(සිටිනාමළුව - අනීෂා මානගේ)
සොරකම් කරන ලද වී ගෝනි වලින් වැටුණු වී වැටුණු මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සොරා හඳුනාගත් පුවතක් තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.

මාස් කන්නයේ වගා කළ වී අස්වැන්නෙන් ගබඩා කර තිබූ කිලෝග්‍රෑම් හතළිහක් බැගින් අඩංගුව තිබූ වී ගෝනි හතරක් කිසියම් අයකු විසින් රාත්‍රී කාලයේදී සොරකම් කර ඇතැයි තංගල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ තංගල්ලේ පදිංචි ගොවි මහතකුගෙනි.
සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකළ නිලධාරීන්ට වී ගෝනි සොරකම් කළ සැකකරු හඳුනාගැනීමට අපහසු වූයේ නැත. එනම් ගොවිමහතාගේ නිවෙසෙහි සිට සැකකරුගේ නිවෙස දක්වා වැටී තිබූ වී බීජ වල ගමන් මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සොරකම් කරන ලද වී ගෝනි හතරම පහසුවෙන් සොයාගත හැකිවීමය. සොරකම් කළ වී ගෝනි වල තිබූ කුඩා සිදුරකින් වී බීජ බිම පතිත වී තිබූ අතර ගොවි මහතාගේ නිවෙසෙහි සිට සැකකරුගේ නිවෙස දක්වා වූ මීටර් දෙසීයක පමණ දුරකට වී වලින් මාර්ගයක් තැනී තිබී ඇත. සැකකරුගේ නිවෙසෙහි කාමරයක් තුළ සඟවා තිබියදී සොරකම් කරන ලද වී ගෝනි හතරම පොලිස් නිලධාරීහු සොයාගත්හ.
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනුණි.
තංගල්ල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දමින්ද, පොලිස් කොස්තාපල් අමිල (87119) සහ හෙට්ටිආරච්චි (40925) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
585
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වී හොරාම ඔත්තුවක් දීගෙන ගිහින්
lanka Friday, 08 March 2019 12:36 PM
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙයි එහෙනම් ...