IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශාන්තියට ආ කපුරාළ බඩු මුට්ටු බිල්ලට අරගෙන

දේවාලයක කපුවකු ලෙස පෙනීසිටිමින් අසනීපව සිටි විශ්‍රාමික යුවළකට විවිධ යාතිකා ශාන්තිකර්ම සිදුකර නිවසේ තිබූ වටිනා භාණ්ඩ සහ උපකරණ රැගෙන ගොස් ඇති අපූරු ආවතේවකරුවකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.


විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ශාන්තිකර්ම සිදුකිරීම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු කිරීම සහ වාස්තුවිද්‍යාව සිදුකරන බව පවසමින් නිතරම සිය දක්ෂතාව පිළිබඳව පම්පෝරි ගැසීම පුරුද්දක් ලෙස සිදුකරමින් බලිතොවිල් සිදුකිරීම ජීවිකාව කරගත් පුද්ගලයෙක් සිටියේය. කුමන හෝ නිවසකට ගිය පසු එම නිවසේ හෝ පිහිටි භූමියේ කුමන හෝ දෝෂයක් දැකීම ඔහුගේ සිරිතක් කරගෙන තිබුණි.


එම දෝෂය පිළිබඳව භයානක අන්දමින් නිවැසියන් දැනුම්වත් කර කෙසේ හෝ ශාන්තිකර්මයක් සූදානම්කර ගැනීමේ අපූරු හැකියාවක් මොහු සතුවිය.


දැහැමින් සෙමෙන් මනා දිවිපෙවතක් ගතකළ විශ්‍රාමික යුවළක් නගරයේ විසූහ. ඔවුන්ගේ දරුමල්ලෝ අග නගරයේ සහ විදේශ රටවල ජීවත් වූහ.


පසුගිය කාලයේ විශ්‍රාමික සැමියා රෝගාතුර වූ අතර ඒ බව දරුවන් සහ හිතවතුන් දැනුම්වත් කිරීමට බිරිඳ කටයුතු කළාය. විශ්‍රාමිකයාගේ අසනීප තත්ත්වය පිළිබඳව හිතවතුන් මාර්ගයෙන් කපුවාටද ආරංචිය.


දෙවරක් නොසිතා එම නිවසට ගිය ඔහු බොරු අනුකම්පාවක් පෙන්වා තෙල් සාත්තු කිරීම් ආදී විවිධ ශාන්තිකර්ම සිදුකළේය. රෝගියාට සාත්තු සප්පායම් කිරීමටද ඉදිරිපත් වූයේය.


එලෙස සිදුකරමින් මහලු යුවළ රවටමින් නිවසේ තිබූ විවිධ වටිනා උපකරණ ඉල්ලාගෙන යාම ඔහු පුරුද්දක් කර ගත්තේය.
සැමියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රෝහල් ගතකළ අතර එහිදී ද කපුවා රෝගියාගේ තනියට සිටියේය. රෝගියා හදිසියේ මිය ගිය අතර දරුමල්ලෝ පැමිණ අවසන් කටයුතු සිදුකළහ.


මළගෙරින් පසු නිවස පිරිසිදු කිරීම සිදුකරන අවස්ථාවේ නිවසේ තිබූ තාත්තාගේ වටිනා විවිධ උපකරණ නොමැති බව දරුවන්ගේ ඇස ගැටිණි.


මවගෙන් ඒ පිළිබඳව විමසීමේදී කපුමහතාගේ තොරතුරු මව දරුවන්ට පැවසුවාය.


පියා නොමැතිව උපකරණ අපට කුමටදැයි දරුවන් සිත් නිවාගත් අතර ඔවුහු ඒ බව හිතවතුන් කිහිප දෙනකුටද පැවසූහ.


කතාව හිතමිතුරන් අතර පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය. ප්‍රදේශය පුරා කතාව පැතිර යාමත් සමග කපුවා දරුමල්ලන් සමග බිරිඳගේ ගමේ ගොස් ඇති බව පැවසේ.

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (0)

ශාන්තියට ආ කපුරාළ බඩු මුට්ටු බිල්ලට අරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site