IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සාදයේදී පසුම්බිවලින් මුදල් ඇද්ද හොරා දන්තාලේපයෙන් මාට්ටු

බුලත්සිංහල ලක්මි කුඩලිගම
කාර්යාලයක සේවය කළ සේවකයෙක් අලුත් කාර් රථයක් මිලදී ගත් සතුට සමරන්නට සිය කාර්යාල මිතුරන්ට සූදානම් කළ සාදයට ආ පිරිසගේ මුදල් පසුම්බිවලට විද්ද හොරා දන්තාලේපයෙන් අල්ලාගත් පුවතක් බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.


කාර් රථය මිලදී ගත් සතුටට සාදය පැවැත්වුණි. විසිපහක තිහක විතර පිරිසකගෙන් අලුත් කාර් රථය මිලදී ගත් මිතුරාගේ නිවස එදින හැන්දෑවේ පිරී ඉතිරිණි. ගෙමිදුලේ ගිනි මැලයක්ද සූදානම් කළ මිතුරු පිරිස එය වටා ආසන කීපයක් තබා සිය මිතුරාගේ සාදය හොඳ හැටි බුක්ති වින්දහ. පිරිසක් ගීත ගායනා කරන අතර තව පිරිසක් ගිනි මැලය වටා කැරකී විවිධ නර්තනයේ යෙදුණි.


මෙසේ පැය කීපයක් ගතවිණි. නර්තනයේ යෙදෙමින් සිටි එක් මිතුරෙක් පය පැටලී ගිනි මැලය දෙසට ඇද වැටුණු අතර වහා මිතුරු පිරිස විසින් ඔහු අල්ලා ගිනි මැලයෙන් ඉවතට ඇද ගත්තත් ඔහුගේ දකුණු අතෙහි ඇඟිලි පහේම උඩ කොටස්වලට ගිනි රස්නය වැදි තිබිණි. මේකට නම් අත් බෙහෙතක් කළ යුතුම යැයි යෝජනා කළ එක් මිතුරෙක් වහා දිව ගොස් දත් මැදීමට යොදාගන්නා බෙහෙත් ටියුබයක් රැගෙන විත් මිතුරාගේ ඇඟිලි මත තැවරීය. පසුව පැය කීපයකට සීමා වූ සාදය අවසන් වුණේ පිරිසක් තැන් තැන්වල වැටි නින්දට ගොස් තවත් පිරිසක් සිය නිවෙස් කරා පිටවීමෙන් පසුවය. නින්දට වැටුණු පිරිස ද එළිය වැටෙන්නට පෙර නිවෙස්වලට ගොස් තිබිණි. 


එදින දිවා කාලයේ කාර් රථය හිමි මිතුරාට දුරකථන ඇමතුම් කීපයක් ලැබුණේ සාදයට සහභාගී වූ තම මිතුරන්ගේ මුදල් පසුම්බිවලින් මුදල් අඩුවී ඇති බවත් ඒ සියලුම මුදල් පසුම්බි ඇතුලේ දන්තාලේප තැවරී ඇති බවත්ය. ඒ අනුව පරීක්ෂා කිරීමේ දී දැක ගැනීමට ලැබුණේ තම මුදල් පසුම්බියෙන් ද සෑහෙන මුදලක් අඩුවී ඇති බවයි. 


එහිද දන්තා ලේප තැවරී ඇති අයුරු දැකීමෙන් කාර් මිතුරාට කාරණය වැටහි යකා නැංගේය. වහා ක්‍රියාත්මක වූ ඔහු සිය රථයෙන් අනතුරට පත් මිතුරා සොයා ගියේය. මට ඇත්ත කියපන් උඹ අපේ පර්ස්වලින් සල්ලි ගත්තා නේද? යැයි ඇසීය. ‘‘පිස්සුද බං මම උඹලට එහෙම කරනවාද? ඔහු එසේ කීය. එහෙනම් කොහොමද යකෝ ඒ හැම පර්ස් එහෙකම දන්තා ලේප ගෑවුණේ. උඹ තමයි හොරා ඇත්ත කීවේ නැත්නම් යාලුවා කියල බලන්නේ නැහැ, මම පොලිසි යනවා’’ කීය. බියවූ  මිතුරා පොලිසි නම් යන්න  එපා, ‘‘මම ඇත්ත කියන්නම් ගත්ත සල්ලිත් ආපසු දෙන්නම්’’ කියා සියල්ල වැමෑරීය. ‘‘උඹල වගේ යාලුවෝ ආශ්‍රය කරනවාට අපට කසේකින් ගහන්න ඕනා’’ කියු කාර් මිතුරා කේන්තියෙන් යන්න ගිය අතර පසුදින කාර්යාලය පුරා මේ සිද්ධිය පැතිරිණි. 


ඒ අනුව සොරකම් කළ මිතුරාට සිය කාර්යාලයේ දන්තාලේපයා යනුවෙන් නමක් පට බැඳුන අතර එය ඉවසා දරා ගත නොහැකිවූ ඔහු වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවක් රැගෙන ගිය බව ද වාර්තාවේ.

 



අදහස් (1)

සාදයේදී පසුම්බිවලින් මුදල් ඇද්ද හොරා දන්තාලේපයෙන් මාට්ටු

pakeer Wednesday, 23 November 2022 11:52 AM

සුපිරි හොරුන් තමයි... පසුම්බිය තියෙද්දිම සල්ලි විතරක් ඇදලා... දේශපාලකයෙක්ද දන්නේ නැහැ..

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site