IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සත්ව කරුණාව ආපස්සට කැරකිලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



පත්තෑයාට අභය දානය දීමට යෙදූ උපක්‍රමයෙන් දින ගණනාවක්ම වේදනාවෙන් කල් ගෙවන්න වූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
හොඳ උපාසකයෙකි. හතර පෝයටම සිල් ගනියි. කාටවත් කරදරයක් හිරිහැරයක් නැති කෙනෙකි. එදා නිවසට ආවේ ලොකු පත්තෑයෙකි. දරුවන් සතා මරන්න හැදුවත් ඔහුට සත්ව කරුණාව මතු වූවේය. එනිසා පත්තෑයා අල්ලා කැලයට දැමීමට ඔහු අපූරු උපක්‍රමයක් කල්පනා කළේය. ඔහුට අදහසක් පහළ විය.


ඒ එක්කම ඔහු සිය නිවසේ ආයුධ පෙට්ටියේ තිබූ කටර් අඬුවක් ගෙන ආවේය. පත්තෑයා සිටි තැනට ගියේ ය. තමා අත තිබූ කටර් අඬුවෙන් පත්තෑයාගේ එක් පැත්තකින් අල්ලා ඉහළට ඔසවාගෙන ආවේ කැලෑවට දැමීමට ය. ඒ සමගම ඔහුට බුදු අම්මෝ කියවිණ. අත තිබූ කටර් අඬුවද තද වී ගියේ ඉබේටම ය. චප්ප වූ පත්තෑයා මැරී බිමට වැටුණේ ය.
ඔහුගේ අත වේදනාව දිදී බලා ඉන්දෙද්දීම ඉදිමී අවේය. වේදනාව ඉවසුම් නොදුන්නේ ය. වහාම ඔහු දිවගියේ ගමේ විෂ වෙද මහතා වෙතය. ඒ ගිය ගමන් වෙද මහතා සිදුවූ දෙය ඔහුගෙන් ඇසුවේ ය. ඔහු කටර් අඩුවෙන් අල්ලා තිබුණේ පැත්තෑයාගේ පස්ස පැත්තෙනි. කටර් අඬුවට තදවී වේදනාව විඳි පත්තෑයා දිග ඇඳී අනෙක් පැත්තේ ඇති දළවලින් ඔහුට දෂ්ට කර ඇති බව විෂ වෙද මහතා කී විට ඔහුට තමා කළ අනුවනකම මතකයට ආවාලු‍.



අදහස් (0)

සත්ව කරුණාව ආපස්සට කැරකිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 96 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site