(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
තමා සේවය කළ බස් රථයටම යටවී පාදය කැඞීගිය බව කියන කොන්දොස්තරවරයකු (5) කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මොරටුව පොලිස් රථවාහන අංශය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මොරටුව කොළඹ මාර්ගයේ ධාවනය කළ බස්රථ කොන්දොස්තරවරයෙකි. අදාළ බස් රථය පැදවූ සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මොරටුව දුම්රියපොළ ඉදිරිපිට බුදු මැදුර වටකොට ඇති වැට අසල රැඳීසිටිමින් රියැදුරන් සහ යහලූවන් සමග විහිලූ තහලූ කරමින් බුදු මැදුරේ වැටේ එල්ලී සිටි බව කියන තුවාලකරු තමා සේවය කරන බස්රථය තමා අසළින් ධාවනය වෙනු දැක නොමැති බව කියන පොලිසිය එම අවස්ථාවේ තුවාලකරුගේ පාදය බස් රථයට යටවී ඇති බව පවසයි.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි.කේ. රංජිත් ජයන්ත මහතා සහ නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විහිළුවටම හිත ගිහින් බසයට කකුල යට කරගෙන
තුෂාර Saturday, 07 March 2015 05:54 AM
මොකක්ද මේකේ විහිලුව ? (නදී)
කුමාරි Monday, 09 March 2015 04:19 AM
කවට කමින් ඇස් රතුවෙයි (නදී)
චමින්ද Monday, 09 March 2015 06:40 AM
තම සිහියේ , අසිහිය- ගෙන ඒවි විනාශය (දිල්)