IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සාදයට ඇවිත් බිරියට බැල්ම දැමූ තරුණයන් දෙදෙනාට වැඩ වරදී

හිඟු‍රානේ නවරත්න සමරතුංග 
සුහද හමුවකට  ඇරියුම්කොට කට වරද්දාගත් මිතුරන්  දෙදෙනෙකුට පොල්ලක් අරන් එළවා දැමූ පුවතක් අම්පාරේ ඈත එපිට එක් ‍හේන් යායකින් වාර්තා වේ. 


හේනක් පවත්වාගෙන යන එම ඉඩමේ පිහිටි පැලේ මැදි වියේ අඹුසැමි යුවළක් නතරවී සිටි අතර, යාබද හේනේ තරුණයෝ දෙදෙනෙක් සිය වගා කටයුතු කරගෙන ගියහ. 


යාබද ඉඩමේ කාන්තාව තරමක් හැඩකාරියකි. තරුණයින් දෙදෙනාගේ ඇල්මබැල්ම ඇයට නිතර යොමුවූ අතර එම කාන්තාවද සැමියාට ‍හො‍රෙන් ඔවුන්ට ප්‍රතිචාර දැක්වූවාය. 


මේ අතර ඇයගේ සැමියා කුරක්කන් වගාවට එන වල් හාවුන්ට මදු ගසා තිබුණ බැවින් එහි හාවකු පැටලී මැරී සිටියේය. 


ඔහු එම  හාවා මස් කරමින් සිටියදී යාබද ‍හේනේ තරුණයින්   දෙදෙනාට ඇරියුම් කොට රාත්‍රි කෑම වේලක් දීමට බිරිඳ යෝජනා කළේය. 


මෙය සුහද හමුවක් වූ අතර බිරිය කටගැස්මක් තනා තිබුණ බැවින් තරුණයන් දෙදෙනාද සවස වැඩ ඇරී කසිප්පු බෝතලයක්ද රැගෙන පැමිණ තිබේ.


කෑමට පෙර සැමියාට සහ තරුණයින් දෙදෙනාට කටගැස්ම පිළිගැන්වූ ඇය රාත්‍රි කෑම පිළියල කරමින් සිටියාය.


සුළු වෙලාවක් ගත වන්නට පෙර මධුවිත සප්පායම් වූ තරුණයෝ දෙදෙනා උන්හිටි තැන් අමතකව ගොස් දොඩමළු වෙමින් නොයෙක් දේ කියන්නට වූහ. 


මේ අතර එක් අයෙක් බිරිඳගේ ගතිගුණ වර්ණනා කරද්දී අනෙකා ජනප්‍රිය ගීතවල වචනවලට අලුතින් වචන යොදා ගායනා කළේය.


‘කොමඩු හේනේ වැඩ කෙරුවේ අපි එකට, මෝලෙ කඩේ වී කෙටුවේ අපි එකට, ඇයි මස්සි‍නේ පෙම් කලෙ අපි ‍මේ ළඳට’ යනු‍වෙන් ඔහු පුල පුලා කියන්නට වූයෙන් සැමියා තුළ සැකයක් ඇතිවිය. 


ඔහු එය ඉවසා සිටිද්දී එක් අයෙක් ‘කවුරුත් නැති වෙලාවෙ උඹ මේ පැලටත් රිංගුවා...සිද්ධ වෙච්චි ඔක්කොම මට හැංගුවා....’ යැයි හඬනගා කියන්නට වූයෙන් සැමියා බිරිය ළඟට ගොස් ‍මොනවාද අර පිස්සො දෙන්නා  කියන්නේ? යැයි ප්‍රශ්න කළේය. 


‘මංදන්නේ නෑ කාපු බීපු ‍වෙලාවට ඔය කියවනවා ඇති’ යැයි බිරිය ගානකට නොගෙන කීවාය.


ඒ සමඟම ඇතිවූ කිසියම් ආරවුලත් සමඟ ‍කෝපවූ  සැමියා  ‍පොල්ලක් අතට‍ ගෙන ‘මං ඕවට කැමති නෑ.. බැහැපල්ලා එළියට යැයි’ කියමින් තරුණයින් දෙන්නා පන්නා දැමූ බව  කියති. 


‘අපි හා මස් කෑවෙත් නෑ...අපිට ඕව කැපකුත් නෑ..’ කියමින් වෙරිවූ මිතුරන් දෙන්නා කළුවරේම තම පැලට ගොස් ඇත. 

 



අදහස් (0)

සාදයට ඇවිත් බිරියට බැල්ම දැමූ තරුණයන් දෙදෙනාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site