IMG-LOGO

ශත පනස් හතක් අයකරගන්න රු135 ක් වැයකර ලිපි යවලා

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන) 
සංවර්ධනයට සම්බන්ධ රාජ්‍ය බැංකුවක් ශත පනස් හතක ණය මුදලක් අයකර ගැනීම සඳහා රුපියල් එකසිය තිස්පහක් වැය කර ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමේ අපූර්ව සිද්ධියක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. 


2015 වර්ෂයේ දී ලබා ගත් රුපියල් ලක්ෂයක ණය මුදලක් වෙනුවෙන් 2019 අප්‍රේල් මාසය වනවිට ගෙවිය යුතු හිඟ මුදල වහාම ගෙවන ලෙස එම බැංකු ශාඛාවේ කළමනාකරුගේ අත්සනින් යුතුව ගනුදෙනුකරු හා ඇපකරුවන් දෙදෙනාට මෙලෙස ලියාපදිංචි තැපෑලෙන් ලිපි යවා ඇති බැව් පැවසේ. 



අදහස් (6)

ශත පනස් හතක් අයකරගන්න රු135 ක් වැයකර ලිපි යවලා

Perakum Tuesday, 07 May 2019 06:15 AM

2015 වර්ෂයේ දී ලබා ගත් රුපියල් ලක්ෂයක ණය මුදලක් වෙනුවෙන් 2019 අප්‍රේල් මාසය වනවිට ගෙවිය යුතු හිඟ මුදල සත 57ක් වෙන්නේ කොහොමද?

:       66       5

himal Tuesday, 07 May 2019 06:23 AM

මේක විහිළුවක් වගේ පෙනුනාට බැංකු පද්ධතියේදි මේක කරන්න වෙනවා. මොකද ණය මුදලක සතයක් හරි නොගෙවා තිබුනොත් එක අක්‍රීය ණය ලෙස ගණනය වෙනවා. එක්කො බොල් ණය ලෙස කපා හරින්න වෙනවා. ඇතැම්විට ඒ සත ගණන වෙනත් විශාල ගනුදෙනුවක සුළු කොටසක් පමණක් විය හැකියි.

:       0       9

nandanaTuesday, 07 May 2019 09:37 AM

ශත පනස් හත බොල් ණය ලෙස කපා හැරියා නම් බැංකුවට අලාභය .57 යි. නමුත්, දැන් අලාභය රු135 යි. මේ ආයතන කළමනා කරන්නන් සිටින්නේ නිදාගෙනද?

:       71       29

himalTuesday, 07 May 2019 03:47 PM

ඔබ එසේ නම් ලංකාවේ ඕනම බහුජාතික බැංකුවකින් ක්‍රෙඩ්ට් කාඩ් පතක් ගෙන එහි සත ගණනක් ඉතිරි වෙන්න ණය පියවා බලන්න මොකද වෙන්නේ කියලා. ශේෂය සත ගාණද කීයද වැඩක් නෑ, එය අය කර ගැනීමට අදාළ බැංකු කළමනාකරු කටයුතු කළ යුතුයි. මෙතන නොකියන්නේ ඒ පිරිවැයත් ණයකරුගෙන් අය වන බව.

:       0       27

තුසිත Wednesday, 08 May 2019 08:31 PM

විකාර.. තැපැල් ගාස්තු ණයකරු ගෙන් අයකර ගන්න බැහැ . ඔන්න ඩෙට් කලෙක්ටර් කෙනෙක් එවන්න වුනා නම් ඒ වියදම් ණයකරු ගෙන් අයකරගන්න පුළුවන්.

:       0       2

sampath Monday, 13 May 2019 10:21 AM

මේවා යාවත්කාලීන විය යුතුයි...... ඉතා පොඩි ගණන්වලට නඩු දල එන්තරවාසි එවල මහන්සි වෙලා කාලයත් මුදලුත් නාස්ති කර නොගෙන ඒවා පකපා හැරීම හෝ අය කර ගැනීමට ක්‍රමවේද තිබිය යුතුයි.... අනෙක් අතට අපේ මුදල් ඔයවගේ පොඩි ගණන් තිබුනවා ඉබේම කැපිල අහෝසි වෙන..... එකෙන් කොයි තරම් අයතු ලාබයක් බැංකුවට ලැබනවාද? අපිට පොඩි ගණන් නොගෙවා ඉන්නවද ඒවා ඔය නීතියේම නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 18 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1618 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site