පෙම්වතියට විහිළු කළා යැයි තරුණයකුගේ ඇඳුම් ගලවා විසි කර දමා යට ඇඳුම පිටින් එළවා දමා ඇතැයි කියන පෙම්වතකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සම්බන්ධයෙන් සැකෙවින් මෙසේය.
23 හැවිරිදි තරුණියක ඇඟලුම් ආයතනයක රැකියාවකට දිනපතා යන්නේය. මෙම තරුණිය ගම් කිහිපයකට එහා පදිංචිව සිටින 27 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් කලක සිට පවත්වාගෙන යන්නේ දෙපාර්ශවයේ මවුපියන්ගේ ද කැමැත්ත පරිදිය.
පාඩුවේ රැකියාවට යන එන තරුණිය කෙරෙහි ගමේ තරුණයකු දින කිහිපයකට සිට ඇයට මගතොට දී බැල්ම හෙළන්නේය. දිනක් තරුණිය රැකියාව නිම කර ආපසු නිවසට පැමිණෙමින් සිටින අවස්ථාවේ දී තරුණයා තරුණිය මග රැක විමසා ඇත්තේ තමන් කැමැත්තක් දක්වන බවත් ඊට පිළිතුරක් අවශ්‍ය බවය. පසුව තරුණිය තරුණයාට කියා ඇත්තේ තමන්ට අහවල් ගමේ පෙම්වතකු සිටින බවය.
පසුව තරුණයා තරුණියට කියා ඇත්තේ ගමේ වැල වරකා ගමේ වවුලන්ට කන්න මිස පිට වවුලන්ට ඇවිල්ලා කාලා අරන් යන්න දෙන්න බැරි බව සිනාමුසු මුහුණින් පවසා ඇත.
පසුව තරුණිය තරුණයාගෙන් මිදි නිවසට ගොස් දුරකතනයෙන් සිදුවීම සම්බන්ධයෙන් පෙම්වතාට පැවසුවාය. දිගටම කරදර කළොත් තමාට කියන්න කෝ යැයි පෙම්වතා තරුණියට පැවසීය.
දින ගණනාවක් ගමේ තරුණයා තරුණිය වැඩ නිම කර නිවසට පැමිණෙන අවස්ථාවේ දී මග බලා හිද ආදරය ඉල්ලන බව යළි පෙම්වතාට දුරකතනයෙන් පැවසුවාය.
ඉකුත් දිනක තරුණියගේ පෙම්වතා යැයි කියන තරුණයා හිතවතකු සමග යතුරු පැදියකින් වැඩ ඇරී නිවසට යන මාර්ගය රැක සිටියේය. තරුණිය ද වැඩ ඇරී එන අයුරු දැක ඇති ඇගේ පෙම්වතා යන්නට ඉඩ හැර බලා සිටියේය. ගමේ තරුණයා සුපුරුදු පරිදි මග රැක තරුණියට සුපුරුදු පරිදි විහිළු කතා කියන්න පටන් ගත්තේය.
පෙම්වතා යැයි කියන තරුණයා හා මිතුරා දිව ගොස් තරුණයාගේ බෙල්ලෙන් අල්ලා පහරක් දී ඇඳ සිටි ඇඳුම් ගලවා කැළයකට විසි කර යට ඇඳුම පිටින් පන්නා දමා ඇත.
පසුව තරුණිය කෑ ගසා ඇත. කෑ ගැසීමට ගමේ පිරිසක් සිද්ධිය වූ තැනට පැමිණෙන අවස්ථාවේ දීත් තරුණයාට කර කියා ගත හැකි දෙයක් නොවු නිසා යට ඇඳුම පිටින් පොල් ඉඩමක් මැදින් දිව ගොස් ඇත.
කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විහිළු කරන්න ගිහින් යට ඇදුමෙන් දුවලා