සාදයක් අතරතුර දී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් සමථයකට පත් කිරීම සඳහා ඉදිරිපත් වූ අයෙකුගේ ඇඟිල්ලක් ගැටුමට මැදි වූ පාර්ශ්වයේ තරුණයකු විසින් සපා කෑම හේතුවෙන් ගැටුමට මුල් වූ දෙදෙනා සාදයේ සුව විඳිද්දී එය සමථයකට පත්කළ තරුණයාට රෝහල්ගත වී ප්‍රතිකාර ගන්නට සිදු වූ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔවුහු එකම ගම් ප්‍රදේශයක මිතුරෝය. ඒකාකාරී ජීවිතයෙන් මිදීම අපේක්ෂා කළ පිරිස සියල්ලන්ගේම දායකත්වය ඇතුව සාදයක් සංවිධානය කළේ ඊට අවශ්‍ය සියලුම අඩුම කුඩුම ආදිය ද රැසකර ගනිමිනි.
ආහාරපාන වලින් මෙන්ම ඇඟ රත්වන දේවල් වලින් ද අඩුවක් නොවූ සාදය මැදියම් රැය ආසන්න වෙද්දීම ගලා ගියේ සියල්ලෝම ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින්ය.
මැදියම් රැය ආසන්න වෙද්දී සාදයට පැමිණි මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ සුළු කතාබහක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූයේ එහි සිටි සෙසු පිරිසගේද අවධානය ඊට යොමු කරවමිනි.
ගැටුම දුරදිග යා නොදී සමථයකට පත් කිරීමට ඉදිරිපත් වූ පිරිසේ තරුණයකු දෑත් දෙපසට විහිදුවා එය සමථයකට පත් කිරීමට දැඩි උත්සාහයක නිරත වූයේ සාදයේ සිටි සෙසු පිරිසගේ ද සහාය ලබා ගනිමිනි.
බමණ මතින් යුතුව දෑත් දෙපයට විදා හල තරුණයාගේ එක් අතක ඇඟිලි කීපයක්ම ගැටුමේ එක් පාර්ශ්වකරුවකුගේ මුව තුළට රිංගා ගියේ ඔහුටත් නොදැනීමය.
අධික ලෙස සප්පායම්ව දැඩි කෝපයට පත්ව සිටි තරුණයා තම මුව තුළට ඇතුළු වූ ඇඟිලි කීපය එක්වරම සපා කෑවේ එය තම ප්‍රතිවිරුද්ධකරුගෙන් එල්ල වූ පහරක් වන්නට ඇතැයි සිතමිනි.
මරහඬ තලමින් අත ඉවතට ගත් සමථකරුට දැකගන්නට ලැබුණේ තම අතේ ඇඟිලි කීපයකින් ලේ ගලන ආකාරයයි. සාදය අතරමග හමාර කළ පිරිසේ කීපදෙනෙක් මහ රෑම තුවාලකරු රැගෙන රෝහලට ගෙන ගියහ.
සිද්ධියත් සමගම බොහෝ දෙනෙකුගේ වෙරිමත සිඳී ගිය අතර දෙපසට බෙදී ගුටි ඇනගත් දෙදෙනා ද යළිත් මධුවිත පුරමින් සාදයේ ඉතිරි කොටස පවත්වාගෙන ගියේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි.
වියලුව වාර්තාකරු
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සාදයේදී අතක් කටේ රිංගා මිතුරා රෝහලේ