04:23 PM

මෙහෙම බලද්දී අසූචිත් කයි වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site