IMG-LOGO

සතුන් බලන්න වැසිකිළි ගිහින් අලි ජංජාලයක්

(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
සංචාරක ආකර්ෂණය ඇති ස්ථානයක් බැලීමට ආ කණ්ඩායමක සිටි අයකුට තමන් පැළඳ සිටි අව්කණ්ණාඩියක් නිසා සිදුවූ අකරතැබ්බයක් පසුගියදා පින්නවල ප්‍රදේශයෙන් වාර්තා විය.   
 
එම පිරිස බොහෝ ස්ථාන නරඹා දැඩි අව් රශ්මියත් නිසාම වෙහෙසට පත්ව සිටින අතරතුර එහි සිටි අයෙක් තම ශාරීරික අවශ්‍යතාවක් ඇතිවීම හේතුවෙන් එම ස්ථානයේ තිබූ ගොඩනැගිල්ලක් පෙන්වා අපි අරකත් බලලා එමු යයි පවසා ඇත.
 
මෙහිදී අව්කණ්ණාඩිය දමා සිටි පුද්ගලයාද ඒ දෙස බලා යමු යමු එතනත් බලන්න දේවල් ගොඩක් ඇති නේද පවසා හැමෝටම කලින් ගොස්  ඉදිරියට යමින් සිටින අතරතුර කෝ එතන මොන සතෙක්වත් නෑනේ බලන්න දේකුත් නෑනේ යැයි උස් හඬින් පවසා තිබේ. ඒත් සමග කණ්ඩාමේ සිටි අනෙක් පිරිස එම පුද්ගලයා දෙස බලා අපි සත්තු බලන්න නෙමෙයි යමු කීවේ වැසිකිළියට. ඔයා අව්කණ්ණාඩිය දමාගෙන සිටි නිසා වැසිකිළි ලාංජනය දැකලා නෑ යනුවෙන් පැවසීමත් සමග අව්කණ්ණාඩිය දමාගෙන සිටි පුද්ගලයා ඉක්මනින්ම කණ්ණාඩි දෙක බෑගයට දමාගත්තලු.



අදහස් (0)

සතුන් බලන්න වැසිකිළි ගිහින් අලි ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site