IMG-LOGO

සද්දෙ දාගෙන ආ වයර්ලස් පෙට්ටිය හැපී ආච්චි රෝහලේ

මෑත කාලයේ ධාවනය වන ත්‍රිරෝද රථ සහ සංගීත සංදර්ශන රථ අතර ඇති වෙනස වියපත් කාන්තාවකට හඳුනාගැනීමට අපහසුවීමේ සිදුවීමක් පසුගියා වාර්තා විය.


මහනුවරට නුදුරු ග්‍රාමීය ප්‍රදේශයකි. එහි  දුෂ්කර බව නිසාම  ප්‍රවාහන සේවා ද ඉතාම දුෂ්කර වූ ගම්මානයක් වන අතර සියලු කටයුතු ඉටුකරගැනීම සඳහා ආසන්න නගරයට යා යුතුය.


 මෙම ගම්මානයට පිවිසිය හැකි එකම පොදු ප්‍රවාහන මාර්ගය වූයේ ත්‍රීරෝද රථ සේවයයි. ගම්මානයේ තරුණයන් කිහිප දෙනෙකු ද ත්‍රීරෝද පැදවූ  අතර ත්‍රීරෝද රථ මගින් නගරයට ප්‍රවාහන කටයුතුව ඉටු කිරීමේ සේවාව ඔවුහු ඉටු කළහ.


මෙම ත්‍රීරෝද රථ නවීන ආකාරයට විසිතුරු  ලෙස සකසා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර යන එන සැමවිටම  මහ හඬින් බයිලා නන්ස්ටොප් සංගීතය වාදනය කරමින් ධාවනය කිරීම ඔවුන්ගේ සිරිතය.


 පසුගිය  දිනෙක ගම්මානයේ සිට ආසන්න නගරය වෙත ගමන් කළ වියපත් කාන්තාවක් මෙම  ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුවූ අතර සිහිසුන් වූ ඇය අසල සිටි පිරිස් එම ත්‍රී රෝද රථයේම නංවා ආසන්යේ පිහිටි ග්‍රාමීය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ගෙනයනු ලැබීය.


 ප්‍රතිකාර ලැබූ ඇය සිහිසුන්ව සිට පියවි සිහියට පැමිණි අවස්ථාවේ, වෛද්‍යවරයා කාන්තාවගෙන් සිදුවූයේ කුමක්දැයි විමසීය. එවිට කාන්තාව “අනේ මහත්තයෝ මොකක් වුනාද දන්නේ නෑ සද්දේ දාගෙන පාරේ ආ ලොකු වයර්ලස් පෙට්ටිය ඇඟේ හැප්පුනා එච්චරයි මතක මහත්තයෝ යයි” පැවසීය.
(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්‍ෂ)



අදහස් (0)

සද්දෙ දාගෙන ආ වයර්ලස් පෙට්ටිය හැපී ආච්චි රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site