IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විහිළුවට විහිළුවක් කර පනස්දාහක් නැති කරලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පණට පණසේ එකට කන බොන මිතුරා කළ විහිළුවකට ප්‍රති විහිළුවක් කරමින් මිතුරාට පනස්දහසක් පාඩු කොට එය විහිළුවකට ගත් අපූරු යහළුවකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 


දෙන්නා කෑවේ බිව්වේ එකටය. ගමන් බිමන් ගියේද එකටමය. සම්මත වැඩමෙන්ම අසම්මත වූ වැඩද කළේ එකටය. කොටින්ම කියතොත් මේ දෙන්නා ගසත් පොත්තත් පොත්තත් ගසත් මෙන්ය. 


එකටම සිටි මේ මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක් අනෙකාට විහිළුවක් කර සෙසු මිතුරන් සමඟ විනෝද වෙමින් සිටියේය. එදා විහිළුවට ලක්වූ මිතුරා මෙය තදින්ම සිතට ගත්තේ ලැබුණු සැනින් ඔහුට රිදෙන විහිළුවක් කොට අනෙක් අය සමඟ සිනාසීමටය. 


මිතුරන් සමඟ එදා රෑ ඔවුන් සෙට්වූයේ අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගනය ඉදිරිපිට ඇති කුඹුක් සෙවණේය. එම කුඹුක් ගහ බෝහෝ අය හඳුන්වන්නේ පච ගහ ලෙසය. එදා විහිළුවට ලක්වූ මිතුරා සිය අඹ මිතුරා පාදක කර ගනිමින් මේ සාදය පටන් ගත්තේය. මිතුරාගේ පෙරැත්ත නිසාම එදා ඔහු හොඳටම බිව්වේය. රෑ බෝවී ඇති නිසා ඔවුහු සිය නිවෙස් කරා යාමට සූදානම් වූහ. 


එදා විහිළුවට ලක්වූ මිතුරා සිය හොඳම මිතුරා යතුරුපැදියෙන් නිවෙසට යන සුපුරුදු පාරෙන් යන එක වැළැක්වූයේ එම මාර්ගයේ පොලිසිය සිටින බව කියමිනි. ඒ නිසාම ඔහු විකල්ප මාර්ගයෙන් සිය නිවෙස බලා යාමට පිටත් විය. අතිජාත මිතුරා කියූ පාරේ යාමට ඉඩ ලැබුණේ මද දුරකි. හරියටම තමා එනකම් මග බලාසිටි පොලිස් නිලධාරීන් මෙන් පාරේ සිටි පොලිස් නිලධාරීහු ඔහුට යතුරුපැදිය නතර කරන ලෙස සංඥා කළහ. බලපත නැතිව රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම යන චෝදනා දෙකම යටතේ ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. 


ටික වේලාවකට පසුව ඔහු බැලීමට අතිජාත මිතුරා ගියේය. ඒ අවස්ථාවේ මිතුරා උසාවි දමන තෙක් සිටියේ පොලිස් කූඩුවේය. කූඩුවේ සිටි මිතුරා අමතා මේ අතිජාත මිතුරා ආ දැන් සැපදැයි ඇසුවේ කටපුරා සිනහසෙමිනි. තමා මේ අමාරුවේ දැමුවේ එදා තමා කළ විහිළුවට ප්‍රති විහිළුවක් බවට කූඩුවේ සිටි ඔහුට ඒත්තු යාමට මහ වේලාවක් ගත නොවීය. 


පොලිසිය දමන චෝදනා දෙකටම එක චෝදනාවකට රුපියල් 25000 බැගින් රුපියල් 50000ක් ඔහුට ගෙවන්නට තමා සිදුකළ බව කියමින් මේ අතිජාත මිතුරා අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට පච ගහ යට සිට විනෝද වන්නේ මහ හඬිනි. 

 



අදහස් (0)

විහිළුවට විහිළුවක් කර පනස්දාහක් නැති කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site